වෙල්ලාලගේ වෙල්ලාලගේ තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියා වේ.

(වීඩියෝ පහළින් නැරඹිය හැක) තරඟ 5කින් යුත් එක්දින තරඟාවලියේ අවසන් එක්දින තරඟය අද (24) පැවතී අතර එහිදී කඩුලු 4කින් ජයගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත්වුණා.

 

(Photo by Buddhika Weerasinghe/Getty Images)

 

තරඟයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පලමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 43.1ක් අවසානයේදී සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 160ක් පමණයි.

එහිදී, ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ තුන්ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න අද දින මංගල අර්ධ ශතකය ලබාගත් අතර, ඔහු පන්දු 75කදී හතරේ පහර 8ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 75ක් ලබාගැනීමට සමත්වුණ.

 

(Photo by Pradeep Dambarage/NurPhoto via Getty Images)

 

ඊට අමතරව කුසල් මෙන්ඩිස් පන්දු 40කදී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 26ක් ලබාගත් අතර, මංගල තරඟය ක්‍රීඩා කළ ප්‍රමෝද් මදුශාන් පන්දු 52කදී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 15ක් හා චරිත් අසලංක පන්දු 27කදී ලකුණු 14ක් ද ලබාගැනීමට සමත්විය.

 

(Photo by Pradeep Dambarage/NurPhoto )

 

පන්දු යැවීමේදී ජෝෂ් හේසල්වුඩ් පන්දුවාර 7ක් අවසානයේදී ලකුණු 22කට කඩුලු 2ක් බිඳ දැමීමට සමත්වුණා. ඊට අමතරව Pat Cummins ලකුණු 22කට කඩුලු 2ක් , Matthew Kuhnemann ලකුණු 38කට කඩුලු 2ක් බිඳ දැමූ අතර, ග්ලේන් මැක්ස්වෙල් හා Cameron Green එක් කඩුල්ල බැඟින් ද දවාගැනීමට සමත්වුණා.

 

(Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

 

අනතුරුව ලකුණු 161ක පහසු ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 39.3ක් අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 164ක් ලබාගනිමින් තරඟය ජයගැනීමට සමත්විය.

ඕස්ට්‍රේලියා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Alex Carey පන්දු 65කදී එක් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 45ක් ලබාගැනීමට සමත්වුණා.

 

(Photo by Buddhika Weerasinghe/Getty Images)

 

ඊට අමතරව Marnus Labuschgne පන්දු 58කදී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 31ක් ලබාගත් අතර, Cameron Green පන්දු 26කදි ලකුණු ක් හා මිචෙල් මාෂ් පන්දු 27කදී හතරේ පහර 2ක් හා එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 25ක් හා  Mitchell Marsh පන්දු 50කදී ලකුණු 24ක් ද ලබාගැනීමට සමත්විය.

 

(Photo by Buddhika Weerasinghe/Getty Images)

 

මෙම තරඟයේදීත් ශ්‍රී ලංකාව වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ පන්දුවාර 10ක් අවසානයේදී ලකුණු 42කට කඩුලු 3ක් බිඳ දැමීමට සමත්වුණා.

 

(Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

 

අද ලබාගත් කඩුලු 3ත් සමඟින් ඔහු, මෙවර එක්දින තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියා වීමට සමත්වූයේ තරඟාවලිය පුරාවට කඩුලු 9ක් දවාගැනීමෙනි.

ඊට අමතරව මහීශ් තීක්ශන පන්දුවාර 10 අවසානයේදී ලකුණු 26කට කඩුලු 2ක් දවාගත් අතර, අද දින එක්දින වරම් දිනාගත් ප්‍රමෝද් මදුශාන් ලකුණු 13කට එක් කඩුල්ලක් ද බිඳ දැමීමට සමත්විය.

 

(Photo by Buddhika Weerasinghe/Getty Images)

 

ඒ අනුව මෙම තරඟයෙන් ශ්‍රී ලංකාව පරදා ඕස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 4ක ජයක් ලබාගත් අතර, තරඟාවලිය ජයග්‍රහණයකින් අවසන් කිරීමට සමත්විය. කෙසේ නමුත් තරඟාවලිය තරඟ 3-2ක් ලෙස ජයගැනීමට සමත්වූයේ ශ්‍රී ලංකාවයි.

 

(Photo by Buddhika Weerasinghe/Getty Images)

 

අද තරඟයේ වීරයා සම්මානය පන්දු 75කදි ලකුණු 75ක් ලබාගත් චාමික කරුණාරත්න දිනාගත් අතර, තරඟාවලියේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ තරඟාවලිය පුරා අර්ධ ශතක 2ක් ලබාගත් කුසල් මෙන්ඩිස් වේ.

 

දනුශ්ක ගුණතිලක රැකගත් සුපිරි උඩපන්දුව හා දුනිත් වෙල්ලාලගේ ලබාගත් කඩුලු 3 වීඩියෝ පහළින්, 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *