ශ්‍රී ලංකාව පරදා, දෙවන එක්දින තරඟය සිම්බාබ්වේ කණ්ඩායම ජයග්‍රහණය කරයි.
(වීඩියෝ එක පහළින් නැරඹිය හැක) ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලියේ දෙවන තරඟය ලෙස අද (18) පැවතී තරඟයෙන් ලකුණු 22 විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම පලමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, පලමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 302ක් ලබාගැනීමට සමත් විය.
සිම්බාබ්වේ ඉනිම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායක Craig Ervine පන්දු 98කදී හතරේ පහර 10ක් සමඟින් ලකුණු 91ක් ලබාගැනීමට සමත් විය.
ඊට අමතරව, Sean Williams පන්දු 56කදී ලකුණු 48ක් හා ආරම්භක පිතිකරු Regis Chakabva පන්දු 50කදී ලකුණු 47ක් ලබාගත් අතර, ඉනිම අවසානයේදී Sikandar Raza පන්දු 46කදී හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමඟින් වේගවත් ලකුණු 56ක් ලබාගැනීමට සමත් විය.
පන්දු යැවීමේදී ජෙෆ්රි වැන්ඩසේ සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් පන්දුවාර 9ක් අවසානයේදී ලකුණු 51කට කඩුලු 3ක් දවාගත් අතර, නුවන් ප්‍රදීප් ලකුණු 74ට කඩුලු 2ක් ද, මහීශ් තීක්ශණ හා චාමික කරුණාරත්න එක් කඩුල්ල බැඟින්ද දවාගැනීමට සමත් විය.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 280ක් පමණයි.
එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායක දසුන් ශානක පන්දු 94කදී හතරේ පහර 7ක් හා හයේ පහර 4ක් සමඟින් ලකුණු 102ක් ලබාගැනීමට සමත් විය. දසුන් ශානක අද දින ලබාගත්තේ ඔහුගේ ජාත්‍යන්තර එක්දින පිටියේ පලමු එක්දින ශතකයයි.
ඊට අමතරව, දසුන් ශානකට අනඟි සහයක් ලබාදු කමිඳු මෙන්ඩිස් පන්දු 82කදී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 57ක් ලබාගත් අතර, තුන්ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න පන්දු 38කදී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 34ක් ලබාගැනීමට සමත් විය.
සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙ පන්දු යැවීමේදී Tendai Chatara හා Blessing Muzarabani කඩුලු 3 බැඟින් දවාගත් අතර, Wessley Madhevere එක් කඩුල්ල බැඟින් දවාගැනීමට සමත් විය.
ඒ අනුව, තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලියේ දෙවන තරඟය ලකුණු 22කින් ජයග්‍රහණය කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වූ අතර, තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට හැකි වූයේ පන්දු 98කදී ලකුණු 91ක් ලබාගත් නායක Craig Eravine වේ.
ජෙෆ්රි වැන්ඩසේගේ පන්දුවක් හමුවේ, Chakabva දැවී ගිය ආකාරය, (වීඩියෝ මෙන්න)
— cric fun (@cric12222) January 18, 2022