විස්සයි විස්ස ලෝක කුසලානයේ සුදුසුකම් ලබා ගැනීමේ තරඟ කාළ සටහන නිකුත් කරයි.
2021 විස්සයි විස්ස ලෝක කුසලානය ඉන්දියාවේ පැවැත්වීමට නියමිතව තිබූ අතර කොවිඩ් 19 වෛරසය හේතුවෙන් එය එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ ඔක්තෝබර් 17 වන දින ආරම්භ වීමට නියමිත අතර අවසන් මහා තරඟය නොවැම්බර් මස 14 දින පැවැත්වීමට නියමිතව ඇත.
එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ ක්‍රීඩාංගණ හතරකදී පැවැත්වෙන මෙම තරඟාවලියට සුදුසුකම් ලබා ගැනීමේ කණ්ඩායම් 8ක් සමඟින් සම්පූර්ණයෙන් කණ්ඩායම් 20ක් ඇතුළත්.
මෙවර ශ්‍රී ලංකාවට සුදුසුකම් ලබා ගැනීමේ වටය ක්‍රීඩා කළ සුපිරි කණ්ඩායම් 12 ඇතුළට එක් වීමට සිදුවී ඇති අතර සුදුසුකම් ලබාගැනීමේ වටයේදී ශ්‍රී ලංකාව අයර්ලන්තය, නෙදර්ලන්තය හා නැම්බියාව සමඟ තරඟ වැඳීමට නියමිතයි.
ඒ අනුව මෙවර ලෝක කුසලානයේ මූලික වටයේ තරඟ කාළ සටහන.
ඔක්තෝබර් 17 – ඕමානය Vs පැපුවානිව්ගිනියාව
බංගලාදේශය Vs ස්කොට්ලන්තය
ඔක්තෝබර් 18 – අයර්ලන්තය Vs නෙදර්ලන්තය
ශ්‍රී ලංකාව Vs නැම්බියාව
ඔක්තෝබර් 19 – ස්කොට්ලන්තය Vs පැපුවානිව්ගිනියාව
ඕමානය Vs බංගලාදේශය
ඔක්තෝබර් 20 – නැම්බියාව Vs නෙදර්ලන්තය
ශ්‍රී ලංකාව අයර්ලන්තය
ඔක්තෝබර් 21 – බංගලාදේශය Vs පැපුවානිව්ගිනියාව
ඕමානය Vs ස්කොට්ලන්තය
ඔක්තෝබර් 22 – නැම්බියාව Vs අයර්ලන්තය
ශ්‍රී ලංකාව Vs නෙදර්ලන්තය
ඒ අනුව ශ්‍රී ලංකාවට මූලික වටයේ තරඟ ඇති දිනයන්.
ඔක්තෝබර් 18 Vs නැම්බියාව
ඔක්තෝබර් 20 Vs අයර්ලන්තය
ඔක්තෝබර් 22 Vs නෙදර්ලන්තය