ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර ටෙස්ට් තරඟාවලිය සජීවීව නැරඹිය හැකි ආකාරය.
ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් ශ්‍රී ලංකාව හා පකිස්තාන අතර, ටෙස්ට් තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලිය ජූලි මස 16 වන දින සිට ජූලි 28 දක්වා පැවැත්වීමට නියමිතයි.
මෙම ටෙස්ට් තරඟ දෙකකින් යුත් තරඟාවලියේ සජීවී විකාශනය අයිතිය දේශීය නාළිකාවක් විසින් ලබාගෙන ඇති අතර, එම නාළිකාව වනුයේ, සියත TV වේ.
ඒ අනුව ඔබට සියත TV නාලිකාව ඔස්සේ ජූලි 16 වැනිදා සිට ජූලි 28 වන දක්වා ටෙස්ට් තරඟ 2කින් යුත් සම්පූර්ණ තරඟාවලිය සජීවීව නැරඹීමේ අවස්ථාව උදාවේ.
ඊට අමතරව, ඩයලොග් ටීවී හා පියෝ ටීවී පාරිභෝගිකයින් සඳහා ද තරඟාවලිය නැරඹීම සඳනා නාළිකාවන් දෙක බැඟින් ලබාදී ඇති අතර එම නාළිකාවන් පහළින්,
ඩයලොග් TV
Sony TEN 2 – නාලිකා අංකය 70
TEN Cricket – නාලිකා අංකය 69
පියෝ TV
Sony TEN 2 – නාලිකා අංකය 45
TEN Cricket – නාලිකා අංකය 44
ඊට අමතරව මෙම සම්පූර්ණ තරඟාවලියම ශ්‍රී ලංකා නිළ ෆේස්බුක් යූටියුබ් නාළිකාව ඔස්සේද සජීවීව නැරඹිය හැකියි.
මේ අතර තරඟාවලිය ආරම්භයට පෙර ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ අතර එහිදී තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.
තරඟාවලියේ පලමු තරඟය ගාල්ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිත වන අතර, ඒ සම්බන්ධයෙන් දිමුත් කරුණාරත්න පැවසූවේ මෙවන් අදහසක්,
ගාල්ලේ තරඟාවලියක් ආරම්භ කරන එක ගොඩාක් හොඳ දෙයක්. මොකද ගොඩාක් වෙලාවට අපි ගාල්ලේ තරඟ ජයග්‍රහණය කරනවා. අපේ ක්‍රීඩකයින් ගොඩාක් වෙලාවට මේ විකට් වලට , කාළගුණයට, සුලඟට සුරුවෙලා තියනවා. ඒක අපිට ලොකු වාසියක්.
මේ අතර, තවමත් තරඟය ක්‍රීඩා කරන අවසන් 11 දෙනා තීරණය කළ නොමැති බව දිමුත් කරුණාරත්න පවසා සිටි නමුත්, පලමු තරඟය ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයින් 12 දෙනෙකු තෝරාගෙන ඇති බවත්, එම 12දෙනාගෙන් 11 දෙනෙකු තරඟය ක්‍රීඩාකරන බවත් ඔහු පවසා සිටියා.
අපි තවම අවසන් 11 දෙනා තීරණය කරලා නැහැ. නමුත් ක්‍රීඩකයින් 12 දෙනෙකු තීරණය කරලා තියෙනවා. කොරෝනා ආසාදනය වූ පැතුම් නිස්සංක මෙම තරඟය ක්‍රීඩා කරන්නෙ නැහැ. පහුගිය තරඟයට පෙර කොරෝනා ආසාදනය වූ දනංජය ද සිල්වා නැවතත් කණ්ඩායමට පැමිණ තිබෙනවා. ඒ නිසා කමිඳු මෙන්ඩිස්ට ස්ථානය අහිමිවෙනවා.
ආරම්භ පිතිකරු පැතුම් නිස්සංක ක්‍රීඩා නොකිරීම හේතුවෙන්, දිමුත් කරුණාරත්න සමඟින් ඕශධ ප්‍රනාන්දු ඉනිම ආරම්භ කරන බවද දිමුත් කරුණාරත්න වැඩිදුරටත් පවසා සිටියා.
මේ අතර, ඕස්ට්‍රේලියාව අතර පැවතී දෙවන තරඟයේදී කඩුලු රැකීමේදී ස්ටම්ප් කිරීම් කිහිපයක්ම නිරෝශන් දික්වැල්ල හට මඟහැරුණු අතර, නමුත් මෙම තරඟයේදීද ඔහුට අවස්ථාවක් ලබාදෙන බව දිමුත් කරුණාරත්න ප්‍රකාශ කර සිටියා.
පෙර තරඟයේදී දික්වැල්ල අතින් යම්කිසි අඩුපාඩු කිහිපයක් වුණා. නමුත් අපි දැක්කා තණතිල්ල ගොඩාක්ම දඟකැවුන නිසා තමයි ඒ විදිහට කඩුලු රැකීමේ කාර්යා කරන්න අමාරුවුණේ. දික්වැල්ල පලවෙනි තරඟයේදී අවශ්‍යම වෙලාවක ලකුණු 50ක් ලබාගත්තා. එක තරඟයකින් ක්‍රීඩකයෙක්ව මනින්න බැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔහුට මෙම තරඟාවලියේදී අවස්ථාවක් ලබදීලා ඔහු ක්‍රීඩා කරන ආකාරය ගැන බලනවා.
මේ අතර , පකිස්තාන කණ්ඩායමේ බෝලින් ඇටෑක් එක සම්බන්ධයෙන් දිමුත් කරුණාරත්න පැවසූවේ මෙවන් අදහසක්,
ඔහුන්ගේ හොඳ වේගපන්දු යවන්නන් දෙදෙනෙක් ඉන්නවා. shaheen afridi හා Hasan Ali කියන්නේ හොඳ වේගපන්දු යවන්නෙක්. ඊට පස්සේ yasir shah, අන්තිමට අපි ගාල්ල ක්‍රීඩා කළ තරඟාවලියේදී විකට් 20කට වැඩියෙන් ලබාගත්තා. ඒ බෝලින් ඇටෑක් එක ලොකු පීඩනයක් වේවි. නමුත් අපි ඒකට හොඳින් සූදානම් වෙලා තියනවා. තණතිල්ල ගැන අපි හොඳින් අධ්‍යනය කරනා තියනවා. ඉතින් අපි බලනවා කොහොමද මේ තරඟාවලිය හොඳින් අවසන් කරන්නේ කියලා.
පකිස්තානයට එරෙහිව ටෙස්ට් තරඟාවලිය සඳහා නම් කරනු ලැබූ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය මෙන්න.
1) දිමුත් කරුණාරත්න – නායක
2) පැතුම් නිස්සංක
3) ඕෂධ ප්‍රනාන්දු
4) ඇන්ජලෝ මැතිව්ස්
5) කුසල් මෙන්ඩිස්
6) දනංජය ද සිල්වා
7) කමිඳු මෙන්ඩිස්
8) නිරෝශන් දික්වැල්ල
9) දිනේශ් චන්දිමාල්
10) රමේෂ් මෙන්ඩිස්
11) මහීශ් තීක්ශන
12) කසුන් රාජිත
13) විශ්ව ප්‍රනාන්දු
14) අසිත ප්‍රනාන්දු
15) ඩිල්ශාන් මධුසංක
16) ප්‍රබාද් ජයසූරිය
17) දුනිත් වෙල්ලාලගේ
18) ජෙෆ්රි වැන්ඩසේ