ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරඟාවලිය සඳහා දකුණු අප්‍රිකා සංචිතය නම් කරයි.
සැත්තැම්බර් 02 වන දින ආරම්භ වීමට නියමිත එක්දින තරඟ 3කින් හා විස්සයි විස්ස තරඟ 3කින් යුත් තරඟාවලිය සඳහා සහභාගී වන දකුණු අප්‍රිකා සංචිතය නම් කර තිබෙනවා.
ටෙම්මා බවුමාගේ නායකත්වයෙන් යුත් දකුණු අප්‍රිකා එක්දින සංචිතය ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් හා විස්සයි විස්ස තරඟාවලියට ක්‍රීඩකයින් 19 දෙනෙකුගෙන් යුත් සංචිතයක් දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතන මඟින් නම් කර තිබෙනවා.

ක්වෙන්ටන් ඩී කොක් එක්දින තරගාවලියෙන් විවේක ගන්වා ඇති අතර, ලුන්ගි එන්ගිඩී පෞද්ගලික හේතුවක් මත එක්දින තරගාවලියට ක්‍රීඩා නොකරනු ඇති.
ඩේවිඩ් මිලර් 20යි 20 සංචිතයට නම් කර ඇතත්, ඔහු මේ වන විට ආබාධයකට ලක්ව සිටින බැවින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අඛණ්ඩව නිරීක්ෂණය කරමින් සිටින බවයි දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
දකුණු අප්‍රිකා එක්දින සංචිතය.
Bavuma (c), Dala, B Hendricks, R Hendricks, Klaasen, Linde, J Malan, Maharaj, Markram, Mulder, Nortje, Phehlukwayo, D Pretorius, Rabada, Shamsi, Rassie van der Dussen, Verreynne, Lizaad Williams.
විස්සයි විස්ස සංචිතය
Bavuma (c), Quinton de Kock, Fortuin, B Hendricks, R Hendricks, Klaasen, Linde, Maharaj, Magala, Markram, Miller, Mulder, Ngidi, Nortje, D Pretorius, Rabada, Shamsi, Rassie van der Dussen, Williams.
සැත්තැම්බර් 02 ආරම්භ වීමට නියමිත මෙම තරඟාවලියේ සියලු තරඟ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු කර ඇති අතර තරඟ කාල සටහන පහළින්.
පලමු එක්දින තරඟය – සැත්තැම්බර් 02 – ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය
දෙවන එක්දින තරඟය – සැත්තැම්බර් 04 – ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය
තුන්වන එක්දින තරඟය – සැත්තැම්බර් 07 – ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය
පලමු විස්සයි විස්ස තරඟය – සැත්තැම්බර් 10 – ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය
දෙවන විස්සයි විස්ස තරඟය – සැත්තැම්බර් 12 – ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය
තුන්වන විස්සයි විස්ස තරඟය – සැත්තැම්බර් 14 – ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය.