ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක ධම්මික ප්‍රසාද්ගෙන් ප්‍රකාශයක්.
මේ දිනවල ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන දේශපාලනය හා ආර්ථික අර්බුදකාරී තත්වය හේතුවෙන් ලාංකීක මහ ජනතාව දැඩි පීඩනයකට ලක්වී තිබෙන අතර, මේ වන විට රටේ සෑම නගරයකම ආණ්ඩුව ගෙදර යැවීම සඳහා ජනතාව විසින් අරගල සිදුකරමින් පවතිනවා.
මෙම අර්බුධකාරී තත්වය සම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක ධම්මික ප්‍රසාද් විසින් තම ෆේස්බුක් පිටිවේ සටහනක් තැබූ අතර එම සටහන පහළින්.
“අවුරුදු 50 ට අධික කාලයක් දේශපාලනයේ නියැලී සිට ඉන්පසු රටේ ජනාධිපතිතුමන් වී රටේ පැවති 30 වසරක යුද්ධය නිමා කිරීමට මුලීකම හේතුව වූ ඔබ
ගරු හිටපු ජනාධිපතිතුමෙනි, වර්ථමාන ගරු අග්‍රාමාත්‍ය තුමෙනි,
එදා ඔබ විරෝධාර රණවිරුවන් සමග එකතුවී මේ රට ත්‍රස්තවාදයෙන් බේරා ගත් සැටි අපට අමතක නැත, ඔබ සමග එකතුවී අවසන් මොහොතේ රණවිරුවන් මෙහයවනු ලැබූ සරත් ෆොන්සේකා මහතා ඇතුළු අනිකුත් හමුදාපතිවරුන් ඇතුළු සියලුම රණවිරුවන් සහ එම ජයග්‍රහණය වෙනුවෙන් දිවි දුන් සියලුම දෙනා මතක් කල යුතුය. නිමා කරන්නට නොහැකි යැයි කියූ යුද්ධය නිමා කිරීමට ඔබ දුන් නායකත්වය සෑම දෙනාගේ හදවත් තුල පවතිනු ඇත.
සේනාධිනායකයකු ලෙස ඔබ යුද්ධය නිමා කිරීමට දුන් එම නායකත්වය නිසාම ඔබ ජාතීයෙම අප්පච්චි විය. මහා රජෙකු විය. සමස්ථ කොට්ටසායකගේ ඔබ හදවතේ වීරයා විය. එයට බාල මහළු වෙනසක් නොවීය. ඔබට මිනිසුන් එතරම් ආදරය කරන ලදී, ගෞරවය කරන ලදී,
නමුත්,
යුද්ධය නිම කොට වසර 6 ට පසුව කොහේ හෝ වැරදිනි,
පුජාසනයේ ඔබ හිදුවා , ඔබට පුදන මේ
ලෝකයමයි හෙට, ඔබට එරෙහි වී නැගිටින්නේ
යන ගීතය පසුබිමෙන් ඇහෙන විට අවංකවම දුකක් ඇති විණි.
නැවත ඔබව සොයා මිනිසුන් පැමිණුනේ 2019 වසරේදීය, ඒ ඔබ සොයා ආ මිනිසුන් පැතු ඒ වෙනස ඇති කිරීමට ඔබට නොහැකි විය, ඔබ කෙරෙහි තබා සිටි විස්වාසය කෙමින් කෙමින් තුරන් විණි, ඔබට ආදරය කල අයගේ වෙන්වී යන ලදී. කොවිඩ් නිසා ආර්ථිකයට එල්ලවූ මරු පහර අපට තේරුම් ගත හැක. නමුත් වෙන දේවල් දරා ගෙන සිටිය නොහැක. දැන්නම් හොදටෝම ඇතිය,
මහරජාණනි, අප්පච්චි යන ආකාරයෙන්ම ගෞරව කෙරු ඔබ
අද
පත්වී ඇති තත්වය දකින විට ඔබ කෙරෙහි ඇති වන්නේ අප්‍රමාණ දුකකි, මිනිසුන් ඔබට අමතන ආකාරය දුටු විට ඇති වන්නේ දුකකි,
එමනිසා ඔබට එය හදා මිනිසුන් වෙනුවෙන් මේ රට එදා යුද්දයෙන් බේරා ගත්තාක් මෙන් ඔබට කල හැකිනම් ඔබට නැවත එය දිනා ගත හැකිය,
නමුත් මේ කාලය තුල ඔබව අප බලයට පත් කරන ලද්දේ විස්වාසයකිනි
නමුත් එය බිද වැටිණි.
රටේ දුෂණය එන්න එන්නම වැඩි විය, ප්‍රජාතන්ත්‍රවාදයට කන කොකා හඩන ලදී. නීතිය පොදු නොවූ අවස්ථා දක්නට ලැබිණි. අක්‍රමිකතා වැඩි විය, රට බංකොලොත් විය. එමනිසා ආදරණිය හිටපු ජනපතිතුමෙනි, ඔබට ස්තුතියි කල සේවයට,
නමුත් මම සහ පවුලේ උදවිය වෙන රටකට යාමට හැකියාවක් තිබුනත්, නොයන්නේ මගේ මේ රට නිසාය, මගේ උන් නිසාය, එමනිසා මම සැබවින්ම දේශප්‍රේමියෙකි.
මට, අපට සහ අපගේ ළමුන් වෙනුවෙන් මේ රට අපට රැක ගත යුතුව ඇත. එමනිසා ඔබතුමාට මෙසේ කීමට සිදුවී ඇත,
බහුතරයක් රැකෙන්නේ ඔවුන් හම්බ කර ගත්තොත් පමණි. දැන් අපට ජිවත් විය හැකි පරිසරයක් නොමැත. එමනිසා රටේ අනාගතය වෙනුවෙන් ඔබ ඇතුළු පිරිස යා යුතුව ඇත. දැන් ඔබ යන්න, දැන් ඇති, අපට හොදටම ඇති. සමාවෙන්න,
දැන් ඔබ යා යුතුව ඇත, ඔබ ගොස් විවේකීව සිටින්න. ”
ඔබට තෙරුවන් සරණයි. ජේසු පිහිටයි.
ධම්මික ප්‍රසාද්