ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ඉදිරි වර්ශය සඳහා නවතම කොන්ත්‍රාත්තුව සකස්කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ඉදිරි වර්ෂය සඳහා වාර්ශික කොන්ත්‍රාත්තුව නිවේදනය කර ඇති බවට Sundaytime.lk වෙබ් අඩවියේ සඳහන් වන අතර මෙවර ජාතික කොන්ත්‍රාත්තුව ලබාගත් ක්‍රීඩකයින් 20 දෙනෙකු හා දේශීය මට්ටමේ ක්‍රීඩකයින් 10 දෙනෙකුටද කොන්ත්‍රාත්තු මුදලක් ලබාදීමට කටයුතු කර තිබෙනවා.
කෙසේ නමුත් මේ වන විට පැවැත්වන ඉන්දීය සංචාරයෙන් අනතුරුව වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බැවින් ජාතික කොන්ත්‍රාත්තුව හිමි ක්‍රීඩකයින් සංඛ්‍යාව 19 දක්වා අඩුවී තිබෙනවා.
මෙවර ජාතික කොන්ත්‍රාත් මුදල් අනුව (A1, A2, B1, B2, C1, C2) වශයෙන් වර්ග 6කට බෙදා ඇති අතර, Test, ODI, T20 යන තරඟ රටා ක්‍රීඩා කරන , පෙර වර්ෂයේ දැක්වූ දක්ශතා , හැසිරීම හා ශාරීරික යෝග්‍යතා මට්ටම් අනුව ක්‍රීඩකයින් ඉහත සඳහන් කළ කොන්ත්‍රාත් වර්ගීකරණ වලට බෙදා ඇත. කෙසේ නමුත් B1 කාණ්ඩයට කිසිම ක්‍රීඩකයෙකුට පැමිණීමට නොහැකි වී තිබෙනවා.
A1 – 100,000 $ , A2 – 80,000 $ , B1 – 65,000 $ , B2 – 55,000 $ , C1 – 45,000 $ , C2 – 35,000 $
ඒ අනුව පසුගිය වර්ෂය පුරාවටම හොඳින් දස්කම් දැක්වූ වනිඳු හසරංග හා දුශ්මන්ත චමීර මෙවර ඉහළම කොන්ත්‍රාත්තුව හිමි කාණ්ඩයට ඇතුලත් වී ඇති අතර ගිය වසරේ ඉහළම කොන්ත්‍රාත්තුවක් හිමිකරගත් නිරෝශන් දික්වැල්ල හට 65,000$ ක වැටුප් කප්පාදුවක් සිදුකරමින් C2 කාණ්ඩය දක්වා පහළට දැමීමට කටයුතු කා තිබෙනවා.
ඊට අමතරව ගිය වසරේ නිරෝශන් දික්වැල්ල සමඟින් ඉහළ කොන්ත්‍රාත්තු මුදලක් ලබාගත් දනංජය ද සිල්වා මෙවරත් ඉහළම කොන්ත්‍රාත්තුව හිමි කාණ්ඩයේම රැඳී සිටින අතර ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ද ඉහළම කාණ්ඩයට පැමිණීමට සමත්වී තිබෙනවා.
පසුගිය වසරේ අමෙරිකානු ඩොලර් 80,000 ක රඳවා තබා ගනිමින් A2 කාණ්ඩයේ සිටි ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් ජනිත් පෙරේරා මෙවර ඔවුන්ගේ ස්ථානය තහවුරු කර ගැනීමට අපොහොසත් වී ඇත්තේ ඔවුන් මූලික වැටුප ඇමරිකානු ඩොලර් 65,000 ක් වන B1 කාණ්ඩය දක්වා පහත හෙලීම හේතුවෙනි.
B1 කාණ්ඩය සඳහා ඔවුන් දෙදෙනා ඇතුලුව ක්‍රීඩකයින් 7 දෙනෙකු ලැයිස්තුගත කර ඇත.
දඟපන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය පසුගිය වසරේ ලබාගත් ඇමරිකානු ඩොලර් 60,000 ට මෙවර සාපේක්ෂව සුළු වැටුප් කප්පාදුවක් ලබා ඇති අතර ඔහු නවතම කොන්ත්‍රාත්තුව අනුව ඇමරිකානු ඩොලර් 55,000 ක් හිමි B2 කාණ්ඩයේ රැඳී සිටින අතර තරුණ ක්‍රීඩක චරිත් අසලංක සමග රමේෂ් මෙන්ඩිස් ද සිටින්නේ එම කාණ්ඩයේ වේ.
මේ අතර, සියලුම ආකාරයේ තරඟ (test, odi, t20) පන්දු යවන්නෙකු වන ලහිරු කුමාරට මේ වසරේ ජාතික කොන්ත්‍රාත්තුවක් අහිමි වී ඇති නමුත් දේශීය වශයෙන් කොන්ත්‍රාත් මුදලක් ලබා ගන්නා ක්‍රීඩකයින් දස දෙනා අතරට පැමිණීමට සමත්වී ඇත. ඊට අමතරව භානුක රාජපක්ෂ, ඕෂධ ප්‍රනාන්දු වැනි ක්‍රීඩකයින් ද ඇතුළත් වන්නේ එම කාණ්ඩයට වේ.
ඒ අනුව එක් එක් කාණ්ඩයට ඇතුළත් වන ක්‍රීඩකයින් සියල්ල පහතින් සඳහන් කර ඇත.
A1 කාණ්ඩය – 100,000 $ ( ආසන්න වශයෙන් රුපියල් මිලියන 26යි )
• වනිඳු හසරංග , දුශ්මන්ත චමීර , දනංජය ද සිල්වා , දිමුත් කරුණාරත්න
A2 කාණ්ඩය – 80,000 $ ( ආසන්න වශයෙන් රුපියල් 20,800,000)
මෙම කාණ්ඩයට ඇතුළත් වීමට කිසිඳු ක්‍රීඩකයෙකුට නොහැකි වී තිබෙනවා.
B1 කාණ්ඩය – 65,000 $ ( ආසන්න වශයෙන් රුපියල් 16,900,000 )
• ඇන්ජලෝ මැතිව්ස් , පැතුම් නිස්සංක , ලහිරු තිරිමාන්න , දසුන් ශානක , දිනේශ් චන්දිමාල් , කුසල් ජනිත් පෙරේරා )
B2 කාණ්ඩය – 55,000 $ ( ආසන්න වශයෙන් රුපියල් 14,300,000)
• ලසිත් ඇඹුල්දෙණිය , රමේශ් මෙන්ඩිස් , චරිත් අසලංක
C1 කාණ්ඩය – 45,000 $ ( ආසන්න වශයෙන් රුපියල් 11,700,000)
• අවිශ්ක ප්‍රනාන්දු , විශ්ව ප්‍රනාන්දු
C2 කාණ්ඩය – 35,000 $ ( ආසන්න වශයෙන් රුපියල් 9,100,000)
• නිරෝශන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස් , දණුශ්ක ගුණතිලක , චාමික කරුණාරත්න
Domestic Player
ලහිරු කුමාර (30,000$)
ලක්ශාන් සඳකැන් (30,000$)
මශීශ් තීක්ශණ (30,000$)
භානුක රාජපක්ෂ (25,000$)
ප්‍රවීන් ජයවික්‍රම (20,000$)
නුවන් ප්‍රදීප් (20,000$)
ඕෂධ ප්‍රනාන්දු (15,000$)
බිනුර ප්‍රනාන්දු (15,000$)
මිනෝද් භානුක (15,000$)
කමිඳු මෙන්ඩිස් (15,000$)