ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පූර්ණ තරඟාවලිය නැරඹිය හැකි සියලුම ආකාර මෙන්න.
(තරඟකාළ සටහන හා ශ්‍රී ලංකා සංචිතය පහළින් සඳහන් කර ඇත)
ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අහර විස්සයි විස්ස තරග 3 ක්, ODI ක්‍රිකට් තරග 5 ක් සහ ICC World Test Championship තරගාවලියට අයත් ටෙස්ට් ක්‍රිකට් තරග 2 ක් ඇතුළත් පූර්ණ තරඟාවලියක් ජුනි 7 වැනිදා සිට ජූලි 12 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙම පූර්ණ තරඟාවලියේ විකාශන අයිතිය දේශීය නළිකාවක් විසින් ලබාගෙන ඇති අතර එම නාළිකාව වනුයේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ “Channel EYE” නාලිකාවයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ඔබට “Channel EYE” ඔස්සේ ජුනි 7 සිට ජූලි 12 දක්වා සම්පූර්ණ තරඟාවලිය නැරඹීමට හැකියාව ඇති අතර තරඟ කාළ සටහන පහළින්ම සඳහන් කර ඇත.
ඊට අමතරව ඩයලොග් ටීවී හා පියෝ ටීවී පාරිභෝගිකයින් හට තරඟාවලිය නැරඹීම සඳහා නාළිකා තුනක් ප්‍රකාශයට පත්කර ඇති අතර එම නාළිකාවන් පහළින්,
• TEN Cricket (විස්සයි විස්ස , එක්දින හා ටෙස්ට්)
ඩයලොග් TV – නාළිකා අංක 69
පියෝ TV – නාලිකා අංක 44
• Sony SIX (විස්සයි විස්ස හා එක්දින පමණයි)
ඩයලොග් TV – නාළිකා අංක 76
පියෝ TV – නාලිකා අංක 37
• Sony TEN 2 (ටෙස්ට් තරඟාවලිය පමණයි)
ඩයලොග් TV – නාළිකා අංක 70
පියෝ TV – නාලිකා අංක 45
7 වෙනිදා ආරම්භක වන විස්සයි විස්ස තරඟාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය මෙන්න.
1) දසුන් ශානක – නායක
2) පැතුම් නිස්සංක
3) දනුශ්ක ගුණතිලක
4) කුසල් මෙන්ඩිස්
5) චරිත් අසලංක
6) භානුක රාජපක්ෂ

7) නුවනිඳු ප්‍රනාන්දු

8) ලහිරු මධුසංක
9) වනිඳු හසරංග
10) චාමික කරුණාරත්න
11) දුශ්මන්ත චමීර
12) කසුන් රාජිත

13) නුවන් තුශාර
14) මහීශ් තීක්ශණ
15) රමේශ් මෙන්ඩිස්
16) මතීෂ පතිරණ

17) ප්‍රවීන් ජයවික්‍රම
18) ලක්ශාන් සඳකැන්

තරඟ කාළ සටහන,
පලමු විස්සයි විස්ස තරඟය = ජුනි 7 (7.00PM) කොළඹ
දෙවන විස්සයි විස්ස තරඟය = ජුනි 8 (7.00PM) කොළඹ
තුන්වන විස්සයි විස්ස තරඟය = ජුනි 11 (7.00PM) නුවර

පලමු එක්දින තරඟය = ජුනි 14 (2.00PM) නුවර
දෙවන එක්දින තරඟය = ජුනි 16 (2.00PM) නුවර
තුන්වන එක්දින තරඟය = ජුනි 19 (2.00PM) කොළඹ
හතරවන එක්දින තරඟය = ජුනි 21 (2.00PM) කොළඹ
පස්වන එක්දින තරඟය = ජුනි 24 (2.00PM) කොළඹ

පලමු ටෙස්ට් තරඟය = ජුනි 29 – ජූලි 03 (10.00AM) – ගාල්ල
දෙවන ටෙස්ට් තරඟය = ජූලි 08 – ජූලි 12 (10.00AM) – ගාල්ල.