ශ්‍රී ලංකාවට දැන් මොකද වෙලා තියෙන්නේ…? කෙවින් පීටසන්
ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට එරෙහිව විස්සයි විස්ස තරඟාවලිය පරාජය වීමෙන් අනතුරුව තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියද තවත් එක් තරඟයක් ඉතිරිව තිබියදී ඊයේ දිනයේ (01) තරඟාවලිය පරාජයට පත් වීමට සිදුවිය.
මෙලෙස ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම තරඟ පරාජයටපත් විම හේතුවෙන් හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ප්‍රශ්න කර තිබුණා.
ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රීඩක Brad Hogg, එංගලන්ත හිටපු ක්‍රීඩක Kevin Pietersen හා ඉන්දීය ක්‍රීඩක දිනේශ් කාර්තික් මෙලෙස ප්‍රශ්න කරනින් තමන්ගේ ට්විටර් ගිණුමෙහි ට්විටර් සටහන් එක් කර තිබුණා.
“මේ වන විට අයි.සී.සී ශ්‍රේණිගත කිරීමෙහි ටෙස්ට් හා විස්සයි විස්ස අංක 8 ස්ථානයේද, එක්දින අංක 9 ස්ථානයද පසු වන ශ්‍රී ලංකාව දක්ෂයින් රැසක් නිර්මාණය කල ජාතියක් වන අතර නැවත ඔවුන් එකතුවීම අවශ්‍යවන අතර ඉදිරි සැලසුම් ගැන පැහැදිලි බවක් ලබාගත යුතුය. බැලූ බැල්මට දිදුලන දක්ෂතා තිබෙන අතර ඒවා නිවැරදි ව්‍යූහයකට දැමීමෙන් යම් සාර්ථකත්වයක් ඉක්මනින් ලැබෙනු ඇත.” ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රීඩක Brad Hogg පවසා තිබේ.
ඒ ඒ කාලවලදී ලෝකයේ හොඳම 11 අතරට නම් කිරීමට සුදුසුකම් තිබූ ක්‍රීඩකයින් වන අරවින්ද, අර්ජුන රණතුංග, චමින්ද වාස්, මුරලිදරන්, මහේල, සංගක්කාර වැනි ක්‍රීඩකයින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් වලට දැන් මොකද වෙලා තියෙන්නේ යනුවෙන් හිටපු එංගලන්ත ක්‍රීඩක කෙවින් පීටසන් ට්විටර් සටහනක් එක් කර තිබුණා.
ඉන්දීය ක්‍රීඩක දිනේශ් කාර්තික් විසින් ප්‍රකාශ කර තිබුණේ, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එංගලන්ත වේග පන්දු යවන්නන්ට මුහුණදීම සඳහා ඔහුන්ගේ දේශීය තරඟාවලි වලදී හොඳින් පුහුණුවීම් කළ යුතු බවයි.
“සෑම් කරන් වැනි ස්වින්ග් පන්දු යවන්නන් හා මාක් වූඩ් වැනි වේගවත් පන්දුයවන්නන්ට මුහුණ දීමටනම් ඔහුන්ට හොඳ දේශීය තරඟාවලි තිබුය යුතුයි. නැතිනම් මෙවැනි වේගවත් පන්දු යවන්නන්ට මුහුණ දෙන එක පහසු දෙයක් නොවේ.” යනුවෙන් දිනේශ් කාර්තික් ස්කයි ස්පෝර්ට්ස් වෙත පැවසීය.
කෙවින් පීටසන් විසින් එක් කර තිබූ ට්විටර් සටහන.
Aravinda
Arjuna
Vaas
Murali
Mahela
Kumar, just to name a few SL players that would have walked into any world II at their time.What’s happened to SL cricket?
— Kevin Pietersen? (@KP24) July 2, 2021