ශ්‍රී ලංකා කණ්ඩායම , බංගලාදේශ පලමු ඉනිමට වඩා තවත් ලකුණු 29ක් පසුපසින්…

(වීඩියෝ පහළින් නැරඹිය හැක) ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර පලමු ටෙස්ට් තරඟයේ සිව්වන දිනය අද (18) අවසන් වූ අතර, දිනය අවසන් වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුලක් දැවී ලකුණු 40ක් ලබාගෙන සිටියා.

 

(Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

 

තරඟයේ පලමු පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඇන්ජලෝ මැතිව්ස්, දිනේශ් චන්දිමාල් , කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට ඉනිම් සමඟින් ලබාගත් ලකුණු 397 ට පිළිතුරු වශයෙන් බංග්ලාදේශය කණ්ඩායම සිය පලමු ඉනිම වෙනුවෙන් ලකුණු 465 ලබාගැනීමට සමත්විය.

 

 (Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

 

තුන්වන දිනය නිමාවන විට පලමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංගලාදේශ කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 318ක් ලබාගෙන සිටි අතර, මුශ්පිකර් රහීම් නොදැවී ලකුණු 53ක් හා ලිටන් දාස් නොදැවී ලකුණු 54ක් ලබාගෙන සිටියා.

අද හතරවන දිනයේ දිවා ආහාරය දක්වා ඔවුන් දෙදෙනා කඩුලු ලබානොදෙමින් පන්දුවට පහරදෙමින් බංගලාදේශ කණ්ඩායමට තවත් ලකුණු 67 ක් එක් කළ අතර, දිවා ආහාරයෙන් කසුන් රාජිත යොමු කළ පළමු පන්දුවෙන්ම ලිටන් දාස්ව දවාගැනීමට සමත්වුණා. දැවී යන විට ඔහු පන්දු 189කදී හතරේ පහර 10ක් සමඟින් ලකුණු 88ක් ලබාගෙන සිටියා.

 

 (Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

 

ඉන් අනතුරුව ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත්ව සිටි තමීම් ඉක්බාල් නැවතත් පන්දුවට පහර දීමට පිටියට පැමිණී අතර, කසුන් රාජිත එම පන්දුවාරයේ යැවූ දෙවෙනි පන්දුවෙන් තමීම් ඉක්බාල්අගේ කඩුල්ලද දවාගැනීමට සමත්වූයේ කෙලින්ම පන්දුව කඩුල්ලේ වැඳීමට යොමුකරමිනි. තමීම් ඉක්බාල් පන්දු 218කට මුහුණදෙමින් හතරේ පහර 15ක් සමඟින් ලකුණු 133ක් ලබාගත් අතර, එම ශතකය ඔහුගේ ටෙස්ට් දිවියේ 10 වන ශතකය වේ.

 

(Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

 

පසුව තුන්ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසන් , මුශ්පිකර් රහීම් සමඟින් බංග්ලාදේශ ඉනිමට තවත් ලකුණු 36ක් එක් කළ අතර, අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ නිරෝශන් දික්වැල්ල වෙත පහසු උඩපන්දුවක් ලබාදෙමින් ශකිබ් අල් හසන් ලකුණු 26කට දැවීගියා.

බංගලාදේශ කණ්ඩායමේ ඡේශ්ඨ ක්‍රීඩකයෙක් වන මුෂ්ෆිකර් රහීම් අද දින ඔහුගේ ටෙස්ට් දිවියේ 8 වන ශතකය රැස්කර ගැනීමට සමත්වූ අතර, ඔහු පන්දු 282කදී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 105ක් ලබාගෙන සිටියදී ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවක් හම්වේ දැවීයාමට ලක්විය.

 

(Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

 

ශෝරිෆුල් ඉස්ලාම් ආබාධයකට ලක්වීමත් සමඟ බංග්ලාදේශය කණ්ඩායමේ පලමු ඉනිම නිමාවට පත්වූ අතර ඔවුන් සිය පළමු ඉනිම සඳහා ලකුණු 465ක් ලබාගැනීමට සමත්විය.

පන්දුයැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ කසුන් රාජිත පන්දුවාර 24.1ක් ක්‍රියාත්මක කරමින් නිළකුණු පන්දුවාර 6ක් සමඟින් ලකුණු 60කට කඩුලු 4ක් බිඳ දැමීමට සමත්විය. ඊට අමතරව අසිත ප්‍රනාන්දු ලකුණු 72කට කඩුලු 3ක් බිඳ දැමූ අතර දනංජය ද සිල්වා හා ලසිත් ඇඹුල්දෙණිය ද එක් කඩුල්ල බැඟින් දවාගැනීමට සමත්විය.

 

 

අනතුරුව බංග්ලාදේශ කණ්ඩායම වඩා ලකුණු 68ක් පිටුපසින් සිට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම ආරම්භක කළ අතර ලකුණු 36ක් වන විට පලමු කඩුල්ල ලෙස ඕෂධ ප්‍රනාන්දු ලකුණු 19කට දුවද්දී දැවීයාමට ලක්විය. (ලකුණු 19 / පන්දු 35 / හතරේ පහර 3)

අනතුරුව පිටියට පිවිසී ලසිත් ඇඹුල්දෙණිය පන්දු 22කට මුහුණදෙමින් ලකුණු 2ක් ලබාසිටියදී දැවීගිය අතර ඉන් අනතුරුව හතරවන දිනනට තරඟය නරත කිරීමට විනිසුරුවන් තීරණය කරනු ලැබුවා. ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් බිඳවැටී ලකුණු 39ක් ලබාගෙන සිටි අතර බංග්ලාදේශ පලමු ඉනිමට වඩා තවත් ලකුණු 29ක් පසුපසින් සිටිනවා.

 

 (Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

 

හෙට (19) තරඟයේ පස්වන හා අවසාන දිනයයි.

කසුන් රාජිත අද දින ලබාගත් කඩුලු 2 හා, ලසිත් ඇඹුල්දෙණිය ලබාගත් කඩුල්ල වීඩියෝ,

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *