ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 23 දෙනෙක් මෙවර IPL ක්‍රීඩක වෙන්දේසියට.

ලෝකයේ වැඩිම පිරිසක් නරඹන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 15වන අදියර මෙම වසරේ පැවැත්වීමට නියමිත වන අතර, මේ වන විට ලොව වටා ක්‍රිකට් ක්‍රීඩකයින් ඒ සඳහා ඉදිරිපත් වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

 

 

මෙවර තරඟාවලිය, මුම්බායි ඉන්දියන්ස්, චෙන්නායි සුපර් කින්ග්ස්, දිල්ලි කැපිටල්ස්, කොල්කටා නයිට් රයිඩර්ස්, පන්ජාබ් කින්ග්ස්, රාජස්ථාන් රෝයල්ස්, රෝයල් චැලන්ජර්ස් බැංගලෝ, සන්රයිසස් හයිඩ්‍රාබාද් ඇතුළුව තවත් නව කණ්ඩායම් දෙකක් ඇතුළත් කර සම්පූර්ණ කණ්ඩායම් 10කින් පැවැත්වීමට BCCI විසින් තීරණය කර තිබෙනවා.

 

 

මෙවර තරඟාවලියේ ක්‍රීඩා වෙන්දේසිය  සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 23 දෙනෙකු ඉදිරිපත් වී තිබෙනවා.

ක්‍රීඩක වෙන්දේසිය (IPL Mega Auction) පෙබරවාරි 12,13 වන දිනයන්හීදී බැංගලෝ හීදී පැවැත්වීමට නියමිතව ඇත.

ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත් වී ඇති ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් අතර, වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ ද ඇතුළත්ව සිටීම විශේෂත්වයක්.

 

 

ඊට අමතරව විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙන් මාස හයක තරඟ තහනමට යටත්ව සිටි නිරෝශන් දික්වැල්ල , කුසල් මෙන්ඩිස් හා දනුශ්ක ගුණතිලකද මෙවර තරඟාවලිය කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

 

 

ගිය වසරේ IPL ක්‍රීඩා කළ ලෝකයේ අංක එකේ විස්සයි විස්ස පන්දු යවන්නා වන වනිඳු හසරංග හා දුශ්මන්ත චමීරද මෙම ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත් වී ඇති අතර, ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් ඉහළම මූලික වෙන්දේසි මුදලක් නියම කර ඇත්තේ වනිඳු හසරංග විසිනි.

ඊට අමතරව, පසුගිය වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදුන් තිසර පෙරේරා හා ඉසුරු උදාන ද ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත් වී සිටින අතර, වර්ථමාන ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස කණ්ඩායනේ නායක දසුන් ශානක ද ඉදිපත් වී සිටිනවා.

 

 

ඒ අනුව, මෙවර තරඟාවලියේ වෙන්දේසිය සඳහා ඉදිරිපත් වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 23 හා ඔවුන්ගේ මූලික වෙන්දේසි මුදල පහළින් සඳහන් අර ඇත.

වනිදු හසරංග – ඉන්දීයානු රුපියල් ලක්ෂ 100

දුෂ්මන්ත චමීර – ඉන්දීයානු රුපියල් ලක්ෂ 50

භානුක රාජපක්ෂ – ඉන්දීයානු රුපියල් ලක්ෂ 50

 

 

කුසල් පෙරේරා – ඉන්දීයානු රුපියල් ලක්ෂ 50

කුසල් මෙන්ඩිස් – ඉන්දීයානු රුපියල් ලක්ෂ 50

නිරෝෂන් දික්වැල්ල – ඉන්දීයානු රුපියල් ලක්ෂ 50

මහීෂ් තීක්ෂණ – ඉන්දීයානු රුපියල් ලක්ෂ 50

මතිෂ පතිරණ – ඉන්දීයානු රුපියල් ලක්ෂ 20

 

 

චරිත් අසලංක – ඉන්දීයානු රුපියල් ලක්ෂ 50

අකිල ධනංජය – ඉන්දීයානු රුපියල් ලක්ෂ 50

අවිශ්ක ප්‍රනාන්දු – ඉන්දීයානු රුපියල් ලක්ෂ 50

පැතුම් නිශ්ශංක – ඉන්දීයානු රුපියල් ලක්ෂ 50

චාමික කරුණාරත්න – ඉන්දීයානු රුපියල් ලක්ෂ 50

 

 

දසුන් ශානක – ඉන්දීයානු රුපියල් ලක්ෂ 50

කෙවින් කොත්තිගොඩ – ඉන්දීයානු රුපියල් ලක්ෂ 20

තිසර පෙරේරා – ඉන්දීයානු රුපියල් ලක්ෂ 50

ලහිරු කුමාර – ඉන්දීයානු රුපියල් ලක්ෂ 50

ඉසුරු උදාන – ඉන්දීයානු රුපියල් ලක්ෂ 50

 

 (Photo by Randy Brooks – CPL T20/Getty Images)

 

නුවන් තුෂාර – ඉන්දීයානු රුපියල් ලක්ෂ 20

ධනුෂ්ක ගුණතිලක – ඉන්දීයානු රුපියල් ලක්ෂ 50

සීක්කුගේ ප්‍රසන්න – ඉන්දීයානු රුපියල් ලක්ෂ 50

ධනංජය ලක්ෂාන් – ඉන්දීයානු රුපියල් ලක්ෂ 50

දුනිත් වෙල්ලාලගේ – ඉන්දීයානු රුපියල් ලක්ෂ 20

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *