විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා අවසන් 15 දෙනාගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කරයි.

නොවැම්බර් 17 වන දින ආරම්භ වන විස්සයි විස්ස ලෝක කුසලානය තරඟාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් අවසන් නිළ ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

 

 

මේ වන විට , ඕමානය සමඟ තරඟ දෙකකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය හා ලෝක කුසලාන තරඟාවලිය අරමුණු කරගනිමින් ක්‍රීඩකයින් 23 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ඕමානය බලා පිටත් වූ අතර, නිමා වූ ඕමානයට එරෙහි විස්සයි විස්ස තරඟ දෙකෙදී ක්‍රීඩකයින් දැක්වූ දක්ශතා සැලකිල්ලට ගනිමින් අවසන් 15 දෙනාගෙන් යුත් සංචිතය නම් කර තිබෙන්නේ.

 

 

ඒ අනුව 23 දෙනෙකුගෙන් යුත් සංචිතයේ සිටි ක්‍රීඩකයින් 8 දෙනෙකුට මෙවර ලෝක කුසලානය අහිමි වී තිබෙන අතර එම ක්‍රීඩකයින් 8 දෙනා වන්නේ,

 

1 ප්‍රවීන් ජයවික්‍රම
2 කමිඳු මෙන්ඩිස්
3 නුවන් ප්‍රදීප්
4 මිනෝද් බානුක

 

 

5 පුලින තරංග
6 අශේන් බණ්ඩාර
7 ලක්ශාන් සඳකැන්
8 රමේශ් මෙන්ඩිස්

 

 

මෙවර ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් නම් කළ ක්‍රීඩකයින් 15 දෙනාගෙන් යුත් සංචිතය මෙන්න.

 

1)  දසුන් ශානක – නායක

 

 

2) කුසල් ජනිත් පෙරේරා

 

 

3) අවිශ්ක ප්‍රනාන්දු

 

 

4) බානුක රාජපක්ෂ

 

 

5) දනන්ජය ද සිල්වා

 

 

6) චරිත් අසලංක

 

 

7) වනිඳු හසරංග

 

 

8) චාමික කරුණාරත්න

 

 

9) දුශ්මන්ත චමීර

 

 

10) දිනේශ් චන්දිමාල්

 

 

11) මහීශ් තීක්ශණ

 

 

12) ලහිරු කුමාර

 

 

13) බිනුර ප්‍රනාන්දු

 

 

14) අකිල ධනංජය

 

 

15) පැතුම් නිස්සංක

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *