ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියා අතර ටෙස්ට් / එක්දින / විස්සයි විස්ස තරඟාවලි සඳහා ශ්‍රී ලංකා මූලික සංචිත.
(සංචිත හා තරඟ කාළ සටහන පහළින්) ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් , එක්දින හා විස්සයි විස්ස තරඟ ඇතුළත් පූර්ණ තරඟාවලියක් ජුනි මස ආරම්භක වීමට නියමිත වන අතර ඒ සඳහා ශ්‍රී ලංකා මූලික සංචිත නම් කර තිබෙනවා.
තරඟාවලිය පළමුවෙන්ම විස්සයි විස්ස තරඟ වලින් ආරම්භක වීමට නියමිත වන අතර තරඟාවලියට විස්සයි විස්ස තරඟ තුනක්, එක්දින තරඟ 5ක් හා ටෙස්ට් තරඟ 2ක් ඇතුළත් වෙනවා.
ටෙස්ට් සංචිතය සඳහා ක්‍රීඩකයින් 24ක් හා එක්දින , විස්සයි විස්ස සංචිත සඳහා ක්‍රීඩකයින් 26 බැඟින් නම් කර ඇති අතර නම් කර ඇති මූලික සංචිත වලින් අනතුරුව තරඟාවලිය සඳහා ක්‍රීඩාකරන ශ්‍රී ලංකා නිළ සංචිත මෙම මූලික සංචිතය තුලින් නම් කරනු ලබයි.
දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ටෙස්ට් සංචිතය මෙන්න.
ටෙස්ට් සංචිතය,
(1) දිමුත් කරුණාරත්න (නායක) , (2) පැතුම් නිස්සංක , (3) කමිල් මිශාර , (4) ඕෂධ ප්‍රනාන්දු , (5) කුසල් මෙන්ඩිස් , (6) ඇන්ජලෝ මැතිව්ස් , (7) දනංජය ද සිල්වා , (8) කමිඳු මෙන්ඩිස් , (9) නිරෝශන් දික්වැල්ල , (10) දිනේශ් චන්දිමාල් , (11) චාමික කරුණාරත්න , (12) රමේශ් මෙන්ඩිස්,
(13) මොහොමඩ් ශිරාස් , (14) ශිරාන් ප්‍රනාන්දු , (15) ඩිල්ශාන් මදුශන්ක , (16) ලහිරු කුමාර , (17) විශ්ව ප්‍රනාන්දු , (18) අසිත ප්‍රනාන්දු , (19) ජෙෆ්රි වැන්ඩසේ , (20) ලක්ශිත රසන්ජන , (21) ප්‍රවීන් ජයවික්‍රම , (22) ලසිත් ඇඹුල්දෙණිය , (23) සුමින්ද ලක්ශාන් , (24) කසුන් රාජිත
එක්දින හා විස්සයි විස්ස මූලික සංචිත සඳහා ක්‍රීඩකයින් 26 බැඟින් ඇතුළත් කර ඇති අතර මේ සඳහා නවක ක්‍රීඩකයින් ද ඇතුළත් කරගෙන තිබෙනවා.
මේ අතර ශාරීරික යෝග්‍යතා ගැටලු හේතුවෙන් ශ්‍රී ලංකා සංචිතයට එකතු වීමට නොහැකිව සිටි භානුක රාජපක්ෂ නැවතත් ශ්‍රී ලංකා එක්දින,විස්සයි විස්ස සංචිතය සඳහා නම් කර තිබීම විශේෂත්වයකි.
ඊට අමතරව පසුගිය වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායකත්වය දැරූ තුන්ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ද ප්‍රථම වතාවට ශ්‍රී ලංකා මූලික සංචිතයට නම් කර තිබෙන අතර, මෙවර අයි.පී.එල් තරඟාවලිය නියෝජනය කළ මතීෂ පතිරණ ද T20 සංචිතය සඳහා නම් කර තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ පැවතී විස්සයි විස්ස තරඟාවලියේ දී ආබාධයකට ලක්වූ අවිශ්ක ප්‍රනාන්දු, අනතුරුව ඕස්ට්‍රේලියාවේදීම ශල්‍යකර්මයක් කළ අතර ඒ හේතුවෙන් අවිශ්ක ප්‍රනාන්දු මෙම සංචිතයට නම් කර නොමැත.
නම් කරන ලද එක්දින හා විස්සයි විස්ස සංචිතය,
(1) දනුශ්ක ගුණතිලක (එක්දින හා T20)

(2) පැතුම් නිස්සංක (එක්දින හා T20)

(3) කුසල් මෙන්ඩිස් (එක්දින හා T20)

(4) චරිත් අසලංක (එක්දින හා T20)

(5) භානුක රාජපක්ෂ (එක්දින හා T20)

(6) දනංජය ද සිල්වා (එක්දින පමණයි)

(7) දසුන් ශානක (එක්දින හා T20)

(8) දිනේශ් චන්දිමාල් (එක්දින පමණයි)

(9) නිරෝශන් දික්වැල්ලගේ (එක්දින හා T20)

(10) දුනිත් වෙල්ලාලගේ (එක්දින හා T20)

(11) දනන්ජය ලක්ශාන් (එක්දින හා T20)
(12) වනිඳු හසරංග (එක්දින හා T20)

(13) චාමික කරුණාරත්න (එක්දින හා T20)

(14) රමේශ් මෙන්ඩිස් (එක්දින හා T20)

(15) දුශ්මන්ත චමීර (එක්දින හා T20)

(16) බිනුර ප්‍රනාන්දු (එක්දින හා T20)

(17) ලහිරු කුමාර (එක්දින හා T20)

(18) කසුන් රාජිත (එක්දින හා T20)

(19) ජෙෆ්රි වැන්ඩසේ (එක්දින හා T20)

(20) මහීශ් තීක්ශණ (එක්දින හා T20)

(21) නුවන් තුශාර (T20 පමණයි)

(22) ලක්ශාන් සඳකැන් (T20 පමණයි)

(23) අශේන් බන්ඩාර (එක්දින හා T20) , (24) ප්‍රවීන් ජයවික්‍රම (එක්දින හා T20) , (25) මතීෂ පතිරණ (T20 පමණයි) , (26) ජනිත් ලියනගේ (එක්දින පමණයි) , (27) සහන් ආරච්චිගේ (එක්දින හා T20), (28) ලහිරු මධුශංක (එක්දින හා T20) , (29) ඩිල්ශාන් මධුශංක (එක්දින පමණයි) , (30) නිපුන් මාලිංග (T20 පමණයි)

තරඟාවලියේ තරඟ කාළ සටහන මෙන්න.
• පලමු T20 තරඟය – 2022/ජුනි/7 (කොළඹ)
• දෙවන T20 තරඟය – 2022/ජුනි/8 (කොළඹ)
• තුන්වන T20 තරඟය – 2022/ජුනි/11 (නුවර)
• පලමු ODI තරඟය – 2022/ජුනි/14 (නුවර)
• දෙවන ODI තරඟය – 2022/ජුනි/16 (නුවර)
• තුන්වන ODI තරඟය – 2022/ජුනි/19 (කොළඹ)
• හතරවන ODI තරඟය – 2022/ජුනි 21 (කොළඹ)
• පස්වන ODI තරඟය – 2022/ජුනි/24 (කොළඹ)
• පලමු ටෙස්ට් තරඟය – ජුනි 29 – ජූලි 3 (ගාල්ල)
• දෙවන ටෙස්ට් තරඟය – ජූලි 8 – ජූලි 12 (ගාල්ල)