විස්සයි විස්ස ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් පැවැත්වීමට නියමිත ලීග් තරඟාවලියේ නායකයින් ඉදිරිපත් කරයි.

එළැඹෙන දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සහ අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පවත්වනු ලබන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානම් වීමේ එක් පියවරක් ලෙස විස්සයි-20 ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


මෙම තරඟාවලිය නිල්, රතු, කොළ හා අළු වශයෙන් කණ්ඩයම් හතරකින් සමන්විත වන අතර කණ්ඩායම් හතර සඳහා නායකයි හතර දෙනෙකු ඉදිරිපත් කර තිබෙනවා.


මෙලෙස නම් කළ නායකයින් හතර දෙනා වන්නේ වත්මන් සීමිත පන්දුවාර වල නායකත්වයේ සිටින දසුන් ශානක, ඊට අමතරව දනන්ජය ද සිල්වා, දිනේශ් චන්දිමාල් හා අශාන් ප්‍රියංජන් වේ.


මෙම තරගාවලිය, ජාතික සහ පළමු පෙළ නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් අගෝස්තු 12 වෙනිදා ආරම්භ වීමට නියමිතව ඇත.

එංගලන්තය සංචාරය අතරතුරේදී විනය කඩ කිරීම නිසා වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් හා මාස 6ක දේශීය ක්‍රිකට් තහනමකට ලක්ව සිටින කුසල් මෙන්ඩිස්, නිරෝශන් දික්වැල්ල හා දනුශ්ක ගුණතිලක හට මෙම තරඟාවලිය ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලැබේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *