ශ්‍රී ලංකාවේ මෙම ජයග්‍රහණය පුදුමයක් නෙමේ – ඉන්දීය නායක රෝහිට් පවසයි.

(දෙරණ මාධ්‍යවේදියා හා රෝහිට් ශර්මා අතර සාකච්ඡාවේ වීඩියෝව පහළින්ම නැරඹිය හැක)

ආසියානු කුසලාන තරඟාවලියේ ඊයේ (6) පැවතී ඉන්දියාවහා ශ්‍රී ලංකාව අතර තරඟයෙන් වාර්ථාගත ජයක් ලබාගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

 

 

තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ඉන්දියාව සහභාගි වූ පලමු තරඟය වන පකිස්තානය සමඟ පැවතී තරඟයද පරාජයට පත්වීමෙන් අනතුරුව, ඊයේ (6) ශ්‍රී ලංකාව සමඟ තරඟයට පැමිණියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමේ අවධානමද සමඟයි. නමුත් එම තරඟයටද පරාජයට පත්වීම හේතුවෙන් ඔවුන්ට අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව බොහෝ දුරට අහිමිවී ගියා.

 

 

මෙම තරඟයේදී පලමුව පන්දුවට පහරදුන් ඉන්දියා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 173ක් ලබාගත් අතර, ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.5ක් අවසානයේදී කඩුලු 4ක් පමණක් බිඳ වැටී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත්වුණා.

තරඟයෙන් අනතුරුව ඉන්දීය නායක රෝහිට් ශර්මා මාධ්‍ය සමුවකට සහභාගී වෙමින් තරඟය පිළිඹඳ අදහස් දැක්වමින් ඔහු පවසා සිටියේ, මෙම ආසියානු කුසලානයේදී ඔවුන් ඉදිරි විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා, අත්හදා බැලීම් සිදුකර බවයි.

 

 

රෝහිත් ශර්මාගේ නායකත්වය යටතේ පිට පිට විස්සයි විස්ස තරඟය දෙකක් පරාජයට පත්වූ පලමු අවස්ථාව මෙය වන අතර, ඔහු ප්‍රකාශ කර සිටියේ, මෙම වසරේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ඔවුන් වේගපන්දු යවන්නන් දෙදෙනෙක් හා, දඟපන්දු යවන්නන් තිදෙනෙක් සමඟින් ක්‍රීඩා කිරීමට, මෙම තරඟාවලියේදී අත්හදා බැලීමක් සිදුකළ බවයි.

 

 

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 97ක් ලබාසිටියදී, ආරම්භක කඩුල්ල ලෙස පැතුම් නිස්සංක, දැවීයාමෙන් අනතුරුව,  ලකුණු 13ක් තුළ තවත් කඩුලු 3ක් දැවීයාම හේතුවෙන් තරඟය නැවතත් ඉන්දියාව දෙසට හරවාගත් නමුත්, අවසානයේදී තරඟය පරාජයට පත්වීම ගැන ශර්මා පැවසූවේ මෙවැන්නක්,

“දඟ පන්දු යවන්නන් ආක්‍රමණශීලී ලෙස පන්දු යවා මැද ඕවර් වලදී ශ්‍රී ලංකාවේ කඩුලු ලබා ගත් නමුත් ශ්‍රී ලංකාව අවසානයේදී ඔවුන්ගේ විදිහට ක්‍රීඩා කළා. අනතුරුව දඟපන්දු යවන්නන් දමා පාලනන කිරීමට අපි කළ සැලැස්ම සාර්ථක වූයේ නැත.  ඔවුන්ගේ දකුණත් පිතිකරුවන් බොහෝ වේලාවක් පන්දුවට පහර දුන්නා.”

 

 

තරඟයෙන් අනතුරුව ඉන්දීය නායක රෝහිට් ශර්මා පැවසූවේ ඔවුන් පන්දුවට පහර දීමේදී ලකුණු 10-15ක් පමණ අඩුවෙන් ලබාගත් බවයි.

“මම හිතුවා හූඩා ගෙන්නලා ලොකු පහරවල් වලට ගිහිල්ලා කණ්ඩායමට ලකුණු ලබාගන්න. නමුත් එය සිදුවුණේ නැහැ. පන්දුවට පහරදෙමින් සිටියදී තම කණ්ඩායම ලකුණු 10-15ක් පමණ අඩුවෙන් ලබාගත්තේ. අපි පලමු පන්දුවාර කිහිපයේදී තව ලකුණු කිහිපයක් ලබාගැනීමට තිබුණා”

 

 

මේ අතර, මාධ්‍ය සමුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, රූපවාහිනී නාළිකාවක් වන දෙරණ නාළිකාවේ මාධ්‍ය වේදීන් ද එහි සිටි අතර, එහිදී මාධ්‍යවේදියෙ රෝහිත් ශර්මාගෙන් ඇසූ ප්‍රශ්නයකට , රෝහිට් ශර්මා පිලිතුරු ලබාදුන් ආකාරය හේතුවෙන්, ශ්‍රී ලංකාවේ බොහෝ දෙනාගේ අවධානයට ලක්වී තිබෙනවා, එම සාකච්ඡාව පහළින් (සිංහලට පරිවර්තනය කර ඇත)

 

 

දෙරණ මාධ්‍යවේදී හසිත විජේවර්ධන – “ඔබ සිතුවාද, ශ්‍රී ලංකාව හමුවේ මෙවැනි පරාජයක් සිදුවෙයි කියලා, මොකද, ශ්‍රී ලංකා කණ්ඩායම ආරම්භයේදී සුපුරුදු දක්ශතා අතර සිටියේ නෑ.”

රෝහිට් ශර්මා – “ඇත්තටම මම දන්නෑ, ඔබ ඔබේ කණ්ඩායම ගැන අවිශ්වාසයක් අතිකරගෙන තිබෙන්නේ කියලා”

 

 

මාධ්‍යවේදියා – “ඇතැමුන් කියනවා ශ්‍රී ලංකා කණ්ඩායම දක්ශතා අතර සිටියේ නෑ කියලා”

රෝහිට් ශර්මා – “කවුද එහෙම කියන්නේ”

 

මාධ්‍යවේදියා – “ඉන්දීය මාධ්‍ය”

රෝහිට් ශර්මා – “මම ඔය වගේ ප්‍රකාශ විශ්වාස කරන්නේ නැහැ, ක්‍රීඩාකරන හැම කණ්ඩායමක්ම හොඳ කණ්ඩායමක්. ජයග්‍රහණය කිරීම සඳහා අපිට හොඳින් ක්‍රීඩා කිරීමට සිදුවෙනවා. අපි කවදාවත් ප්‍රතිවාදී කණ්ඩායමක් හෑල්ලුවට ලක්කරන්නේ නැහැ. ඕනෑම කණ්ඩායමක් පරාජයට පත්කිරීමටනම් අපි දක්ශතා අතර ඉන්න ඕනේ. ශ්‍රී ලංකා කණ්ඩායම හොඳින් ක්‍රීඩා කළා. ඇත්තටම ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම ජයග්‍රහණය පුදුමයක් නෙවේ.”

 

 

එම වීඩියෝව මෙන්න. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *