විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකා නිළ තේමා ගීතය එළිදක්වයි. වීඩියෝව මෙතනින් බලන්න.

විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නිළ තේමා ගීතය අද දින එළිදැක්වූ අතර එම ගීතය බාතිය, සන්තුශ්, සංඛ දිනෙත්, සජිත් ඇන්තනී, සනුක යන ගායකයින් පස් දෙනෙක් හා උමාරියා සිංහවංස සමඟින් ගායනා කරන ලදී. ( වීඩියෝව පහළින් නැරඹිය හැක)

 

 

ගීතය ගායනයෙන් අනතුරුව ඔහුන් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් දැක් වූ අදහස් පහළින්.

 

ක්‍රිකට් කියලා කියන්නේ ශ්‍රී ලාංකිකයින් විදියට හැමෝම එකට එකතුවෙලා අපි විශ්වාසයෙන් තියාගන්න පුලුවන් දෙයක්. මේක ක්‍රීඩාවක් විතරක් නෙමේ. සමහර කාල වලදී අපි උඩ පහළ යනවා, ඒ මොනවා උනත් මැච් එකක් දවසට අපි හැමෝම එකට විශ්වාසයෙන් රටක් විදියට ඉස්සරහට යයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා.  – බාතිය ජයකොඩි

 

 

රටේ මොන ප්‍රශ්න තිබුණත් ක්‍රිකට් හා සංගීතය හැමදාම මිනිස්සුන්ව එකට තියලා තියනවා. අපි ඒලෙවල් කරන කාලේ 1996 ලෝක කුසලානය දිනුවේ. එදා රටේ මොන ප්‍රශ්නේ තිබුණත් හැමෝම එකට එකතු වුණා. එදා මෙන්න අදටත් ඒ විදියටම අපි එකට ඇවිල්ලා තියනවා. ඉදිරියටත් ක්‍රිකට් නිසා රට එකට තියේවි. ඉතින් අපේ කොල්ලන්ට ඉස්සරහට යන්න අපේ ශක්තිය හදවතින්ම ඔවුන්ට දෙනවා. – සන්තුශ් වීරමන්

 

 

රටක් විදියට අපිට මේ වෙලාවේ ඉතුරු වෙලා තියෙන්නේ විශ්වාසය පමණයි. 1996 ලෝක කුසලාන දින්න එක තවමත් අපි හැමෝගෙන ඇඟ ඇතුලේ තියනවා. ඒක වයස් බේදයක්, ජාති බේදයක් නැතුව අපි හැමෝම ලොකු විශ්වාසයකින් යුතුව අපේ කොල්ලෝ ඉස්සරහට යන විදිහ බලාගෙන ඉන්නවා. අපි ලාංකිකයෝ විදියට හැමතැනකදිම අපි විශ්වාසය මත ධෛර්යය මත කොයිතරම් දේවල් කරලා තියනවද කියලා පෙන්නලා තියනවා. ඉතින් අපේ කොල්ලන්ට සුභ පතනවා. – සංඛ දිනෙත්

 

 

මේ වෙලාවේදී ශ්‍රී ලාංකික අපිට තියනවා ජාතික පැතුමක්. ඒ ජාතික පැතුම වෙනුවෙන් තමා අපි හැමෝම එකතු වෙල මෙම ගීතය නිර්මාණය කරන්නේ. අපේ කොල්ලෝ කියන එකෙන්ම “අපේකම, අපේ උන් ” කියන එක තියනවා. ඒ නිසා තමා අපේ කොල්ලෝ වෙනුවෙන් සුභ පතන්න අපි හැමෝම එකතු වෙලා මෙම ගීතය මේ විදියට ගායනා කළේ. අපි බලමු ලෝක කුසලානයේදී මොකද වෙන්නේ කියලා. අපි හරි ආසවෙන් බලාගෙන ඉන්නවා. – සජිත ඇන්තනී

 

 

ශ්‍රී ලංකා නිළ තේමා ගීතය

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *