ශ්‍රී ලංකා එක්දින හා T20 සංචිතය (SundayTime වෙබ්අඩවියේ සඳහන් වන පරිදි)

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර මාර්තු 25 වන දින ආරම්භ වීමට නියමිත එක්දින තරඟ 3 හා විස්සයි විස්ස තරඟ 3 සඳහා තෝරාගෙන ඇති බවට සඳහන් වන ශ්‍රී ලංකා සංචිතයක් ප්‍රසිද්ධ නිව්ස් වෙබ්අඩවියක් වන SundayTimes වෙබ් අඩවිය මඟින් සඳහන් කර තිබෙනවා කර තිබෙනවා. (සම්පූර්ණ සංචිතය පහළින් සඳහන් කර ඇත)

 

 

මෙම තරඟාවලිය නවසීලන්තයේදී පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් තරඟාවලියේ සිටි ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ඉවත් කර නවක ක්‍රීඩකයින් මෙන්ම හිටපු ක්‍රීඩකයින් කිහිපදෙනෙක් මෙම සංචිතයට ඇතුළත් කට තිබෙනවා.

පාදයේ සිදුකළ සැත්කමකින් අනතුරුව වසරකට පසුව ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ද දස්කම් දැක්වා කණ්ඩායමට පැමිණී අවිශ්ක ප්‍රනාන්දු ඉන්දීය සංචාරයේදී සාර්ථක වීමට නොහැකිවීම හේතුවෙන් මෙම එක්දින හා විස්සයි විස්ස යන සංචිත දෙකෙන්ම ඔහුව ඉවත් කර තිබෙනවා.

 

 

වසර 2ක කාළයක් තිස්සේ එක්දින හා විස්සයි විස්ස කණ්ඩායමේ ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලැබුණු ශ්‍රී ලංකා ඡේෂ්ඨ ක්‍රීඩකයෙක් වන ඇන්ජලෝ මැතිව්ස් නැවතත් කණ්ඩායමට කැඳවා ඇති අතර, ආබාධ ත්ත්ව හේතුවෙන් වසරක් පමණ කණ්ඩායමෙන් ඉවත්කර සිටි කුසල් පෙරේරා ද නැවත සංචිතයට එක්කරගෙන තිබෙනවා.

 

 

ඇන්ජලෝ මැතිව්ස් එක්දින සංචිතය සඳහා පමණක් එක්කරගෙන ඇති අතර, කුසල් පෙරේරා නම් කර ඇත්තේ විස්සයි විස්ස සංචිතයට පමණයි.

කෙසේ නමුත්, ඉන්දීය සංචාරයේදී එක්දින සංචිතයේ පමණක් සිටි ප්‍රහාරාත්මක පිතිකරුවෙක් වූ භානුක රාජපක්ෂ මෙවර කිසිම සංචිතයක් සඳහා නම් කර නොමැත.

 

තවද, අවසන් තරඟාවලි කිහිපයේදීම අතිරේක ක්‍රීඩකයෙකු ලෙසින් කණ්ඩායමේ ක්‍රීඩා කරමින් සුපිරි පන්දු රැකීමෙන් කණ්ඩායමට විශිෂ්ඨ දායකත්වයක් දැක්වූ අශේන් බන්ඩාර මෙවර සංචිතයේ නොමැති අතර, එයට හේතුව ආබාධ තත්වයක් බවටයි වාර්තාවන්නේ.

 

 

නවක ක්‍රීඩකයින් වන සහන් ආරච්චිගේ එක්දින සංචිතයට ද, ලසිත් කෲස්පුල්ලේ විස්සයි විස්ස සචිතයට කැඳවා ඇති අතර, ඉන්දීය සංචාරයේදී එක්දින පමණක් ක්‍රීඩා කළ නුවනිඳු ප්‍රනාන්දු මෙවර එක්දින හා විස්සයි විස්ස සංචිත දෙක සඳහා ද නම් කර තිබෙනවා.

ආබාධයකින් අනතුරුව ශ්‍රී ලංකා ප්‍රධාන වේගපන්දු යවන්නා වන දුශ්මන්ත චමීර නැවතත් එක්දින හා විස්සයි විස්ස සචිතය සඳහා නම් කර තිබෙන අතර, නුවන් තුශාර සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

 

 

ඒ අනුව, දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස සංචිතය පහළින්, (SundayTime වෙබ් අඩවියේ සඳහන් වන පරිදි)

1 පැතුම් නිස්සංක (ODI, T20)

 

 

2 කුසල් මෙන්ඩිස් (ODI, T20)

 

 

3 ධනංජය ද සිල්වා (ODI, T20)

 

 

4 චරිත් අසලංක (ODI, T20)

 

 

5 දසුන් ශානක (ODI, T20)

 

 

6 ඇන්ජලෝ මැතිව්ස් (ODI පමණයි)

 

 

7 කුසල් පෙරේරා (T20 පමණයි)

 

 

8 සහන් ආරච්චිගේ (ODI පමණයි)

 

 

9 නුවනිදු ප්‍රනාන්දු (ODI, T20)

 

 

10 සධීර සමරවීක්‍රම (ODI, T20)

 

 

11 වනිඳු හසරංග (ODI, T20)

 

 

12 දුනිත් වෙල්ලාලගේ (ODI, T20)

 

 

13 මහීෂ් තීක්ෂණ (ODI, T20)

 

 

14 කසුන් රාජිත (ODI, T20)

 

 

15 ලහිරු කුමාර (ODI, T20)

 

 

16 ප්‍රමෝද් මදුෂාන් (ODI පමණයි)

 

 

17 දිල්ෂාන් මදුසංක (ODI, T20)

 

 

18 චාමික කරුණාරත්න (ODI, T20)

 

 

19 දුෂ්මන්ත චමීර (ODI, T20)

 

 

20 ලසිත් කෘස්පුල්ලේ (T20 පමණයි)

 

 

21 මතිෂ පතිරණ (T20 පමණයි)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *