ශ්‍රී ලංකා පලමු ඉනිම ලකුණු 222කට නිමාවෙයි. පලමු දිනය අවසන් වන විට පකිස්තානය 24/2.
(වීඩියෝ පහළින් නැරඹිය හැක) ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර තරඟ 2කින් යුත් ටෙස්ට් තරඟාවලියේ පලමු තරඟය අද (16) ආරම්භ වූ අතර, පලමු දිනය නිමාවන විට ශ්‍රී ලංකා පලමු ඉනිම නිමාවී, පකිස්තාන පලමු ඉනිම සඳහා කඩුලු 2ක් දැවී ලකුණු 24ක් ලබාගෙන සිටියා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් දිමුත් කරුණාරත්න පලමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, දිමුත් කරුණාරත්න හා ඕශධ ප්‍රනාන්දු ඉනිම ආරම්භ කළ නමුත්, දිමුත් කරුණාරත්න එක් ලකුණක් ලබාසිටියදී Shaheen Afridi ගේ පන්දුවක් හමුවේ දැවීගියා.
ඉන් අනතුරුව, ඕශධ ප්‍රනාන්දු සමඟින් එක්වූ කුසල් මෙන්ඩිස් දෙවන කඩුල්ල සඳහා ලකුණු 49ක සබඳතාවක් එක්කළ අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 21කදී දැවීගිය අතර, පන්දු 49කදී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 35ක් ලබාගෙන සිටි ඕශධ ප්‍රනාන්දු, ශ්‍රී ලංකා ඉනිමේ තුන්වන කඩුල්ල ලෙස දැවී ගියා.
අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ඡේෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු ලබාගැනීමට පෙර දවාගැනීමට Yasir Shah සමත්වුණා.
ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු 68කට කඩුලු 4ක් බිඳ වැටී තිබූ මොහොතේ දිනේශ් චන්දිමාල් සමඟින් දනංජය ද සිල්වා ඉනිමට තවත් ලකුණු 31ක් එක් කළ අතර, අනතුරුව දනංජය ද සිල්වා ලකුණු 14කට දැවීගියා. අන් අනතුරුව පන්දුවට පහර දීමට පැමිණී නිරෝශන් දික්වැල්ල හට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 4ක් පමණයි.
රමේෂ් මෙන්ඩිස් ලකුණු 11කටත්, ප්‍රබාද් ජයසූරිය ලකුණු 3කටත් දැවීයද්දී, එක් අන්තයක හුදෙකලා ඉනිමක් ක්‍රීඩාකරමින් සිටි දිනේශ් චන්දිමාල් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් ටෙස්ට් දිවියේ 22 වන අර්ධ ශතකය ලබාගත් අතර, ඔහු පන්දු 115කදි හතරේ පහර 10ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 76ක් ලබාගැනීමට සමත්විය.
දිනේශ් චන්දිමාල් දැවීයාමත් සමඟින් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 177කට කඩුලු 9ක් ලෙස සනිටුහන් වූ අතර, 10 වන කඩුල්ල සඳහා කසුන් රාජිත සමඟින් එක්ව මහීශ් තීක්ශන ලකුණු 45ක විශිෂ්ඨ සබඳතාවක් එක් කිරීමට සමත්වුණා.
එහිදී සිය දෙවන ටෙස්ට් තරඟය ක්‍රීඩා කළ මහීශ් තීක්ශන පන්දු 65කට මුහුණදෙමින් හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 38ක් ලබාගත් අතර, කසුන් රාජිත පන්දු 32කදී එක් හතරේ පහරක් නොදැවී ලකුණු 12ක් ලබාගැනීමට සමත්විය.
ශ්‍රී ලංකා පලමු ඉනිම – සියලුම දෙනා දැවී ලකුණු 222 යි.
පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ Shaheen Afridi පන්දුවාර 14.1ක් අවසානයේදී ලකුණු 58කට කඩුලු 4ක් දවාගැනීමට සමත්වුණා. ඊට අමතරව Hasan Ali ලකුණු 23කට කඩුලු 2ක් , Yasir Shah ලකුණු 66කට කඩුලු 2ක් ලබාගත් අතර, Mohammed Nawaz හා Naseem Shah එක් කඩුල්ල බැඟින්ද දවාගනු ලැබුවා.
ඉන් අනතුරුව පකිස්තාන කණ්ඩායම සිය ප්‍රථම ඉනිම ආරම්භ කළ අතර, ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන Imam-ul-haq දවාගැනීමට කසුන් රාජිතත්, Abdullah Shafique දවාගැනීමට ප්‍රබාද් ජයසූරියත් සමත්වුණා.
දිනය අවසන් වන විට පකිස්තානය කඩුලු 2ක් බිඳ වැටී ලකුණු 24ක් ලබාගෙන සිටි අතර, නොදැවී කඩුල්ලේ රැඳිසිටි Azhar Ali ලකුණු 3ක් හා බාබර් අසාම් ලකුණු 1ක් ලබාගෙන් සිටියා.
හෙට (17) තරඟයේ දෙවන දිනයයි.
මහීශ් තීක්ශනගේ ඉනිම වීඩියෝව, හා කසුන් රාජිත , ප්‍රබාද් ජයසූරිය ලබාගත් කඩුලු 2 වීඩියෝ පහළින්,
Maheesh ♥️ pic.twitter.com/JeefL6WNA5
— Stay Cricket (@staycricket) July 16, 2022
— cric fun (@cric12222) July 16, 2022
Pabath jayasuriya ?? pic.twitter.com/Bhk7CTdPXH
— Stay Cricket (@staycricket) July 16, 2022
Greetings! Quick question that’s entirely off topic. Do you know how to make your site mobile friendly?
My blog looks weird when viewing from my apple iphone. I’m trying to find a template or plugin that might be
able to fix this issue. If you have any recommendations, please share.
With thanks!
sry. i don’t know