වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු කැන්ඩි වොරියර්ස් කණ්ඩායමට අහිමි වෙයි.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ කැන්ඩි වොරියර්ස් කණ්ඩායම සමඟින් ක්‍රීඩා කිරීම්ට නියමිත සිටි සුපිරි ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු හට ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය අහිමි වී තිබෙනවා.

 

 

ඒ, නිමාවූ විස්සයි විස්ස ලෝක කුසලානය තරඟාවලියේදී අබුඩාබි ෂේක් සහීඩ් ක්‍රීඩාංගණයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවතී තරඟයේදී බිනුර ප්‍රනාන්දු ආබාධයට ලක්වීම හා ඔහුගේ ආබාධය තවමත් පූර්ණව සුව වී නොමැති හේතුවෙනි.

 

 

මේ හේතුවෙන්, කැන්ඩි වොරියර්ස් කණ්ඩායමේ හිස් වූ ස්ථානය සඳහා තවත් වේගපන්දු යවන්නෙක් තෝරාගෙන ඇති අතර එම ක්‍රීඩකයා වන්නේ කසුන් රාජිත වේ. මේ වන විට ඔහු කැන්ඩි වොරියර්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවෙන් කණ්ඩායම නවාතැන් ගන්නා හෝටලය තුළ ස්වයං නිරෝධායන වෙමින් සිටියි.

 

 

මේ අතර, කැන්ඩි වෝරියර්ස් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු වන, ඊයේ (6) පැවතී දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ රෝමන් පවෙල් එම කණ්ඩායමට අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා.

 

 

මෙයට හේතුවී ඇත්තේ එළඹෙන පාකිස්තානය T20 තරගාවලිය සදහා රෝමන් පවෙල් තෝරා ගෙන තිබීමයි. මෙලෙස රෝමන් පවෙල් බටහිර ඉන්දීය කොදෙව් T20 කණ්ඩායමට එක්කර ගෙන ඇත්තේ කිරන් පොලාඩ් ආබාධයකට ලක් වී ඇති බැවිනි.

 

 

මේ පිළිබදව කැන්ඩි වෝරියර්ස් කණ්ඩායම පැවසා ඇත්තේ රෝමන් පවෙල් ගේ සහභාගිත්වය සමබන්ධයෙන් දැනට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම විස්සයි විස්ස තරඟ තුනක් හා එක්දින තරඟ තුනක් සඳහා පකිස්ථානයේ සංචාරයකට නිරත වීම්ට නියමිත අතර පලමු විස්සයි විස්ස තරඟය ලබන 13 වෙනිදා ද, අවසන් විස්සයි විස්ස තරඟය ලබන 16 වෙනිදා ද පැවැත්වීමට නියමිතයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *