ශ්‍රී ලංකාවට තවත් තරඟාවලි පරාජයක්. මංගල තරඟයේදී නුවනිඳු ඉතිහාස ගත වෙයි.

(වීඩියෝ එක පහළින් නැරඹිය හැකිය) ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ආරම්භ වූ තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලියේ දෙවන තරඟයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කරගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා.

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් දසුන් ශානක පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 39.4ක් අවසානයේදී සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 215ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ, අද මංගල එක්දින තරඟය ක්‍රීඩා කළ නුවනිඳු ප්‍රනාන්දු අර්ධ ශතකයක් ලබාගැනීමට සමත්වූ අතර ඔහු පන්දු 63කදී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 50ක් ලබාගැනීමට සමත්වුණා.

 

 

මංගල එක්දින තරඟය ක්‍රීඩා කරමින් නුවනිඳු ප්‍රනාන්දු ලබාගත් අර්ධ ශතකයත් සමඟින් ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල එක්දින තරඟයේදී අර්ධ ශතකයක් ලබාගත් 6 වන ක්‍රීඩකයා බවට පත්වීමට ද නුවනිඳු ප්‍රනාන්දු සමත්වුණා.

මේ වන විට, ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල එක්දින තරඟයේදී, අර්ධ ශතකයක් ලබාගෙන ඇති ක්‍රීඩකයින් මෙන්න,

1) සුනිල් වෙත්තමුණි (1982 පෙබරවාරි 13) – එංගලන්ත කණ්ඩායමට එරෙහිව

 

 

2) චාමර සිල්වා (1999 අගෝස්තු 26) – ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව

 

 

3) අශාන් ප්‍රියංජන් – (2013 දෙසැම්බර් 25) – පකිස්තාන කණ්ඩායමට එරෙහිව

 

 

4) කුසල් මෙන්ඩිස් – (2016 ජුනි 16) – අයර්ලන්තයට එරෙහිව

 

 

5) අශේන් බන්ඩාර – (2021 මාර්තු 10) – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව

 

 

6) නුවනිඳු ප්‍රනාන්දු – (2023 ජනවාරි 12) – ඉන්දියා කණ්ඩායමට එරෙහිව

 

 

ඊට අමතරව මෙම තරඟයේදී කුසල් මෙන්ඩිස් පන්දු 34කදී හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 34ක් හා යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පන්දු 34කදී හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 32ක් ලබාගත් අතර, වනිඳු හසරංග පන්දු 17කදී ලකුණු 21ක් හා අවිශ්ක ප්‍රනාන්දු පන්දු 17කදී ලකුණු 20ක් ද ලබාගැනීමට සමත්වුණා.

 

 

පන්දු යැවීමේදී Mohammed Siraj පන්දුවාර 5.4 ක් අවසානයේ ලකුණු 30කට කඩුලු 3ක් බිඳ දැමූ අතර කුල්දීප් යාදෙව් ලකුණු 51කට කඩුලු 3ක් , උම්රාන් මලින් කඩුලු 2ක් හා අක්සර් පටෙල් එක් කඩුල්ලක් ද බිඳ දැමීමට සමත්වුණා.

අනතුරුව ලකුණු 216ක පහසු ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී ඉන්දියා කණ්ඩායම පන්දුවාර 43.2ක් අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 219ක් ලබාගනිමින් තරඟය ජයගැනීමට සමත්විය..

ඉන්දියා ඉනිම වෙනුවෙන් ආරක්ෂාකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් වැඩිම ලකුණු ලාභියා වූ KL රාහුල්, පන්දු 103කට මුහුණදෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 64ක් ලබාගැනීමට සමත්වුණා.

 

 

ඊට අමතරව හර්දික් පාන්ඩ්‍යා පන්දු 53කදී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 36ක් හා Shreyas Iyer පන්දු 33කදී ලකුණු 28ක් ලබාගත් අතර ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් ලකුණු 21ක් හා අක්සර් පටෙල් ලකුණු 21ක් ද ලබාගැනීමට සමත්වුණා.. විරාට් කෝලි හට මෙම ඉනිමේදී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 4ක් පමණයි.

 

 

පන්දු යැවීමේදී චාමික කරුණාරත්න පන්දුවාර 8ක් අවසානයේදී ලකුණු 51කට කඩුලු 2ක් හා ලහිරු කුමාර පන්දුවාර 9.2ක් අවසානයේදී ලකුණු 64කට කඩුලු 2ක් බිඳ දැමූ අතර, කසුන් රාජිත හා දනංජය ද සිල්වා එක් කඩුල්ල බැඟින් ද දවාගැනීමට සමත්වුණා.

 

 

ඒ අනුව, ශ්‍රී ලංකාව පරාජයට පත්කරමින් දෙවන එක්දින තරඟයත් ජයගැනිමින් තරඟාවලිය තවත් එක් තරඟයක් ඉතිරිව තිබියදී 2-0ක් ලෙස ජයගැනීමට සමත්වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත්වූයේ ලකුණු 51කට කඩුලු 3ක් බිඳ දැමූ කුල්දීප් යාදෙව් වේ.

 

 

ලහිරු කුමාර, විරාට් කෝලිගේ කඩුල්ල දවාගත් ආකාරය වීඩියෝව මෙන්න. (video) 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *