ශ්‍රී ලංකාවේ කිසිවෙකුට කළ නොහැකි වූ දිනේශ් චන්දිමාල් කළ දස්කම,

(වීඩියෝ පහළින්ම නැරඹිය හැක) ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවතී තරඟාවලියේ අවසන් තරඟය ලෙස පැවතී දෙවෙනි ටෙස්ට් තරඟයෙන් ඉනිමක හා ලකුණු 39ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.

 

 

එම තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ඡේෂ්ඨ ක්‍රීඩක දිනේශ් චන්දිමාල් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් තම මංගල ටෙස්ට් ද්විත්ව ශතකය ලබාගැනීමට සමත්වූ අතර ශ්‍රී ලංකා ඉනිම අවසන් වන විට ඔහු පන්දු 326කදී හතරේ පහර 16ක් හා හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 206ක් ලබාගැනීමට සමත්විය.

 

 

දිනේශ් චන්දිමාල් ලබාගත් මෙම ද්විත්ව ශතකය ඕස්ට්‍රේලියාවට එරෙහිව ලබාගැනීම විශේෂත්වයක් වන අතර, මෙය ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් ඕස්ට්‍රේලියාවට එරෙහිව ඉනිමකදී වාර්තා කරගත් පලමු හා එකම ද්විත්ව ශතකයයි.

 

ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයින් වන කුමාර සංගක්කාර ද්විත්ව ශතකය 11ක් ද, මහේල ජයවර්ධන ද්විත්ව ශතක 7කට හිමිකම් කීවත් ඔවුන්ට ඕස්ට්‍රේලියාවට එරෙහිව ද්විත්ව ශතකයක් ලබාගැනීමට නොහැකි වී තිබෙනවා.

 

 

දිනේශ් චන්දිමාල් ලබාගත් මෙම ලකුණු 206 ත් සමඟින් ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් ටෙස්ට් ඉනිමකදී ලබාගෙන ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව ලබාගත් ක්‍රීඩකයා බවට පත්වූ අතර, මීට පෙර ඕස්ට්‍රේලියාවට එරෙහිව ඉනිමකදී වැඩිම ලකුණු ලබාගෙන සිටියේ කුමාර සංගක්කාර වේ. (ලකුණු 192)

 

 

ඒ අනුව, ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් ඉනිමකදී වැඩිම ලකුණු ලබාගෙන ඇති ක්‍රීඩකයින්,

 

1) දිනේශ් චන්දිමාල් – නොදැවී ලකුණු 206

 

 

2) කුමාර සංගක්කාර – ලකුණු 192

 

 

3) කුසල් මෙන්ඩිස් – ලකුණු 176

 

 

4) අරවින්ද ද සිල්වා – ලකුණු 167

 

 

5) තිලකරත්න ඩිල්ශාන් – ලකුණු 147

 

 

6) අසලංක ගුරුසිංහ – ලකුණු 143ක් හා ලකුණු 137ක්.

 

 

දිනේශ් චන්දිමාල් ලබාගත් ද්විත්ව ශතකයත් සමඟින් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ගෙන් ද්විත්ව ශතකයක් ලබාගත් 12 වන ක්‍රීඩකයා බවට පත්වීමටද දිනේශ් චන්දිමාල් සමත්වුණා.

 

ශ්‍රී ලංකාව වෙනුවෙන් ද්විත්ව ශතක ලබාගෙන ඇති ක්‍රීඩකයින් මෙන්න.

1) බ්‍රෙන්ඩන් කුරුප්පු – 1

2) අරවින්ද ද සිල්වා – 2

3) සනත් ජයසූරිය – 3

 

4) රොශාන් මහානාම – 1

5) මාවන් අතපත්තු – 6

6) මහේල ජයවර්ධන – 7

7) හශාන් තිලකරත්න – 1

 

8) කුමාර් සංගක්කාර – 11

9) තිලාන් සමරවීර – 2

10) ඇන්ජලෝ මැතිව්ස් – 1

11) දිමුත් කරුණාරත්න -1

12) දිනේශ් චන්දිමාල් – 1

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *