ශ්‍රි ලංකා සිම්බාබ්වේ කණ්ඩායම අතර එක්දින තරඟාවලිය දේශීය නාළිකාවක් විසින් ලබාගනී.
2022 නව වසර ආරම්භ වෙමින් ශ්‍රී ලංකාව සහභාගි වන පලමු එක්දින තරඟාවලිය ලබන 16 වන දින පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිම්බාබ්වේ කණ්ඩායම සමඟින් ආරම්භ වීමට නියමිතයි.
මෙම තරඟාවලිය 2023 ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ සුපර් ලීග් වටයට ද අයත් තරඟාවලියකි.
මෙම තරඟාවලිය සඳහා විකාශනය අයිතිය දේශීය නාළිකාවක් විසින් ලබාගෙන ඇති අතර, එම නාළිකාව වනුයේ, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ “Channel EYE” නාලිකාව වේ.
ඒ අනුව ඔබට Channel EYE නාලිකාව ඔස්සේ ජනවාරි 16 වැනිදා සිට ජනවාරි 21 වන දින දක්වා සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සජීවීව නැරඹීමේ අවස්ථාව උදාවේ.
ඊට අමතරව, ඩයලොග් ටීවී හා පියෝ ටීවී පාරිභෝගිකයින් සඳහා ද තරඟාවලිය නැරඹීම අවස්ථාව ලැබී ඇති අතර, ඔවුන් සඳහා තරඟාවලිය නැරඹිය හැකි නාළිකාවන් පහතින් දක්වා ඇත.
ඩයලොග් ටීවී – TEN CRICKET – Channel No – 69
පියෝ ටීවී – TEN CRICKET – Channel No – 44
කෙසේ නමුත්, තවමත් මෙම තරඟාවලිය Facebook හා Youtube හරහා සජීවී විකාශනය වන බවට නිළ වශයෙන් දැනුම් දී නොමැත.
සියලුම තරග පල්ලෙකැලේ ජ්‍යාතන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර තරගාවලියේ කාලසටහන ශ්‍රී ලංකා වේලාවෙන් මෙසේය.
• 1st ODI – ජනවාරි 16 | ප.ව.2.30
• 2nd ODI – ජනවාරි 18 | ප.ව.2.30
• 3rd ODI – ජනවාරි 21 | ප.ව.2.30
මේ වන විට ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායමට අතර එක්දින තරඟ 57ක් පවත්වා ඇති අතර, ඉන් තරඟ 44ක ජය වාර්ථා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී ඇති අතර, සිම්බාබ්වේ කණ්ඩායම ජයග්‍රහණය කර ඇත්තේ තරඟ 11ක් පමණයි. තරඟ දෙකක් ජය – පරාජයෙන් තොරව නිමාවට පත්වී ඇත.
කෙසේ වෙතත් දෙරට අතර අවසන් වරට පවත්වා ඇති තරඟ 5න් තරඟ 3ක් ජයග්‍රහණය කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.