විස්සයි විස්ස ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමටත් බංගලාදේශ කණ්ඩායමටත් වැඩි අවස්ථාවක් තියනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි වමත් දඟපන්දු යවන්නෙක් වන රංගන හේරත් පපරේ යූටියුබ් නාළිකාව සමඟ පසුගිය දා සාකච්ඡාවට එක් වූ අතර, එහිදී මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය හා ඔහුගේ පුහුණුකාරධූරත්වය පිළිඹඳව අදහස් ප්‍රකාශ කර සිටියා.
“ශ්‍රී ලංකා කණ්ඩායමට හා බංගලාදේශ කණ්ඩායමටත් ලෝක කුසලානය තරඟාවලියට සුදුසුකම් ලබාගැනීමට මූලික වටයේ තරඟාවලියක් ක්‍රීඩාකරන්න සිදුවෙලා තියනවා. ඊට අමතරව ලෝක කුසලානයට පෙර අපි ඕමානය එක්ක පුහුණුවීම් තරඟ කිහිපයක් ක්‍රීඩා කරනවා. එහිදී අපි හැමවෙලාවෙම එහි තණතීරු හැසිරෙන විදිහ අධ්‍යනය කරන්න ඕනේ. ලෝක කුසලානයට නම් කර කණ්ඩායමේ බැලුවොත්, හැම කණ්ඩායමකම ස්පිනර්ස්ලා වැඩියෙන් නම් කරලා තියනවා. මෙහිදී හැම කණ්ඩායමකම ඉන්න ස්පිනර්ස්ලට චාන්ස් එකක් වැඩිවෙයි කියලා හිතනවා. ඒ නිසා අපි මුල ඉදලම ප්ලෑන් එකකට වැඩ කරොත්, අනිත් කණ්ඩායම් වලට වඩා ශ්‍රී ලංකා කණ්ඩායමටත්, බංගලාදේශ කණ්ඩායමටත් වැඩි අවස්ථාවක් තියනවා කියලා මට හිතෙනවා.”
“මම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක් විදියට, හැමවෙලාවෙම ආශිර්වාද කරනවා ශ්‍රී ලංකා කණ්ඩායමට. ඔවුන් මෙම විස්සයි විස්ස තරඟාවලියෙදි දක්ශතා දක්වන්න ඕනේ. හැමදානත් වගේ අපේ කණ්ඩායම මේ වගේ තරඟාවලි වලට ආවාම අපේ දක්ශතාවයන් වැඩිවෙනවා. අපේ කණ්ඩායම මේ ලඟදි ඉන්දියාවට එරෙහිව විස්සයි විස්ස තරඟාවලියක් ජයග්‍රහණය කළා, දකුණු අප්‍රිකාව සමඟ එක්දින තරඟාවලියක් ජයග්‍රහණය කළා. ඒ නිසා දැන් අපේ කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ජයග්‍රාහී මානසිකත්වය කියන එක තියනවා.”
“අපි 2012 පැවතී විස්සයි විස්ස ලෝක කුසලානයේදී අවසන් තරඟයට පැමිණියත් අවාසනාවකට අපි බටහිර ඉන්දීය කොදෙව්වන්ට පරාජයට පත්වීමට සිදුවුණා. නමුත් ඒ අවස්ථාවේදීත් අපේ රටේ සෑම ප්‍රේක්ෂකයෙකුට ලොකු විශ්වාසයක් තිබුණා අපේ කණ්ඩායම අවසන් තරඟය පරාජයට පත් වුණත්, අපිට කණ්ඩායමක් විදියට දිනන්න පුලුවන් කියලා. අපි තරඟයක් ක්‍රීඩා කරන කොට ජයග්‍රහණය කරන්න වගේම පරාජයට පත් වෙන්නත් පුලුවන්. නමුත් තරඟයක් පරාජයට පත් වුණා කියලා කිසිම වෙලාවක අපේ කණ්ඩායම පහළ මට්ටමක ඉන්නවා කියලා කියන්න බැහැ. අපි ප්‍රේක්ෂකයින් විදියට හැමවෙලාවෙම අපේ ක්‍රීඩකයින්ව දිරිමත් කරන්න ඕනේ. මම ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක් විදියට මම ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලන්නේ අපේ කණ්ඩායමට සහයෝගය දක්වන්න කියලා”
මේ අතර, මේ වන විට බංගලාදේශ කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන රංගන හේරත් පවසන්නේ ඔහු බංගලාදේශයට යාමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සාකච්ඡා කළ බවත්, එම සාකච්ඡාවන් සාර්ථක නොවූ නිසා තමාට බංගලාදේශ කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු ලෙස කටයුතු කිරීමට සිදුවූ බවයි.
“මම බංගලාදේශ කණ්ඩායම සමඟ, මෙම වසරේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරඟාවලිය අවසන් වෙනකන් විතරයි කොන්ත්‍රාත්තුව අත්සන් කරලා තියෙන්නේ. එතනින් එහාට මම ඔවුන් සමඟ කිසිම දෙයක් තවම සාකච්ඡා කරලා නැහැ. නමුත් මම බංගලාදේශයට යන්න කලින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සමඟ සාකච්ඡා කිහිපයක් පැවැත්වුවා. නමුත් එම සාකච්ඡා එකක්වත් සාර්ථක වුණේ නෑ. ඒ නිසා තමයි මට බංගලාදේශය කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු විදියට යන්න වුණේ. කෙසේ නමුත් නැවතත් මට ඒ අවස්ථාවක් ලැබෙනවානම් මම ඕන වෙලාවක අපේ කණ්ඩායමේ දඟපන්දු යවන්නන් සමඟ මගේ පළපුරුද්ද බෙදාගන්න කැමතියි.”
අවසාන වශයෙන් 2014 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේදි නවසීලන්තයට එරෙහිව සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත්වීම ගැන රංගන හේරත් විසින් දැක්වූයේ මෙවන් අදහසක්.
“අපි 1996 ලෝක කුසලානය ජයග්‍රහණය කලාට පස්සේ 2014 තමයි නැවතත් අපි ලෝක කුසලානයක් ජයග්‍රහණය කළේ. අපි නවසීලන්ත තරඟයේදී පලමුව පහරදීලා ලබාගැනීමට හැකි වූයේ ලකුණු 119ක් පමණයි. ඒ අවස්ථාවේ අපි දැනගත්ත දෙයක් තමයි නවසීලන්ත කණ්ඩායම දඟ පන්දු යවන්නන්ට හොඳින් ක්‍රීඩා නොකරන බවත්, විශේෂයෙන්ම වමත් දඟ පන්දු යවන්නන්ට හොඳින් පන්දුවට පහරදීමට හැකියාවක් තිබුණේ නැහැ. ඉතින් අපි තීරණය කරලා තිබුනේ පලවෙනි පවර්ප්ලේ අවස්ථාවෙදිම දඟ පන්දු යවන්නෙක්ගෙන් පන්දු යවන්න. ඉතින් අපි තරඟයට පෙර හදාගෙන තිබුණ ප්ලෑන් ගොඩාක් දුරට එම තරඟයේදී සාර්ථක කරගන්න පුලුවන් වුණා. ”