ශ්‍රී ලංකාවට ආසියානු කුසලාන තරඟාවලිය අහිමි වෙයි.

ආසියානු කුසලාන තරඟාවලියේ 15 වන අදිරය මෙම වසරේ ජුනි මාසයේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත තිබූ අතර කොවිඩ්-19 වෛරසයේ බලපෑම හේතුවෙන් එම තරඟාවලිය අවලංගු කිරීමට සංවිධායකයින් තීරණය කර තිබෙනවා.


අවසන් වරට ආසියානු කුසලාන තරඟාවලිය 2018 වර්ෂයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවතී අතර ඊලඟ තරඟාවලිය 2023 දී පකිස්ථානයේ දී පැවැත්වීමට තීරණය කර ඇත. එම නිසා ශ්‍රී ලංකාවට ආසියානු කුසලානයේ සත්කාරීත්වය අහිමි වී තිබෙනවා.

මේ වන විට බංගලාදේශයට 5 වතාවක් ද, ශ්‍රි ලංකාවට 4 වතාවක් ද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට තුන් වතාවක් ද, පකිස්ථානයට දෙවතාවක් ද, ඉන්දියාවට එක් වතාවක් ද, මෙම ආසියානු කුසලාන තරඟාවලියේ සත්කාරීත්වය හිමි වී තිබෙනවා.


1984 දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පළමු වතාවට ආරම්භ වූ ආසියානු කුසලානය තරඟාවලිය මේ වන විට අදියට 14ක් සාර්ථක නිමාවට පත් වී ඇති අතර ඉන්දියා කණ්ඩායම 7 වතාවක් ද, ශ්‍රී ලංකා කණ්ඩායම 5 වතාවක් ද ශූරතාවය දිනාගෙන ඇත. පකිස්ථාන කණ්ඩායම ද දෙවතාවක්  ශූරතාවය දිනාගෙන ඇති අතර අවසන් වරට පැවතී තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් වූයේ ඉන්දියා කණ්ඩායමයි.


ආසියානු කුසලාන තරඟාවලි ඉතිහාසයේ වැඩිම වාර ගණනක් ශූරතාවය දිනාගත් කණ්ඩායම ඉන්දියා කණ්ඩායම වුවද, වැඩිම ලකුණු ලාභියා හා වැඩිම කඩුලු ලාභියාගේ වන්නේ ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩකයින් දෙදෙනෙකි.

වැඩිම ලකුණු ලාභියා ලකුණු 1220ක් ලබාගෙන ඇති සනත් ජයසූරිය වන අතර වැඩිම කඩුලු ලාභියා වන්නේ කඩුලු 33ක් ලබාගෙන ඇති ලසිත් මාලිංග වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *