ශ්‍රී ලංකා කණ්ඩායම වෙත තිබූ තරඟයේ වැඩි ගෞරවය බංගලාදේශ විසින් උදුරාගනී.

(වීඩියෝ පහළින් නැරඹිය හැක) ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අහර තරඟ දෙකකින් සමත්විය ටෙස්ට් තරඟාවලියේ දෙවන ටෙස්ට් තරඟය අද (23) ආරම්භක වූ අතර පලමු දිනය නිමාවන විට ශ්‍රී ලංකාවට තිබූ වැඩි ගෞරවය බංග්ලාදේශය කණ්ඩායම උදුරාගැනීමට සමත්වුණා.

 

 (Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

 

තරඟයේ කාසියේ දිනාගත් බංගලාදේශ නායක Mominul Haque පලමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, තරඟය ආරම්භ වී දෙවන පන්දුවෙන්ම ආරම්භක පිතිකරු Mohmudul Hasan ව දවාගැනීමට කසුන් රාජිත සමත්වුණා. Mohmudul Hasan හට ලකුණු ලබාගැනීමට හැකිවුනේ නෑ.

 

 

අනතුරුව අසිත ප්‍රනාන්දු ක්‍රියාත්මක කළ පලමු පන්දුවාරයේදී 4වන පන්දුවෙන් තමීම් ඉක්බාල් ප්‍රවීන් ජයවික්‍රම වෙතට උඩපන්දුවක් ලබාදෙමින් ලකුණු ලබාගැනීමට පෙර දැවීයාමට ලක්වුණා.

මෙවර බංගලාදේශ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු ලබාගැනීමට පෙර දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වූ අතර, මෙය ශ්‍රී ලංකාවෙන් පිටතදී ප්‍රතිවාදී කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු ලබාගැනීමට පෙර දවාගැනීමට හැකිවූ පලමු අවස්ථාවද වේ.

 

(Photo by Munir uz ZAMAN / AFP) (Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

 

ඉන්අනතුරුව බංගලාදේශ ඉනිමේ ලකුණු 16ක් ලෙස සටහන් වී තිබූ අවස්ථාවේදී බංගලාදේශ ඉනිමේ තුන්වන කඩුල්ල ලෙස බංග්ලාදේශ නායක Mominul Haque දවාගැනීමට අසිත ප්‍රනාන්දු සමත්වූයේ කඩුලු රකින ක්‍රීඩක නිරෝශන් දික්වැල්ල අතට උඩපන්දුවක් ලබාදෙමින්ය. Mominul හට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 9ක් පමණයි.

 

 (Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

 

නැවතත් ක්‍රියාත්මක වූ කසුන් රාජිත බංගලාදේශ ඉනිමේ 7 වන පන්දුවාරයේදී පිට පිට පන්දු දෙකකදී කඩුලු දෙකක් ලබාගනිමින් බංගලාදේශ කණ්ඩායම වෙත අභියෝගයක් එල්ල කිරීමට සමත්වුණා. එහිදී Najmul Hossain ලකුණු 8කට දැවීගිය අතර ශකිබ් අල් හසන් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවී ලකුණු නොලබාම දැවීගියා. ඒ වන විට බංගලාදේශ කණ්ඩායම ලබාගෙන සිටියේ ලකුණු 24ක් පමණයි.

 

(Photo by Munir uz ZAMAN / AFP) (Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

 

මෙය බංග්ලාදේශ කණ්ඩායම ටෙස්ට් තරඟයකදි පන්දුවාර 7 ක් තුළදී කඩුලු 5ක් දැවීගිය 2 වන අවස්ථාව වන අතර, මීට පෙර සිම්බාබ්වේ හමුවේ බංගලාදේශ පන්දුවාර 7ක් තුලදී කඩුලු 5ක් බිඳවැටී ඇත. කෙසේ නමුත් බග්ලාදේශය තුළදී බංගලාදේශ ඉනිමේ කඩුලු 5ක් පලමු පන්දුවාර 7 තුළදී දවාගැනීමට හැකිවූ පලමු කණ්ඩායම ශ්‍රී ලංකාව වේ.

 

(Photo by Munir uz ZAMAN / AFP) (Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

 

ඉන් අනතුරුව මුෂ්ෆිකර් රහීම් සමඟින් එක්වූ ලිටන් දාස් කඩා වැටුනු බංගලාදේශ ඉනිම නැවතත් ප්‍රබල තැනකට ගෙන යාමට සමත්වූ අතර පලමු දිනය අවසන් වන තෙක්ම නොදැවී කඩුල්ලේ රැඳී සිටීමට ද ඔවුන් දෙදෙනා සමත්වුණා.

දිනය අවසන් වන විට බංගලාදේශ කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 277ක් ලබාගෙන තිබූ අතර, විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින ලිටන් දාස් පන්දු 221කදී හතරේ පහර 16ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 135ක් ලබාගෙන සිටිනවා. අද දින ලිටන් දාස් ලබාගනු ලැබූයේ ඔහුගේ ටෙස්ට් දිවියේ 3 වන ශතකයයි.

 

(Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

 

ලිටන් දාස් සමඟින් බංගලාදේශ කණ්ඩායම ගොඩනැගීමට දායක වු මුෂ්ෆිකර් රහීම් ද ශතකයක් ලබාගැනීමට සමත්වුණා. ඔහු පලමු තරඟයේදී ද ශතකයක් ලබාගැනීමට සමත්වූ අතර, අද දින ලබාගත් ශතකය, ඔහු ජාත්‍යන්තර ටෙස්ට් දිවියේ වාර්තා කළ 9 වන ශතකයයි. මේ වන විට ඔහු පන්දු 252කදී හතරේ පහර 13ක් සමඟින් නොදැවී ලකුණු 115 ලබාගෙන සිටිනවා.

 

 (Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

 

ලිටන් දාස් හා මුෂ්ෆිකර් රහීම් එක්ව 6 වන කඩුල්ල සඳහා මේ වන විට ලකුණු 253ක විශිෂ්ට සබඳතාවයක් පවත්වා ඇති අතර ඔවුන් දෙදෙනා එක්ව වාර්තාවක් අලුත් කිරීමට සමත්වුණා. එම වාර්තාව වන්නේ, ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ටෙස්ට් තරඟයකදී 6 වන කඩුල්ල සඳහා ඉහළම ලකුණු සබඳතාවයයි.. මීට පෙර එම වාර්තාව සතුවූයේ මුෂ්ෆිකර් රහීම් හා මොහොමඩ් අෂ්රෆුල් යන දෙදෙනාටයි. (191 RUNS)

 

(Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

 

පන්දු යැවීමේදී කසුන් රාජිත පන්දුවාර 19කදී නිළකුණු පන්දුවාර 5ක් සමඟින් ලකුණු 43කට කඩුලු 3ක් බිඳ දැමූ අතර, අසිත ප්‍රනාන්දු පන්දුවාර 17ක් අවසානයේදී ලකුණු 81කට කඩුලු 2ක් ලබාගැනීමට සමත්වුණා. ප්‍රවීන් ජයවික්‍රම , රමේශ් මෙන්ඩිස් , දනංජය ද සිල්වා හා දිමුත් කරුණාරත්න පන්දු යැවූවත් ඔවුන්ට කඩුලු ලබාගැනීමට හැකිවූයේ නෑ.

හෙට (24) තරඟයේ දෙවන දිනයයි.

 

වීඩියෝ පහළින්,

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *