ශ්‍රී ලංකා,බංග්ලාදේශ ටෙස්ට් තරඟාවලිය සඳහා විනිසුරවරුන් නම් කරයි

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ඉහළම පිළිගැනීමකට ලක්ව සිටින ශ්‍රී ලාංකිකයකු වන රංජන් මඩුගල්ලේ මහතා නැවතත් ලබන 21 වැනිදා බංග්ලාදේශයට එරෙහිව පල්ලකැලේදී ආරම්භ වන ටෙස්ට් තරගාවලියේ තීරකවරයා ලෙසින් කටයුතු කරනු ඇත.

අන්තර්ජාතික ක්‍රිකට්කවුන්සිල තරග තීරක මඩුල්ලේ ප්‍රධානියා වන මඩුගල්ලේ මහතා පිට පිටම දෙවැනි වතාවටත් ශ්‍රී ලංකාව තරග වදිනු ලබන ටෙස්ට් තරගාවලියක තරග තීරකවරයා ලෙසින් කටයුතු කිරීම කැපී පෙනෙයි. ඔහු ඉකුත් ජනවාරි මසදී මෙරටට පැමිණි එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලියේදීද තීරකවරයා ලෙසින් කටයුතු කළේය.

ඔහුට අමතරව ලොව අංක 1 විනිසුරුවරයා ලෙසින් ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්ව සිටින කුමාර් ධර්මසේන මහතා ද මෙම තරගාවලියේදී විනිසුරුවරයකු ලෙසින් කටයුතු කරනු ලබයි. ඔහුට අමතරව ජාත්‍යන්තර විනිසුරුවරයකු ලෙසින් කටයුතු කරනු ලබන රුචිර පල්ලියගුරුගේ මහතා පිටියේ විනිසුරුවරුන් ලෙසින්ද රවීන්ද්‍ර විමලසිරි මහතා රූපවාහිනී විනිසුරු ලෙසින් ද කටයුතු කරනු ඇත. ලින්ඩන් හැනිබල් සහ  ප්‍රගීත් රඹුක්වැල්ල සිව්වැනි සහ අතිරේක විනිසුරුවරුන් ලෙසින් ටෙස්ට් තරග 2 දී  කටයුතු කරද්දී ග්‍රේම් ලැබ්‍රෝයි මහතා අතිරේක තරග තීරකවරයා ලෙසින් කටයුතු කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *