විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය සඳහා ලසිත් මාලිංග නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට .

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මේ වන විට ටෙස්ට් හා එක්දින තරඟ වලින් සමුගෙන ඇති නමුත් ඔහු තවමත් විස්සයි විස්ස තරඟ වලින් සමුගත් බව සඳහන් කර නොමැත. නමුත් ඔහු දීර්ඝ කාලයක් ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායම සමඟ එක් නොවුන අතර නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ද ලසිත් මාලිංග ක්‍රීඩා කළේ නැහැ. ඔහු අවසන් වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර තරඟයක් ක්‍රීඩා කර ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ශ්‍රී ලංකාවේ තිබූ විස්සයි විස්ස තරඟාවලියේදී වේ.

කෙසේ නමුත් ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ලසිත් මාලිංගගේ ඉදිරි ක්‍රිකට් ජීවිතය ගැන සාකච්ඡාවක් සිදු කිරීමට නියමිත බව සඳහන් වේ.

” අපි ලසිත් මාලිංග සමඟ ඉදිරි දින කිහිපය තුල සාකච්ඡා කරනවා. මෙම වසරේ අග බාගයේදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානයේ සැලසුම් වල ඔහු සිටිනවා” ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත.

“අපි 2023 එක්දින ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් දිගු කාලීන සැලැස්මක් සකස් කරමුන් සිටිනවා. එහිදී අපි වයස හා ශාරීරික යෝග්‍යතාව යන ප්‍රධාන අංශ දෙක ගැන අවධානය යොමු කරනවා” ලෙසද ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

මෙයට පිළිතුරු වශයෙන් “මම ටෙස්ට් හා එක්දින තරඟ වලින් සමුගෙන තිබුණට, තවමත් විස්සයි විස්ස තරඟ වලින් සමුගෙන නැහැ. මම ක්‍රිකට් දිවිය තුළ කිහිප වරක්ම  දීර්ඝ විරාමයකට පසු කණ්ඩායමට පැමිණ සාර්ථක වෙලා තියනවා කියලා පෙන්නලා තියනවා. මම අලුත් තේරීම් කමිටුවේ ඡේෂ්ඨ ක්‍රීඩකයින් පිලිඹඳව තිබෙන අදහස දැනගන්න අවශ්‍යයි.” ලෙස ලසිත් මාලිංග සඳහන් කර ඇත.

එසේම ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා තව දුරටත් ප්‍රකාශ කරමින් කියා සිටියේ ලසිත් මාලිංග වැනි විශිෂ්ඨ ක්‍රීඩකයෙක් හට ශාරීරික යෝග්‍යතාව පරීක්ෂණයේදී සහනයක් ලබා දුන්නා කියා කිසිවෙකු චෝදනා නොකරනු ඇති බවයි.

ලසිත් මාලිංග මේ වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟ 84ක් ක්‍රීඩා කර ඇති අතර කඩුලු 106ක් දවාගැනීමට සමත් වී ඇත. ඉනිමක හොඳම පන්දු යැවීම වනුයේ ලකුණු 5ට කඩුලු 6ක් දවා ගැනීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *