ශ්‍රී ලංකාවා හා දකුණු අප්‍රිකාව අතර එක්දින හා විස්සයි විස්ස තරඟාවලියේ කාල සටහන නිකුත් වෙයි.
ශ්‍රී ලංකා හා ඉන්දියාව අතර එක්දින හා විස්සයි විස්ස තරඟාවලිය ශ්‍රී ලංකාවට සාර්ථක අවසන් කිරීමට හැකි වූ අතර, ශ්‍රී ලංකාවට මීලඟ තරඟාවලිය ලෙස ප්‍රබල දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.

තරඟාවලියට එක්දින තරඟ 3ක් හා විස්සයි විස්ස තරඟ තුනක් ඇතුළත් වන අතර තරඟාවලිය සැත්තැම්බර් 02 දින ආරම්භ වීමට නියමිතව ඇත.
තරඟාවලියේ සියලුම තරඟ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර තරඟාවලියේ කාළ සටහන මෙසේය.
පලමු එක්දින තරඟය – සැත්තැම්බර් 02 – ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය
දෙවන එක්දින තරඟය – සැත්තැම්බර් 04 – ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය
තුන්වන එක්දින තරඟය – සැත්තැම්බර් 07 – ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය
පලමු විස්සයි විස්ස තරඟය – සැත්තැම්බර් 10 – ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය
දෙවන විස්සයි විස්ස තරඟය – සැත්තැම්බර් 12 – ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය
තුන්වන විස්සයි විස්ස තරඟය – සැත්තැම්බර් 14 – ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය
දෙරට අතර මේ දක්වා එක්දින තරඟ 77 ක් පවත්වා ඇති අතර ඉන් තරඟ 44 කම ජයග්‍රහණය හිමිකරගැනීමට සමත්වී තිබෙන්නෙ දකුණු අප්‍රිකාව වන අතර ශ්‍රී ලංකාව ජයග්‍රහණය කොට තිබෙන්නෙ තරඟ 31 ක් පමණයි. එක් තරඟයක් ලකුණු සමවීමෙන් අවසන් වී තිබෙන අතර එක් තරඟයක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබෙනවා.

දෙරට අතර පවත්වා ඇති ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟ 13 න්, තරඟ 7 ක් දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කරද්දී , ශ්‍රීලංකාව ජයග්‍රහණය කොට තිබෙන්නෙ විස්සයි විස්ස තරඟ 5 ක් පමණයි. එක් විස්සයි විස්ස තරඟයක් ලකුණු සමවීමෙන් අවසන් වී තිබෙනවා.

මේවර දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන්නේ වසර තුනකට පසුව වන අතර 2018 වසරේ දකුණු අප්‍රිකාව ශ්‍රීලංකාවේදී සහභාගී වූ එක්දින තරඟාවලියේ වීරයා වූයේ ජේ.පී.ඩුමිනිය.
එම එක්දින තරඟාවලිය 3 – 2 ක් ලෙස ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත්වූ අතර , පැවති එකම විස්සයි විස්ස තරඟය කඩුලු 3 කින් ජයගැනීමට ශ්‍රීලංකා කණ්ඩායම සමත්වූ අතර එම තරඟයේ වීරයා සම්මානයට පාත්‍ර වූයේ පන්දුයැවීමෙන් කඩුලු දෙකක් සහ පිතිකරණයෙන් ලකුණු 31 ක් ලබාගත් ධනන්ජය ද සිල්වායි.
Naveen Krishmal