ශ්‍රී ලංකාවට ලකුණු 300ක් ගහන්නම් ක්‍රීඩා කළ යුතු ආකාරය – T.M ඩිල්ශාන්

සනත් ජයසූරිය, තිලකරත්න ඩිල්ශාන්, රසල් ආනෝර්ඩ් එක්ව පැවතී සුහඳ සාකච්ඡාවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් දැන් තියන තත්වයෙන් ගොඩ ඒමට හැකි ආකාර සම්බන්ධයෙන් බොහෝ දේ සාකච්ඡා කෙරුණා.


ඒ අතර රසල් ආනෝර්ඩ් විසින් ශ්‍රී ලංකාවට එක්දින තරඟයකදී ලකුණු 300ක් ගහන්න පුලුවන් කණ්ඩායමක් නම් කරන්න කියූ විට ටී.එම් ඩිල්ශාන් පිලිතුරු දුන්නේ මේ විදියටයි.

“කුසල් ජනිත් එක්ක දනුශ්ක ඕපන් කරන්න ඕනේ. නම්බර් 3 ගහන්න හොඳ අත් දැකීම් තියන, දිගු ඉනිමක් ක්‍රීඩා කරන්න පුලුවන් ප්ලේයර් කෙනෙක් ඕනේ. හතර, පහ ස්ථානයට කුසල් මෙන්ඩිස්, දනන්ජය ද සිල්වා ඉන්නවා. ඕල්රවුන්ඩර් විදියට දසුන් ශානක ඉන්නවා. අත්දැකීම් තියන ක්‍රීඩකයෙක් විදියට ඇන්ජලෝ මැතිවුස් ඉන්න නිසා අපිට අංක 7 වෙනකන් හොඳ පිතිකරුවන් ඉන්නවා.”


“කුසල් ජනිත් එක්ක දනුශ්ක ගුණතිලක ඉනිම ඕපන් කරන නිසා දික්වැල්ලට මැද පෙළ ක්‍රීඩා කරන්න වෙන්නේ. එතකොට එයාට පවර්ප්ලේ එකෙන් පස්සේ තමයි බැට් කරන්න වෙන්නේ. දික්වැල්ලට හයේ ඒවා ගහන්න ශක්තියක් නැහැනේ. එයාටත් තියෙන්නේ ක්‍රීඩකයින් නැති තැන් වලට ගහලා, හතරේ පහරවල් ගහලා ලකුණු ගන්න. ස්වීප් පහරවල්, රිවර් ස්වීප් පහරවල් ගහලා එයා ගේම් එක වැඩිදියුණු කරගන්න ඕනේ ඉස්සරහට දිගු ඉනිම් ක්‍රීඩා කරන්න.”


“කොච්චර හොඳ ප්ලේයස්ලා හිටියත් මැච් එක පටන් ගත්ත වෙලාවේ ඉදන් අන්තිම වෙනකන් එකම විදිහට ගහන්න බෑ. උඩින් එන දෙන්නා මුල් ඕවර් 10 හොඳට ලකුණු ගහලා ඊට පස්සේ ආයේ ගේම් එක වෙනස් කරන්න ඕනේ. ඩොට් බෝල් ගාන අඩු කරලා එක ලකුණ අරගන්න ඕනේ. දැන් ඉන්න අය කරන්නේ ඉනිම ආරම්භ කරපු විදියටම ඕවර් 50ම ගහන්න යනවා. ඒක කවදාවත් කරන්න බෑ.”

අපි ලෙජන්ඩ් තරඟාවලියේ උපුල් තරංගට නම්බර් 03 දීලා කිව්වේ ඕවර් 15ක් 16ක් සෙල්ලම් කරන්න කියලා. මොකද උපුල්ට ඒක කරන්න පුලුවන් වගේම අපි දන්නවා උපුල් එහෙම කරොත් අපි මැච් එකත් දිනනවා කියලා. උපුල් තරංගත් අපි කිව්ව දේ ඒ විදියටම කරා. අන්න ඒ වගේ ප්ලේයර් කෙනෙක් තමයි අපේ ජාතික කණ්ඩායමේ නම්බර් 03 ගහන්නත් ඕනේ. මටනම් තාමත් හිතෙන්නේ උපුල් තරංග ජාතික කණ්ඩායමෙන් සමුගත්තා ඉක්මන් වැඩියි කියලා.” (T.m ඩිල්ශාන්)


ඒ අතර සනත් ජයසූරිය විසින් නම්බර් 3 ස්ථානය සම්බන්ධව ප්‍රකාශ කලේ මෙවැන් අදහසක්.

“ඕවර් 40ක් බැට් කරලා දෙන්න කියන්න හැමෝටම බෑ. ක්‍රීඩකයින් වර්ග ඉන්නවා. අලුත් ක්‍රීඩකයින්ට ඒක කියන්න බෑ. දිමුත් කරුණාරත්නට හරි මාවන් අතපත්තුට හරි උපුල් තරංගට හරි කියන්න පුලුවන් ඕවර් 40ක් ගහලා දෙන්න කියලා. නමුත් දනුශ්ක ගුණතිලක, කුසල් ජනිත් පෙරේරට හරි පැතුම් නිස්සංකට හරි කිව්වොත් ඕවර් 40ක් ගහන්න කියලා ඒක එයාලට කරන්න බෑ.. ඒක නිසා තමයි කියන්නේ කණ්ඩායමේ නම්බර් 3 ස්ථානයට හොඳ අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් දාන්න ඕනේ කියලා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *