වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට නව වගකීමක්.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟ 5ක් සඳහා ලබන මස ඕස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට නියමිත වන අතර, මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා හිටපු වේගපන්දු යවන්නෙක් වන ලසිත් මාලිංගට වගකීමක් ලබාදී තිබෙනවා.
පෙබරවාරි 11 වන දින ආරම්භ වීමට නියමිත මෙම තරඟාවලියේ, ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු උපදේශකවයා ලෙස නම් කර ඇති බවටයි වාර්ථා වෙන්නේ.
මේ වන විටත් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හී සිටින ලසිත් මලිංග, ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියා බලා පිටත්වූ පසු ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් එක්වීමට නියමිතයි.
කෙසේ නමුත්, ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු පුහුණු උපදේශකවයා ලෙස නම් කර ඇත්තේ ඕස්ට්‍රේලියාවට එරෙහිව විස්සයි විස්ස තරඟාවලියට පමණක් බවටයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
පුරා වසර ගණනක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ ලෝකයේම ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ ආදරය ලබාසිටින ලසිත් මාලිංග, ගිය වසරේ සැප්තැම්බර් මස 14 වන දින සියලුම ආකාරයේ ක්‍රිකට් තරඟ වලින් සමුගැනීමට තීරණය කළේය.
සීමිත පන්දුවාර තරඟ වලදී ලොව බිහිවු විශිෂ්ටතම වේග පන්දු යවන්නෙකු ලෙසයි සැළකෙන ලසිත් මාලිංග ශ්‍රී ලංකාව වෙනුඑන් ටෙස්ට් තරග 30 කදී කඩුලු 101 ක් ද එක්දින තරග 226 කදී කඩුලු 338 ක් ද ලබාගෙන තිබෙනවා.
ලසිත් මාලිංග ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 84 කදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු 107ක් ද ලබාගෙන තිබෙනවා.
මීට අමතරව ඉන්දීය ප්‍රිමියර් ලීග් ඇතුළුව රටවල් රැසක පැවති ලීග් T20 තරග වල අත්දැකීම් ඇති ලසිත් මාලිංග තරග 289 කදී කඩුලු 390 ක් ලබා තිබෙනවා.
ලසිත් මාලිංග මීට පෙර ඉන්දීය ප්‍රිමියර් ලීහ් තරඟාවලියේදී ද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණු උපදේශකවරයකු ලෙස ද කටයුතු කර තිබෙනවා.
ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා T20 තරගාවලියේ තරග කාල සටහන
පෙබරවාරි 11: පළමු T20, සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි, (1.30PM SL time)
පෙබරවාරි 13: දෙවන T20, සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි,
පෙබරවාරි 15: තුන්වන T20, මනුකා ඕවල් , කැන්බරා
පෙබරවාරි 18: හතරවන T20, මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනය
පෙබරවාරි 20: පස්වන T20, මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනය