ශ්‍රී ලංකාවට ලකුණු 198ක දැවැන්ත පරාජයක්. චාමිකගෙන් කඩුලු 4ක්.
(වීඩියෝ එක පහළින්ම නැරඹිය හැකිය) ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරඟ 3කින් යුත් එක්දින තරඟාවලියේ පලමු තරඟය අද (25) පැවැත්වුන අතර, එහිදී ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හේතුවෙන් ලකුණු 198ක විශිෂ්ඨ ජයක් වාර්තා කරගැනීමට නවසීලන්තය කණ්ඩායම සමත්වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පලමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 49.3ක් අවසානයේදී සියලුම දෙනා දැවී ලකුණු 274ක් ලබාගැනීමට සමත්වුණා.
එහිදී නවසීලන්තය ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Finn allen අර්ධ ශතකයක් ලබාගැනීමට සමත්වූ අතර ඔහු පන්දු 49කට මුහුණදෙමින් හතරේ පහර 5ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 51ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව Rachin Ravindra පන්දු 52කදී හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 49ක් හා Daryl Mitchell පන්දු 58කදී ලකුණු 48ක් ලබාගත් අතර, Glenn Phillips පන්දු 42කදී හතරේ පහර 3ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 39ක් ද ලබාගැනීමට සමත්වුණා.
පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වීමට චාමික කරුණාරත්න සමත්වූ අතර ඔහු ජාත්‍යන්තර එක්දින පිටියේ සිය හොඳම පන්දු යැවීම වාර්තාකරගැනීමට සමත්වුණා. චාමික කරුණාරත්න පන්දුවාර 9කදී ලකුණු 46කට ලබාගත් කඩුලු සංඛ්‍යාව 4ක්.
ඊට අමතරව ලහිරු කුමාර පන්දුවාර 10 අවසානයේදී ලකුණු 46කට කඩුලු 2ක් දවාගත් අතර, කසුන් රාජිත පන්දුවාර 7.3ක් අවසානයේදී ලකුණු 38කට කඩුලු 2ක් ද, ඩිල්ශාන් මධුශංක , දසුන් ශානක එක් කඩුල්ල බැඟින්ද දවාගැනීමට සමත්විය.
ඉන්අනතුරුව ලකුණු 275ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19.5ක් අවසානයේදී සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 76ක් පමණයි.
ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ, වසර දෙකකට පසු නැවතත් එක්දින කණ්ඩායමට පැමිනී ඇන්ජලෝ මැතිව්ස් වේ. ඔහුට ද පන්දු 25කදී හතරේ පහර 3ක් සමඟින් ලබාගැනීමට හැකිවූයේ ලකුණු 18ක් පමණයි.
ඊට අමතරව චාමික කරුණාරත්න පන්දු 24කදී හතරේ පහරක් සමඟින් ලකුණු 11ක් ලබාගත් අතර, ලහිරු කුමාර ලකුණු 10ක් ලබාගනිද්දී ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 9කට දැවීගියා. කුසල් මෙන්ඩිස් ලකුණු ලබාගැනීමට පෙර දැවීයාමට ලක්වූයේ වාර්තාවක් ද අලුත් කරමිනි.
කුසල් මෙන්ඩිස් අද දින ලකුණු නොලබා දැවීයාමත් සමඟින්, ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනාගත් දිනයේ සිට වැඩිම වාර ගණනක් ලකුණු 0කට දැවීගිය ක්‍රීඩකයා බවට පත්වීමට සිදුවූයේ ජොනී බෙයාර්ස්ටෝ පසුකර යමිනි.
කුසල් මෙන්ඩිස් ජාත්‍යන්තර වරම් දිනාගත් දිනයේ සිට වැඩිම වාරගණනක් ලකුණු 0කට දැවීයාමට ලක්වූ ක්‍රීඩකයින්,
1) කුසල් මෙන්ඩිස් – අවස්ථා 28කදී ලකුණු 0කට දැවීගොස් ඇත.
2) ජොනී බෙයාර්ස්ටෝ – අවස්ථාව 27කදී ලකුණු 0කට දැවීගොස් ඇත.
3) මොයින් අලී – අවස්ථාව 25කදී ලකුණු 0කට දැවීගොස් ඇත.
4) කගිසෝ රබාඩා – අවස්ථාව 25කදී ලකුණු 0කට දැවීගොස් ඇත.
පන්දු යැවීමේදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වීමට යොවුන් ක්‍රීඩක Hentry Shipley සමත්වූ අතර ඔහු පන්දුවාර 7ක් අවසානයේදී ලකුණු 31කට කඩුලු 5ක් දවාගැනීමට සමත්වුණා. ඊට අමතරව Daryl Mitchell හා Blair Tickner කඩුලු 2 බැඟින් ද දවාගැනීමට සමත්වුණා.
මෙය දෙරට අතර පැවතී 100 වන එක්දින තරඟය ද වන අතර, එහිදී ශ්‍රී ලංකාව ලකුණු 198කින් පරාජයට පත්කරමින් ලකුණු විශිෂ්ඨ ජයක් ලබාගැනීමට නවසීලන්තය සමත්වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත්වූයේ කඩුලු 5ක් දවාගත් Henry Shipley වේ.
චාමික කරුණාරත්න දවාගත් කඩුලු 4 වීඩියෝ එක මෙන්න.
— CricDaily24 (@cricday96) March 25, 2023