ශ්‍රී ලංකාව අයි.සී.සී ශ්‍රේණිගත කිරීම්වල තවත් පහළට.
සෑම වසරකම මැයි මාසයේ දී ජගත් ක්‍රිකට් කවුන්සලය මඟින් ශ්‍රේණිහත් කිරීම් යාවත්කාලීන කිරීම සිදුකරන අතර, එහිදී අවසන් වසර තුනේදී එක් එක් කණ්ඩායම් විසින් ලබාගෙන ඇති ජයග්‍රහණය මත පදනම්ව ශ්‍රේණිගත කිරීම් සිදුකරයි.
ඒ අනුව නවතම එක්දින ශ්‍රේණිගත කිරීමෙහි නවසීලන්ත කණ්ඩායම එහි පලමු ස්ථානයට පැමිණ ඇත. නව ශ්‍රේණිගත කිරීමට පෙර නවසීලන්තය කණ්ඩායම 3වන ස්ථානයේ සිටි අතර මෙවර පලමු ස්ථානයට පත් වී ඇත්තේ ස්ථාන දෙකක් ඉහලට පැමිණීමෙනි.
මෙහෙත් එහි පළමු ස්ථානයේ සිටි ලෝකශූර එංගලන්ත කණ්ඩායම හතරවන ස්ථානය දක්වා පහත වැටී ඇති අතර ගිය වර 5 වන ස්ථානයේ සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම ස්ථාන 2ක් ඉහළට පැමිණෙමින් 3 වන ස්ථානය හිමිකරගෙන සිටියි. දෙවන ස්ථානයේ සිටි ඉන්දියා කණ්ඩායමද එක් ස්ථානයක් පහළ පසුබැස තුන්වන ස්ථානයට පත්ව ඇත.
මෙතෙක් එක්දින ශ්‍රේණිගත කිරීමෙහි 8වන ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම තවත් පහළට වැටෙමින් 9 වන ස්ථානය දක්වා පසුබැස ඇත.
විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීමෙහි එංගලන්ත කණ්ඩායම තවදුරටත් පළමු ස්ථානයේම රැඳී සිටීන අතර ඉන්දියාව දෙවෙනි ස්ථානයේ හා නවසීලන්තය තුවන ස්ථානයේ රඳී සිටියි. නවසීලන්තය කණ්ඩායම තුන්වන ස්ථානය දක්වා පැමිණ ඇත්තේ 5වන ස්ථානයේ සිටයි. ඇෆ්ගනිස්තානය එහි 7 වන ස්ථානය හිමිකර ගනිද්දී ශ්‍රී ලංකාව හිමි වී ඇත්තේ 8වන ස්ථානයයි.
නවතම ශ්‍රේණිගත කිරීමට අනුව.
ටෙස්ට් –
1) ඉන්දියාව
2) නවසීලන්තය
3) ඕස්ට්‍රේලියාව
4) එංගලන්තය
5) පකිස්ථානය
6) දකුණු අප්‍රිකාව
7) ශ්‍රී ලංකාව
8) බටහිර ඉන්දීය කොදෙව්
9) බංගලාදේශය
එක්දින –
1) නවසීලන්තය
2) ඕස්ට්‍රේලියාව
3) ඉන්දියාව
4) එංගලන්තය
5) දකුණු අප්‍රිකාව
6) පකිස්ථානය
7) බංගලාදේශය
8) බටහිර ඉන්දීය කොදෙව්
9) ශ්‍රී ලංකාව
විස්සයි විස්ස (T20I)
1) එංගලන්තය
2) ඉන්දියාව
3) නවසීලන්තය
4) පකිස්ථානය
5) ඕස්ට්‍රේලියාව
6) දකුණු අප්‍රිකාව
7) ඇෆ්ගනිස්තානය
8) ශ්‍රී ලංකාව
9) බංගලාදේශය