ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර විස්සයි විස්ස තරඟාවලිය අතහැර දමයි ද?
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරඟ තුනකින් යුත් විස්සයි විස්ස තරඟාවලියේ දෙවන තරඟය ඊයේ (27) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ අතර ඊයේ උදේ ක්‍රීඩකයින්ගේ කළ PCR පරීක්ශනයේදී ඉන්දීය ක්‍රීඩක කුර්නාල් පාන්ඩ්‍යා කොවිඩ් 19 ආසාදිතයෙක් බව හදුනාගත් අතර පැවැත්වීමට නියමිතව තිබූ දෙවන විස්සයි විස්ස තරඟය අද (28) දිනට කල් දැමීමට තීරණය කරුනු ලැබුවා.
ඉන් අනතරුව කළ පරීක්ශනයේදී කුර්නාල් පාන්ඩ්‍යාගේ ආශිතයින් ලෙස ඉන්දීය ක්‍රීඩකයින් 8 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඔවුන්ගේ කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ශන වලදී ඔවුන් 8 දෙනා ආසාදිතයින් නොවන බවට තහවුරු වුණා.
අනතුරුව ඉදිරි තරග දෙක පැවැත්වීම පිළිබදව දෙරටේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරින් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් වාර්තා වනවා. කුර්නාල් පාණ්ඩ්‍යො ගේ ආශ්‍රීතයන් වන ශිකර් ධවාන්, හාර්දික් පාණ්ඩ්‍යො,පෘථිවි ෂෝ, සුර්යකුමාර් යාදෙව්, ඉෂාන් කිෂන් , මනිෂ් පාණ්ඩේ, කේ ගෞතම් හා යුෂ්වේන්ද්‍ර චාහල් යන ක්‍රීඩකයින් 8 දෙනාට ඉදිරි තරග දෙක ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් නැති බවට සඳහන් වී තිබුණා.
කුර්නාල් පාන්ඩ්‍යාගේ ආශිතයින් නොවූ ඉන්දීය සංචිතයේ සෙසු ක්‍රීඩකයින්ගේ ද කළ රැපිඩ් ඇන්ටිජන් පරීෂාවන්ගේ ප්‍රතිඵල ද නෙගටිව් (Negative) වී තිබෙනවා.
ඒ අනුව තරඟාවලිය නවතා දැමීමට තවමත් තීරණය කළ නොමැති අතර දෙවන විස්සයි විස්ස තරඟය නියමිත පරිදි අද රාත්‍රී 8ට පැවැත්වීමට නියමිතව ඇති බව සඳහන් වේ.
