ශ්‍රී ලංකා ඇතැම් ක්‍රිකට් ප්‍රේක්ෂකයින් හට ධම්මික ප්‍රසාද්ගෙන් සැර ප්‍රකාශයක්.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් වසර ගණනාවක් සේවය කළ ශ්‍රී ලංකාකික පන්දුයවන්නන් අතරින් ටෙස්ට් පිටියේ හතරවෙනියට වැඩිම කඩුලු ලබාගෙන ඇති සුරංග ලක්මාල් පසුගිය ඉන්දීය සංචාරයෙන් අනතුරුව තම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙනු ලැබූවා.
ඉන් අනතුරුව ධම්මික ප්‍රසාද්, දිනේශ් චන්දිමාල් , සීකුගේ ප්‍රසන්න, තිසර පෙරේරා ඇතුළුව ඔවුන්ගේ පවුලේ අය සමඟින් සුහඳ හමුවකට එක්වෙමින්, ශ්‍රී ලංකාවේ හදවතේ ගායකයා ලෙස හදුන්වන චාමර වීරසිංහගේ ගීතයක් ගායනා කරන අයුරු ධම්මික ප්‍රසාද්ගේ ෆේස්බුක් ගිණුමේ පළ කර තිබුණා.
එම වීඩියෝව පහළින්,
එම වීඩියෝව නැරඹීමෙන් අනතුරුව ඇතැම් ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින් විසින් ඔහුන්ට බනිමින් ඔහුන්ගේ හැසිරීම ද විවේචනය කර තිබෙන අයුරු දැකගන්නට තිබුණා.
නමුත්, එදින ක්‍රීඩකයින් විසින් ගායනා කර ෆේස්බුක් පළ කළ තිබූ වීඩියෝව, ගීතයේ හිමිකරු චාමර වීරසිංහ ඔවුන්ව අගය කරමින් එම වීඩියෝව තමාගේ ෆේස්බුක් පිටුවේද පළ කර තිබුණා.
පසුව එම වීඩියෝව වෙත අදහස් දක්වමින් හිටපු ක්‍රීඩක ධම්මික ප්‍රසාද්, ඔවුන්ව අගය කිරීම සම්බන්ධයෙන් චාමර වීරසිංහ හට ස්තූති කර තිබුණා.
තවද, එම වීඩියෝව විවේචනය කර තිබූ ප්‍රේක්ෂකයින්ටද බැන වදිමින් ධම්මික ප්‍රසාද් විසින් දක්වා තිබුණේ මෙවන් අදහසක්,
ධම්මික ප්‍රසාද්ගේ Comment එක පහළින්,
බොහෝම ස්තුතියි චාමර, බොහෝම ආස කරන ගීත ඔබගේ අතින් නිර්මාණය වී ඇති අතර මෙය මා මෙන්ම සුවහසක් ජනතාව වඩාත් ප්‍රිය කරන ඔබගේ එක් ගීතයකි, ඉතින් ඉදිරියේදී ඔබ අප සමග එකතුවෙවියැයි විශ්වාස කරමි, මා පුද්ගලිකවම ප්‍රිය කරන ගීත සමුහයක් ඔබගෙන් නිර්මාණය වී ඇති අතර , තවත් එවැනි නිර්මාණ බිහිකිරීමට ශක්තිය හා ධෛර්ය ප්‍රර්ථනා කර සිටිමි.
කොහේ ගියත් අපට දැකිය හැකි කුහක , වැඩ බැරි , තමාට මෙන්ම රටටත් වැඩක් නැති fb කාඩ් බෝඩ් වීරයන්ගේ වීරෝදයද දක්නට ලැබුන අතර, අප ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් කල දේ නිහඩව හිතේ දරා ආදරයෙන් ඒ හැම දෙයක්ම බාර ගන්නා අතර අප කණ්ඩායම අසාර්ථක වන විට කිසිවක් නොසොයා නොබලා අදහස් ප්‍රකාශ කිරීම ගැන කණගාටු වන අතර වර්ථමාන කණ්ඩායම ඉක්මනින් හොද තත්වයකට ඒවියැයි විශ්වාස කරමි.
අප ක්‍රීඩාවෙන් සමුගෙන අවසන්ය, එමනිසා අදහස් ප්‍රකාශ කරන විට සමහරක් දෙනා මීට වඩා බුද්ධිමත් විය යුතුය, මන්දයත් අප ක්‍රීඩා කලේ එවැනි උගත්, බුද්ධිමත් ක්‍රීඩාවට ලැදි ප්‍රේක්ෂකයන් ඉදිරියේ වීම නිසාය, චාමර සමාවෙන්න මේ අතරතුර මෙයත් සමහරක් වෙනුවෙන් සටහන් කිරීමට සිදුවීම පිලිබදව, ඔබට ජය වේවා, ජේසු පිහිටයි ,තෙරුවන් සරණයි.
ධම්මික ප්‍රසාද් මෙම අදහස ඉදිරිපත් කර තිබුණේ චාමර වීරසිංහ සමඟින් ගත් ඡායාරූපයක්ද සමඟිනි. එම ඡායාරූපය මෙන්න.