ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානය අතර, එක්දින තරඟාවලිය සජීවීව නැරඹිය හැකි ආකාර..
ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියක් නොවැම්බර් 25 සිට නොවැම්බර් 30 දක්වා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී දිවා රාත්‍රි තරඟ ලෙස පැවැත්වීමට නියමිතයි..
තරඟාවලියේ පලමු තරඟය නොවැම්බර් 25 වෙනිදාත්, දෙවන තරඟය නොවැම්බර් 27 හා තුන්වන හා අවසන් එක්දින තරඟය නොවැම්බර් 30 වන දින පැවැත්වෙයි.
මෙම එක්දින තරඟාවලියේ විකාශන අයිතිය දේශීය නාළිකාවක් විසින් ලබාගෙන ඇති අතර, එම නාළිකාව වන්නේ සියත නාළිකාවයි..
ඒ අනුව නොවැම්බර් 25 දින සිට නොවැම්බර් 30 වන දින දක්වා සම්පූර්ණ තරඟාවලිය ඔබට සියත නාළිකාව ඔස්සේ සජීවීව නැරඹිය හැක.
ඊට අමතරව ඩයලොග් TV හා පියෝ TV පාරිභෝගිකයින් හට ද තරඟාවලිය සජීවීව නැරඹීම සඳහා නාලිකාවන් දෙක බැඟි ලබාදී ඇති අතර එම නාළිකාවන් මෙන්න,
(1) Sony Sports Ten 5
Dialog TV – නාලිකා අංකය – 76
PEO TV – නාලිකා අංකය – 37
(2) TEN Cricket
Dialog TV – නාලිකා අංකය – 69
PEO TV – නාලිකා අංකය 44
තවද, මෙම තරඟාවලිය Dialog ViU App, PEO TV GO App, Sony Liv App හරහා ද තරඟාවලිය නැරඹිය හැකියි..
තරඟාවලිය 25 වන දින ආරම්භ වීමට නියමිත වුවත් අද (23) වන දින විටත් ශ්‍රී ලංකා සංචිතය නිළ වශයෙන් නිකුත් කර නොමැති අතර, එයට හේතුව තෝරාඇති සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා තවමත් අනුමැතිය ලබාදී නොමැති බව CRICWIRE වෙබ් අඩවිය මඟින් සඳහන් කර ඇත.
තරඟාවලිය සඳහා නම් කර ඇති බවට වාර්තාවන ශ්‍රී ලංකා සංචිතයේ තුන්ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ඉවත්කර ඇති අතර, ඒ වෙනුවට යොවුන් ක්‍රීඩක දනංජය ලක්ශාන් එක් කර ඇති බවටයි වාර්තාවන්නේ.
ඒ අනුව, නම් කර ඇති බවට වාර්තා වන ශ්‍රී ලංකා සංචිතය මෙන්න.
1) දසුන් ශානක (නායක)
2) පැතුම් නිස්සංක
3) කුසල් මෙන්ඩිස්
4) චරිත් අසලංක
5) දනංජය ද සිල්වා
6) භානුක රාජපක්ෂ
7) දිනේශ් චන්දිමාල්
8) අශාන් බන්ඩාර
9) වනිඳු හසරංග
10) දුනිත් වෙල්ලාලගේ
11) මහීශ් තීක්ශන
12) දනංජය ලක්ශාන්
13) කසුන් රාජිත
14) ලහිරු කුමාර
15) ප්‍රමෝද් මදුශාන්
16) අසිත ප්‍රනාන්දු