ශ්‍රී ලංකාව හා ඕමානය අතර විස්සයි විස්ස තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට – (වීඩියෝ නරඹන්න)

ශ්‍රී ලංකාව හා ඕමානය අතර දෙවන විස්සයි විස්ස තරඟයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක් හිමිවූ අතර තරඟාවලිය 2/0ක් ලෙස ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීමට සමත් විය.

 

 

දෙවනි විස්සයි විස්ස තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානකගේ ආරාධනයෙන් පලමුව පන්දුවට පහර දුන් ඕමානය නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 159ක් ලබා ගැනීමට සමත් විය. ඕමාන් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ Aqib Ilayas පන්දු 38කදී හතරේ පහර 3ක් හා හයේ පහර 4ක් සමඟින් ලකුණු 59 සමත් වූ අතර, Kashyap Prajapati පන්දු 19කදී ලකුණු 22ක් හා Ayaam Khan පන්දු 26කදී ලකුණු 20ක් ද ලබාගැනීමට සමත් විය.

 

 

පන්දු යැවීමේදී වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් පන්දුවාර 4 තුළදී ලකුණු 20ක් පමණක් ලබා දී කඩුලු 2ක් ලබාගැනීමට සමත් විය. ඊට අමතරව චාමික කරුණාරත්න පන්දුවාර 4 අවසානයේදී ලකුණු 39කට කඩුලු 2ක් ද, බිනුර ප්‍රනාන්දු , මහීශ් තීක්ශණ හා දසුන් ශානක ද එක් කඩුල්ල බැඟින් දවා ගැනීමට සමත් විය.

 

 

ලකුණු 160ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17.3 කදී කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත්විය. විටෙක ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 5ක් ලකුණු 89ක් තුළ බිඳ වැටී අසීරු තත්වයකට ඇද වැටුනත්, ඉන් අනතුරුව භානුක රාජපක්ෂ සමඟින් එක් වූ චාමික කරුණාරත්න නොබිඳුනු ලකුණු  74ක සබධතාවයක් සමඟින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙන ගියා.

 

 

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ පන්දු 21කදී හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 35ක් ලබාගත් අතර , චාමික කරුණාරත්න පන්දු 26කදී හයේ පහරවල් 3ක් සමඟින් නොදැවී ලකුණු 35ක් ලබාගැනීමට සමත් විය. ඊට අමතරව අවිශ්ක ප්‍රනාන්දු පන්දු 18කදී හයේ පහරවල් 3ක් සමඟින් ලකුණු 33ක් ද, පැතුම් නිස්සංක පන්දු 29කදී ලකුණු 26ක් ද රැස් කිරීමට සමත් විය.

 

 

ඒ අනුව දෙවන විස්සයි විස්ස තරඟය කඩුලු 5ක ජයක් වාර්ථා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

 

තරඟයේ විශේෂ අවස්ථාවන් වල වීඩියෝ පහළින් නරඹන්න.

 

බිනුර ප්‍රනාන්දු ලබාගත් කඩුල්ල හා කඩුල්ල ලබාගැනීමෙන් අනතුරුව කල නර්ථනය.

 

 

බිනුර ප්‍රනාන්දු උඩු ගුවනේ පාවෙමින් රැක ගත් විශිෂ්ට උඩපන්දුව

 

 

චාමික කරුණාරත්න ලබා ගත් කඩුලු දෙක පහළින්.

 

 

ලහිරු කුමාරගේ යෝකර් පන්දුවෙන් දවා ගත් කඩුලු දෙක.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *