ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගනී.

(වීඩියෝ පහළින් නැරඹිය හැකිය) 2022 ආසියානු කුසලාන තරඟාවලියේ තවත් තීරණාත්මක තරඟයක් ලෙස පැවතී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරඟයෙන් කඩුලු 6ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක, පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහරදුන් ඉන්දියා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 173ක් ලබාගැනීමට සමත්විය.

ඉන්දියා ඉනිම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් වැඩිම ලකුණු ලාභියා වූ නායක රෝහිට් ශර්මා පන්දු 41කදී හතරේ පහර 5ක් හා හයේ පහර 4ක් සමඟින් වේගවත් ලකුණු 72ක් ලබාගැනීමට සමත්වුණා.

 

 

ඊට අමතරව, සූර්යකුමාර් යාදෙව් පන්දු 29කදී හතරේ පහරක් හා එක් හයේ පහක් සමඟින් ලකුණු 34ක් ලබාගත් අතර, රවිචන්ද්‍රන් අශ්වින් පන්දු 7කදී වේගවත් ලකුණු 15ක් හා හර්දික් පාන්ඩ්‍යා, රිශාබ් පාන්ට් ලකුණු 17 බැඟින් ද ලබාගැනීමට සමත්විය.

 

 

ඉන්දියා හිටපු නායක විරාට් කෝලි ලකුණු ලබාගැනීමට පෙර දවාගැනීමට යොවුන් ක්‍රීඩක ඩිල්ශාන් මධුශංක සමත්වූ අතර, මෙයශ්‍රී ලංකාව හමුවේ විස්සයි විස්ස තරඟයකදී විරාට් කෝලි ලකුණු නොලබා දැවී ගියප්‍රථම අවස්ථාවයි.

පන්දු යැවීමේදී, සුපිරි පන්දු යැවීමක නිරත වීමට නවක ක්‍රීඩක ඩිල්ශාන් මධුසංක සමත්වූ අතර ඔහු පන්දුවාර 4 අවසානයේදී ලකුණු 24 කට කඩුලු 3ක් දවාගැනීමට සමත්විය. ඊට අමතරව දසුන් ශානක, චාමික කරුණාරත්න කඩුලු 2ක බැඟින් හා මහීශ් තීක්ශන එක් කඩුල්ලක් දවාගැනීමට සමත්විය.

 

 

ඉන් අනතුරුව ලකුණු 174ක දැවැන්ත ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.5ක් අවසානයේදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 174ක් ලබානිමින් තරඟය විශිෂ්ඨ ලෙස ජයගැනීමට සමත්වුණා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් පන්දු 37කදී හතරේ පහර 4ක් හා හයේ පහර 3ක් සමඟින් වේගවත් ලකුණු 57ක් ලබාගැනීමට සමත්විය. මෙම මෙම තරඟාවලියේ ඔහු ලබාගත් දෙවන අර්ධ ශතකයයි.

 

 

ඊට අමතරව පැතුම් නිස්සංකද අර්ධ ශතකයක් රැස්කර ගනිමින් පන්දු 37කදී හතරේ පහර 4ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 52ක් ලබාගත් අතර, නායක දසුන් ශානක පන්දු 18කදී හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමඟින් වේගවත් ලකුණු 33*ක් හා භානුක රාජපක්ෂ පන්දු 17කදී නොදැවී ලකුණු 25ක් ද ලබාගැනීමට සමත්විය.

 

 

පන්දු යැවීමේදී Yuzvendra Chahal පන්දුවාර 4 අවසානයේදී ලකුණු 34කට කඩුලු 3ක් හා, ‍රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 32කට එක් කඩුල්ලක් බිඳදැමීමට සමත්විය.

ඒ අනුව, ඉන්දියා කණ්ඩායම කඩුලු 6කින් පරාජයට පත්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගත් අතර, තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූවේ පන්දුවෙන් කඩුලු 2ක් හා පිත්තෙන් වේගවත් ලකුණු 33* ක් ලබාගත් නායක දසුන් ශානක වේ.

 

 

ඩිල්ශාන් මධුශංක විරාට් කෝලි දවාගත් ආකාරය හා සම්පූර්ණ තරඟයේ Highlights (Video)

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *