ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර තරඟාලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි.

අයි.සී.සී ලෝක කුසලාන සුපර් ලීග් තරඟාවලියට අයත් එක්දින තරඟ 3කින් හා විස්සයි විස්ස තරඟ 3කින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකාව අතර තරඟාවලිය සැත්තැම්බර් මස 2 වන දින ආරම්භ වීමට නියමිත අතර ඒ සඳහා ක්‍රීඩකයින් 22 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.


තරඟාවලියට අදාලව පසු ගිය සතියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 30 දෙනෙකුගෙන් සමන්විත මූලික සංචිතයක් නම් කර පුහුණුවීම් ආරම්භ කළ අතර මූලික සංචිතයේ සිටි ක්‍රීඩකයින් 8 දෙනෙකුට තරඟාවලිය අහිමි වී තිබෙනවා.


ඒ අනුව මූලික සංචිතයේ සිටි ලක්ශාන් සඳකැන්, දනන්ජය ලක්ශාන්, ඩිල්ශාන් මධුසංක, සහන් ආරච්චි, අසිත ප්‍රනාන්දු, ඉශාන් ජයරත්න, අශේන් බන්ඩාර, ශිරාන් ප්‍රනාන්දු යන ක්‍රීඩකයින්ට දකුණු අප්‍රිකාවට එරෙහිව මෙම තරඟාවලිය අහිමි වී තිබෙනවා.


ඡේෂ්ඨ ක්‍රීඩක දිනේශ් චන්දිමාල් ද , බිනුර ප්‍රනාන්දු, ලහිරු මධුසංක, කමිඳු මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක් වීමට අවස්ථාව ලැබී ඇති අතර නවක ක්‍රීඩකයින් වන පුලින තරංග හා මහේශ් තීක්ෂණට ද ශ්‍රී ලංකා සංචිතයේ අවස්ථාවක් ලැබී තිබෙනවා.  මෙවර තරඟාවලියේ ද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට ලැබී තිබෙනවා.


ඊට අමතරව ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා හට ආබාධ තත්වයක් හේතුවෙන් එක්දින තරඟාවලිය අහිම් වී තිබෙන අතර, දකුණු අප්‍රිකාවට එරෙහි විස්සයි විස්ස තරඟාවලිය සඳහා ක්‍රීඩා කිරීමට හැකියාව ඇති බවට වාර්ථා වෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකාව අතර තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 22 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය.

1. දසුන් ශානක – නායක


2. දිනේශ් චන්දිමාල්


3. කුසල් ජනිත් පෙරේරා – විස්සයි විස්ස සඳහා පමණි


4. අවිශ්ක ප්‍රනාන්දු


5. බානුක රාජපක්ෂ


6. දනන්ජය ද සිල්වා


7. පැතුම් නිස්සංක


8. චරිත් අසලංක


9. කමිඳු මෙන්ඩිස්


10. මිනෝද් බානුක

11. වනිඳු හසරංග


12. චාමික කරුණාරත්න


13. ලහිරු මධුසංක


14. දුශ්මන්ත චමීර


15. බිනුර ප්‍රනාන්දු


16. නුවන් ප්‍රදීප්


17. ලහිරු කුමාර


18. අකිල ධනංජය


19. ප්‍රවීන් ජයවික්‍රම


20. මහේශ් තීක්ෂණ


21. පුලින තරංග


22. රමේශ් මෙන්ඩිස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *