ශ්‍රී ලංකා ලෙජන්ඩ් කණ්ඩායම අවසන් මහා තරඟයට….

(වීඩියෝ පහළින් නැරඹිය හැකියි) මෙම වසරේ Road Safety ලෙජන්ඩ් ක්‍රිකට් තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරඟය ලෙස පැවතී ශ්‍රී ලංකා ලෙජන්ඩ් කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ් කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 14ක ජයක් ලබාගැනීමින් අවසන් තරඟයට සුදුසුකම් ලබාගැනීම ශ්‍රී ලංකා ලෙජන්ඩ් කණ්ඩායම සමත්වුණා.

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ් කණ්ඩායමේ නායක Brian Lara පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ලෙජන්ඩ් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 172ක් ලබාගැනීමට සමත්විය.

ශ්‍රී ලංකා ලෙජන්ඩ් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ඉශාන් ජයරත්න වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 19කදී හතරේ පහරක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 31ක් ලබාගැනීමට සමත්වුණා.

 

 

ඊට අමතරව, ආරම්භක පිතිකරු සනත් ජයසූරිය පන්දු 19කදී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 26ක් ලබාගත් අතර, ජීවන් මෙන්ඩිස් පන්දු 15කදී හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 25ක් ද ලබාගැනීමට සමත්විය.. නායක Tm ඩිල්ශාන් හට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 26ක් පමණයි.

 

 

පන්දු යැවීමේදී, Krishmar Santokie පන්දුවාර 4 අවසානයේදී ලකුණු 26කට කඩුලු 2ක් බිඳ දැමීමට සමත්විය. ඊට අමතරව Devendra Bishoo ලකුණු 17කට කඩුලු 2ක් හා Daren Powell, Jerome Taylor, Dwayne Smith, Sulieman Benn එක් කඩුල්ල බැඟින්ද දවාගැනීමට සමත්විය.

ඉන් අනතුරුව ලකුණු 173ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ් කණ්ඩායමට නියමිත පන්දුවාර 20ක් අවසානයේදී කඩුලු 7ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 158ක් පමණයි.

 

 

බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Narsingh Deonarine අර්ධ ශතකයක් ලබාගත් අතර ඔහු පන්දු 39කදී හතරේ පහර 4ක් හා හයේ පහර 4ක් සමඟින් ලකුණු 63ක් ලබාගැනීමට සමත්වුණා.

 

 

ඊට අමතරව ආරම්භක පිතිකරු Dwayne Smith පන්දු 24කදී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 23ක් ලබාගත් අතර, Jerome Taylor පන්දු 15කදී නොදැවී ලකුණු 19ක් ද, Danza Hyatt , නායක Brian Lara ලකුණු 17 බැඟින් ද ලබාගැනීමට සමත්විය.

පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ නුවන් කුලසේකර පන්දුවාර 4 අවසානයේදී ලකුණු 26කට කඩුලු 2ක් බිඳ දැමීය. ඊට අමතරව සනත් ජයසූරිය ලකුණු 26කට කඩුලු 2ක් හා ඉසුරු උදාන, TM ඩිල්ශාන් , අසේල ගුණරත්න එක් කඩුල්ල බැඟින් ද දවාගැනීමට සමත්වුණා.

 

 

ඒ අනුව, බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ් කණ්ඩායම ලකුණු 14 කින් පරාජයට පත්කරමින් ශ්‍රී ලංකා ලෙජන්ඩ් කණ්ඩායම අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගත් අතර, තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූවේ ලකුණු 26කට කඩුලු 2ක් බිඳ දැමූ නුවන් කුලසේකර වේ.

 

සනත් ජයසූරිය හා කුලසේකර ලබාගත් කඩුලු පහළින්,

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *