ශ්‍රී ලංකාව හා ඕමානය අතර විස්සයි විස්ස තරඟාවලියේ විකාශන අයිතිය දේශීය නාළිකාවක් විසින් ලබාගනී.
2021 විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාව, ඕමානය සමඟ විස්සයි විස්ස තරඟ දෙකක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර තරඟාවලිය ඔක්තෝබර් මස 7 වන දින ආරම්භ වීමට නියමිතයි.
මෙම තරඟාවලිය සඳහා විකාශනය අයිතිය දේශීය නාළිකාවක් විසින් ලබාගෙන ඇති බව අද (5) දින නිවේදනය කළ අතර එම නාළිකාව වන්නේ “Supreme TV” නම් නාළිකාවයි.
මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟ විකාශනය කළ සියත ටීවි හා චැනල් අයි නාළිකා ඔස්සේ මෙවර තරඟාවලිය විකාශනය නොවන අතර ඔබට Supreme TV නම් නාලිකාව ඔස්සේ ඔක්තෝබර් 7 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා – ඕමානය අතර විස්සයි විස්ස තරඟාවලිය සජීවීව නැරඹීමේ අවස්ථාව උදාවේ.
ඊට අමතරව Dialog Tv හා Peo TV පාරිභෝගිකයින් හට නාළිකා දෙක බැඟින් ලබා දී ඇති අතර එම නාළිකා දෙක වන්නේ TEN CRICKET හා Sony TEN 2 යන නාළිකා දෙකයි.
ඩයලොග් Tv
TEN CRICKET – Channel No – 69
Sony TEN 2 – Channel No – 70
PEO TV
TEN CRICKET – Channel No – 44
Sony TEN 2 – Channel No – 45
මීට අමතරව ඔබට යූටියුබ් නාළිකා හා ෆේස්බුක් හරහා සජීවී තරඟ නැරඹීමට හැකියාව ඇති අතර හරි TV යූටියුබ් නාලිකාව ඔස්සේ ඔබට තරඟාවලිය සජීවීව නැරඹීමට අවස්ථාව හිමිවෙනු ඇත.
ශ්‍රී ලංකාව හා ඕමානය අතර තරඟ කාල සටහන.
• පලමු විස්සයි විස්ස තරඟය – ඔක්තෝබර් 7 – 4.00PM
• දෙවන විස්සයි විස්ස තරඟය – ඔක්තෝබර් 9 – 8.00PM
තරඟාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පැවසූ දේ මෙතනින් බලන්න. (Click)
ඕමානයට එරෙහිව හා විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය මෙතනින් බලන්න.