ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පලමු ටෙස්ට් තරඟයේ පලමු දිනය අවසන් වන විට ඉන්දියාව – 367/6
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පලමු තරඟය අද (4) ආරම්භ වුණ අතර පලමු දිනය, ඉන්දීය කණ්ඩායමට වැඩි වාසියක් එක් කරගනිමින් අවසන් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක රෝහිත් ශර්මා පලමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් පලමු දිනය අවසන් වන විට පන්දුවාර 85ක් අවසානයේදී කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 367ක් රැස්කර ගැනීමට සමත්විය.
ඉන්දීය ඉනිමේ පලමු කඩුල්ල ලෙස නායක රෝහිට් ශර්මා, ලහිරු කුමාරගේ පන්දුවක් හමුවේ සුරංග ලක්මාල් අතට උඩපන්දුවක් ලබාදෙමින් දැවීයන විට පන්දු 28දී ලකුණු 29ක් ලබාගෙන සිටියා.
අනතුරුව Mayank Agarwal සමඟින් Hanuma Vihar ලකුණු 28ක සබඳතාවයක් එක් කළ අතර ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවක් හමුවේ Mayank Agarwal දැවීගිය අතර ඔහු ලකුණු 33ක් ලබාගැනීමට සමත්වුණා.
තම ටෙස්ට් දිවියේ 100 වන ටෙස්ට් තරඟය ක්‍රීඩා කරන විරාට් කෝලි පන්දු 76කදී ලකුණු 45කට ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර, ඔහු අද දින ටෙස්ට් දිවියේ ලකුණු 8000 සීමාව පසුකර යාමට ද සමත්වුණා.
ඊට අමතරව Rishabh Pant වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 97කදී හතරේ පහර 9ක් හා හයේ පහර 4ක් සමඟින් ලකුණු 96ක් ලබාගැනීමට සමත්වූ අතර, Hanuma Vihari පන්දු 128කදී ලකුණු 58ක් ලබාගැනීමට සමත්විය.
අද පලමු දිනය අවසන් වන විට පන්දුවට පහරදෙනින් සිටි Ravindra Jadeja පන්දු 82කදී හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 45ක් හා Ravichandran Ashwin නොදැවී ලකුණු 10ක් ද ලබාගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 107කට කඩුලු දෙකක් දවාගැනීමට සමත්වූ අතර, සුරංග ලක්මාල් , ලහිරු කුමාර , විශ්ව ප්‍රනාන්දු හා දනංජය ද සිල්වා අතරේද එක් කඩුල්ල බැඟින් බෙදීගියා.
විරාට් කෝලි දවාගැනීමට ලසිත් ඇඹුල්දෙණිය යොමු කළ පන්දුව, (video)
සුරංග ලක්මාල්ගේ පන්දුවක් හමුවේ Rishabh Pant දැවීගිය ආකාරය හා, දනංජය ද සිල්වාගේ පන්දුවක් හමුවේ Shreyas Iyer දැවීගිය ආකාරය (Video)