ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දෙවන ටෙස්ට් තරඟයෙන් ඉන්දියාවට ලකුණු 238ක ජයක්.
( වීඩියෝව පහළින් නරඹන්න) ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරඟ 2කින් යුත් ටෙස්ට් තරඟාවලියේ දෙවන හා අවසන් තරඟයෙන්ද ලකුණු 238ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමත් සමඟින් තරඟ 2-0ක් ලෙස පූර්ණ තරඟාවලි පරාජයක් ද ලබා ගැනීමට රෝහිට් ශර්මාගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම සමත්වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගෙන පලමුව පන්දුවට පහරදීමට තීරණය කළ ඉන්දීය කණ්ඩායම පලමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 252ක් ලබාගැනීමට සමත්විය.
ඉන්දීය පලමු ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Shreyas Iyer වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 98කදී හතරේ පහර 10ක් හා හයේ පහර 4ක් සමඟින් ලකුණු 92ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව Rishabh Pant පන්දු 26කදී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 39ක් ලබාගත් අතර හනුමා විහාරි පන්දු 81කදී ලකුණු 31ක් ද ලබාගැනීමට සමත්විය. විරාට් කෝලි හට පලමු ඉනිමේ ලබාගැනීමට හැකිවූයේ ලකුණු 23 පමණි.
පන්දු යැවීමේදී ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 94කට කඩුලු 3ක් හා ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 81කට කඩුලු 3ක් දවාගත් අතර දනංජය ද සිල්වා ලකුණු 32කට කඩුලු 2ක් හා සුරංග ලක්මාල් ද එක් කඩුල්ලක් දවාගැනීමට සමත්විය.
අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ඉනිම ආරම්භක කළ නමුත් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 109ක් පමණි.
ශ්‍රී ලංකා පලමු ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ඇන්ජලෝ මැතිව්ස් පන්දු 85කදී හතරේ පහර 3ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 43ක් ලබාගැනීමට සමත්වුණාම් ඊට අමතරව නිරෝශන් දික්වැල්ල පන්දු 38කදී ලකුණු 21ක් ලබාගත් අන්කිසිඳු පිතිකරුවෙකුට ලකුණු 15 සීමාවටවත් ලඟා වීමට නොහැකි විය.
පන්දු යැවීමේදී Jusprit Bumrah විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් පන්දුවාර 10කදී ලකුණු 24කට කඩුලු 5ක් බිඳ දැමීමට සමත්වූ අතර රවිචන්ද්‍රන් අශ්වින් හා Mohammed shami අතරේ කඩුලු 2 බඟින් හා Axar Patel ද එක් කඩුල්ලක්ද ලබාගැනීමට සමත්විය.
ශ්‍රී ලංකා පලමු ඉනිමට වඩා ලකුණු 143ක් ඉදිරියෙන් සිට ඉන්දියාව තම දෙවන ඉනිම ආරම්භ කළ අතර ඔවුන් දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 303ක් ලබාගැනීමට සමත්විය.
පළමු ඉනිමේ මෙන්ම දෙවන ඉනිමේද වැඩිම ලකුණු ලාභියා වූ Shreyas Iyer පන්දු 87කදී හතරේ පහර 9ක් සමඟින් ලකුණු 67ක් ලබාගැනීමට සමත්වුණා.
ඊට අමතරව රිශාබ් පාන්ට් පන්දු 31කදී හතරේ පහර 7ක් සමඟින් වේගවත් ලකුණු 50ක් ලබාගත් අතර නායක රෝහිට් ශර්මාද පන්දු 79කදී ලකුණු 46ක් ලබාගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී ප්‍රවීන් ජයවික්‍රම සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 78කට කඩුලු 4ක් බිඳ දැමීමට සමත්වූ අතර ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 87කට කඩුලු 3ක් හා විශ්ව ප්‍රනාන්දු , දනංජය ද සිල්වා අතරේ ද එක් කඩුල්ල බැඟින් බෙදීගියා.
අනතුරුව ලකුණු 447ක දැවැන්ත ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 208ක් පමණයි.
එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක දිමුත් කරුණාරත්න පන්දු 174කදී හතරේ පහර 15ක් සමඟින් ලකුණු 107ක් ලබාගැනීමට සමත්වුණා.
දිමුත් කරුණාරත්න අද දින ටෙස්ට් දිවියේ 14වන ශතකය ලබාගැනීමට හැකිවූ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ වලදී වැඩිම ශතක ලබාගෙන ඇති ක්‍රීඩකයින් අතර 6 වන ස්ථානය පැමිණීමට සමත්විය. දිමුත් කරුණාරත්නට අමතරව සනත් ජයසූරිය හා තිලාන් සමරවීර ද ටෙස්ට් පිටියේ ශතකය 14 බැඟින් ලබාගෙන ඇත.
ශ්‍රී ලංකා දෙවන ඉනිමේ දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 97ක සබඳතාවයක් එක්කිරීමට දිමුත් කරුණාරත්න හා කුසල් මෙන්ඩිස් සමත්වූ අතර එහිදී කුසල් මෙන්ඩිස් විසින් පන්දු 60කදී හතරේ පහර 8ක් සමඟින් ලකුණු 54ක් රැස්කරගැනීමට සමත්විය. කුසල් මෙන්ඩිස් අද දින රැස්කරගැනීමට හැකිවූයේ තම ටෙස්ට් දිවියේ 12වන අර්ධ ශතකයයි.
පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 55කට කඩුලු 4ක් බිඳ දැමූ අතර Jusprit Bumrah ලකුණු 23කට කඩුලු 3ක් , Axar Patel ලකුණු 37කට කඩුලු 2ක් හා රවින්ද්‍ර ජඩේඩා ද එක් කඩුල්ලක් බිඳ දැමීමට සමත්වුණා.
ඒ අනුව මෙම තරඟයද ඉන්දියාව ලකුණු 238කින් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට, ඉනිම් දෙකේදීම අර්ධ ශතක ලබාගත් Shreyas Iyer සමත්වූ අතර තරඟාවලියේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ තරඟාවලිය පුරාවට ලකුණු 185ක් ලබාගත් රිශාබ් පාන්ට් වේ.
දිමුත් කරුණාරත්නගේ ශතකයේ වීඩියෝව නැරඹීමට Click කරන්න. (VIDEO)