හිටපු ක්‍රීඩක කුමාර් සංගක්කාරගෙන් ප්‍රකාශයක්. (Photo)
මේ දිනවල ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන දේශපාලනය හා ආර්ථික අර්බුදකාරී තත්වය හේතුවෙන් ලාංකීක මහ ජනතාව දැඩි පීඩනයකට ලක්වී තිබෙන අතර, මේ වන විට රටේ සෑම නගරයකම ආණ්ඩුව ගෙදර යැවීම සඳහා ජනතාව විසින් අරගල සිදුකරමින් පවතිනවා.
මෙම අරගල සඳහා ශ්‍රී ලංකා හිටපු ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයින් මෙන්ම දැනට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් රැසක් ද සහය දක්වා ඇති අතර, හිටපු සුපිරි ක්‍රීඩක කුමාර සංගක්කාර තම ෆේස්බුක් පිටිවේ සටනක් ද එක් කර තිබුණා.
එම සටහන පහළින්,
“ඉතිහාසයේ අන්කවරදාකටත් වඩා පීඩාකාරී හා අතිදුෂ්කරවූ කාල පර්ච්චේදයක් ශ්‍රී ලාංකිකයින් ලෙස අප සියළු දෙනාම පසුකරමින් බව නොරහසකි. තම පවුලේ අවශ්‍ය මුලිකාංගයන් පමණක්වත් සපයා ගැනීමට අනන්ත අප්‍රමාණ දුක්ගැහැට වලට දෙන බහුතරයක් ශ්‍රී ලාංකිකයින් පිළිබඳව මම හදවතින්ම කම්පාවට පත්වී සිටින්නෙමි.
පවතින වර්තමාන පිඩාකාරි තත්වයට විසදුමක් ඉල්ලා සිටින ශ්‍රී ලාංකීය ජනතාව රජයේ හෝ දේශයේ සතුරන් නොවන බව අවධාරණය කරන අතරම උද්ගතව පතින දැඩි අසහනකාරී තත්වයට නිසි විසදුම් ලබාදීම බලධාරීන්ගේ වගකීම වන බව විශ්වාස කරමි.
මෙවැනි පීඩාකාරී කාලවකවානුක පටු දේශපාලන වාසි ලබා ගැනීමට ජනතාව අතර සිටිමින් ජනතාව පිඩාවට හා අසහනයට පත්ව සිටින ජනතාව ප්‍රකොපගන්ව ගන්වා තත්වයන් ඇති කිරීමට උත්සහ ගන්න පුද්ගලයින් හා පිළිබඳව සැලකිලිමත්ව සිටීම අප සියළු දෙනාගේම වගකීම වන්නේය. මහජනතාව වර්තමාන පීඩාකාරී මුදවා ගැනීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග පටු දේශපාලන. ආගමික හෝ ජාති භේදයන්ගෙන් බැහැරව ගතයුතු වන අතර ඒ සඳහා පාලකයින් කැපවන බව ජනතාවට දැකගනිමට නොහැකි වීම කනගාටුදායකය.
මහජනතාව පොදු සතුරා සේ නොසලකා ඔවුන්ගේ වර්තමාන හා අනාගත අභිවෘදිය උදෙසා කළහැකි උපරිමය කිරීමත් ජනතාවගේ ආරක්ෂාව හා ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීමත් සෑම රජයකම පළමු හා උත්තරිතම වගකීම වන බව අවධාරණය කරනු කැමැත්තෙමි.
ශ්‍රී ලංකාව, සැබවින්ම ශ්‍රී ලංකාව වන්නේ එහි වෙසෙන සෑම ශ්‍රී ලාංකිකයකුම නිසා බව අප අමතක නොකලයුතුය. එබැවින් ශ්‍රී ලංකාව රැකගැනීම අප සියලුදෙනාගේම යුතුකම වන්නේය.” – කුමාර සංගක්කාර
මේ අතර හිටපු ටෙස්ට් හා එක්දින නායකයෙක් වන මාවන් අතපත්තු හා ඔහුගේ බිරිඳ ද මෙම අරගල සඳහා මහ මාර්ගයට පැමිණ තිබූ අතර, හිටපු ක්‍රීඩක රොශාන් මහානාම හා කුමාර සංගක්කාරගේ බිරිඳ වන යෙහෙලිද මහජනතාව සමඟින් එක්ව සිටියා.
එම ඡායාරූප පහළින්,
1) මාවන් අතපත්තු හා ඔහුගේ බිරිඳ
2) රොහාන් මහානාම
3) කුමාර් සංගක්කාරගේ බිරිඳ
ඒ පමණක් නොව, මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ඉන්දියාවේ සිටින භානුක රාජපක්ෂ , වනිඳු හසරංග මෙන්ම මහේල ජයවර්ධන ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් තැබූ අතර, මෙරට ක්‍රීඩා කළ හා මේ වන විට ක්‍රීඩා කරන බොහෝ ක්‍රීඩක පිරිසක් සමාජ මාධ්‍යය හරහා මෙම අරගලයට සහය දක්වා තිබුණා.
එම ඡායාරූප පහළින්,
4) භානුක රාජපක්ෂ
5) වනිඳු හසරංග
6) මහේල ජයවර්ධන
8) ලසිත් මාලිංග
9) උපුල් තරංග
10) ලහිරු කුමාර
11) දිමුත් කරුණාරත්න