ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ටෙස්ට් තරඟාවලිය නැරඹිය හැකි සියලුම ආකාර මෙන්න.
(තරඟ කාළ සටහන හා ශ්‍රී ලංකා සංචිතය පහළින්ම නැරඹිය හැක) මෙම වසරේ මැයි 15 වන දින ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාලියක් බංග්ලාදේශයේදී ආරම්භ වීමට නියමිත වන අතර මේ වන විටත් තරඟාවලියට නම් කළ ශ්‍රී ලංකා සංචිතය බංග්ලාදේශය බලාපිටත් වී තිබෙනවා.
මෙම තරඟාවලියේ විකාශන අයිතිය දේශීය නාකිකාවක් විසින් ලබාගෙන ඇති අතර එම නාළිකාව වන්නේ “Supreme Tv” නම් නාළිකාවයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ඔබට “Supreme Tv” ඔස්සේ සම්පූර්ණ තරඟාවලිය නැරඹීමට හැකියාව ඇති අතර මැයි මස 15 වන දින උදෑසන 10.00ට තරඟාවලිය ආරම්භක වේ.
ඊට අමතරව ඩයලොග් ටීවී පාරිභෝගිකයින්ටද මෙවර තරඟාවලිය Supreme Tv (ඩයලොග් Tv නාළිකා අංකය – 20) ඔස්සේ හා පියෝ ටීවී පාරිභෝගිකයින් හට EVENT TV ඔස්සේ නැරඹීමට හැකිවන අතර, නොමිලේම තරඟාවලිය නැරඹීමට හැකිවන බව ඔවුන් සඳහන් කර තිබෙනවා.
තවද, Supreme TV ෆේස්බුක් පිටුව හා යූටියුබ් නාළිකා ඔස්සේද මෙවර සම්පූර්ණ තරඟාවලිය විකාශනය වන වන ඔවුන් පවසන අතර, රූපවාහිනී ඔස්සේ නැරඹීමට නොහැකි ඔබට ෆේස්බුක් හා යූටියුබ් ඔස්සේ තරඟාවලිය නැරඹීමට හැකියාව ලැබෙයි.
තරඟාවලියේ සඳහා නම් කළ ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය මෙන්න.
1) දිමුත් කරුණාරත්න – නායක
2) ඕෂධ ප්‍රනාන්දු
3) දනංජය ද සිල්වා
4) ඇන්ජලෝ මැතිව්ස්
5) කමිල් මිශාර
6) කුසල් මෙන්ඩිස්
7) කමිඳු මෙන්ඩිස්
8) නිරෝශන් දික්වැල්ල
9) දිනේශ් චන්දිමාල්
10) රමේශ් මෙන්ඩිස්
11) චාමික කරුණාරත්න
12) විශ්ව ප්‍රනාන්දු
13) අසිත ප්‍රනාන්දු
14) කසුන් රාජිත
15) ඩිල්ශාන් මදුශන්ක
16) ප්‍රවීන් ජයවික්‍රම
17) ලසිත් ඇඹුල්දෙණිය
18) සුමින්ද ලක්ශාන්
තරඟ කාළ සටහන ,
පලමු ටෙස්ට් තරඟය – මැයි 15 – මැයි 19 | පෙ.ව.10.00 | Zahur Ahmed Chowdhury Stadium, Chattogram
දෙවන ටෙස්ට් තරඟය – මැයි 23 – මයි 27 | පෙ.ව.10.00 | Shere Bangla National Stadium, Dhaka