ශ්‍රී ලංකාව, බංග්ලාදේශය පරදවමින් සුපිරි 4 දෙනාගේ වටයට..

(වීඩියෝ පහළින් නැරඹිය හැකිය) 2022 ආසියානු කුසලාන තරඟාවලිය තීරණාත්මක තරඟයක් ලෙස පැවතී ශ්‍රී ලංකාව හා බංගලාදේශ අතර තරඟයෙන් තියුණු තරඟයකින් අනතුරුව ලකුණු 2ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක, පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 183ක් ලබාගැනීමට සමත්විය.

බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Afif Hossain පන්දු 22කදී හතරේ පහර 4ක් හා හයේ පහර 2 සමඟින් ලකුණු 39ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව, ආරම්භක පිතිකරු Mehidy Hasan පන්දු 26කට මුහුණදෙමින් හතරේ පහර 2ක් හා හයේ පහර 2 සමඟින් ලකුණු 38ක් ලබාගත් අතර, Mahmudulla පන්දු 22කදී ලකුණු 27ක් හා Mosaddek Hossain පන්දු 9කදි හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 24ක් ද ලබාගැනීමට සමත්විය.

 

 

පන්දු යැවීමේදී, චාමික කරුණාරත්න පන්දුවාර 4 අවසානයේදී ලකුණු 32කට කඩුලු 2ක් හා වනිඳු හසරංග ලකුණු 41කට කඩුලු 2ක් බිඳ දැමූ අතර, ඩිල්ශාන් මධුසංක , මහීශ් තීක්ශන හා අසිත ප්‍රනාන්දු ද එක් කඩුල්ල බැඟින් දවාගැනීමට සමත්විය.. අද දින ඩිල්ශාන් මධුසංක හා අසිත ප්‍රනාන්දු ලබාගත්තේ ඔවුන්ගේ මංගල ජාත්‍යන්තර T20 කඩුලු වේ.

 

 

ඉන් අනතුරුව ලකුණු 184ක දැවැන්ත ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.2ක් අවසානයේදී කඩුලු 8ක් බිඳවැටී ලකුණු 184ක් ලබානිමින් තරඟය තියුණු ලෙස ජයගැනීමට සමත්විය.

එහිදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් පන්දු 37කට පමණක් මුහුණදෙමින් හතරේ පහර 4ක් හා හයේ පහර 3ක් සමඟින් වේගවත් ලකුණු 60ක් ලබාගැනීමට සමත්වුණා.

 

 

ඊට අමතරව නායක දසුන් ශානක නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 33කදී හතරේ පහර 3ක් හා හයේ පහර 2ක් සමඟින් වේගවත් ලකුණු 45ක ලබාගත් අතර, පැතුම් නිස්සංක ලකුණු 20ක් හා අවසානයේදී පන්දු 3කට පමණක් මුහුණදෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 10ක් ලබාගැනීමට අසිත ප්‍රනාන්දු සමත්වුණා.

 

 

පන්දු යැවීමේදී Ebadot Hossain පන්දුවාර 4ක් අවසානයේදී ලකුණු 51කට කඩුලු 3ක් දවාගත් අතර, Taskin Ahmed ලකුණු 24කට කඩුලු 2ක් හා Mustafizur Rahman, Mehadi Hasan එක් කඩුල්ල බැඟින්ද දවාගැනීමට සමත්විය..

ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම තීරණාත්මක තරඟයේදී බංග්ලාදේශය පරදවමින් ආසියානු කුසලාන තරඟාවලියේ සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත් අතර, තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ පිත්තෙන් ලකුණු 60ක් හා උඩපන්දු 2ක් ද රැකගත් කුසල් මෙන්ඩිස් වේ.

 

 

චාමිකගේ නයි නැටුම හා සම්පූර්ණ තරඟයේ Highlight,  (වීඩියෝ පහළින්)

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *