ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර තරඟාවලියේ විකාශනය අයිතිය දේශීය නාළිකාවක් විසින් ලබා ගනී.
ICC Cricket World Cup Super Leage තරගාවලියට අයත් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 3 කින් සහ T20 ජාත්‍යන්තර තරග 3 කින් සහ සමන්විතව සැප්තැම්බර් 2 වැනිදා සිට සැප්තැම්බර් 14 වැනිදා දක්වා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වීමට නියමිතව ඇත.
මෙම තරඟාවලියේ විකාශන අයිතිය දේශීය නාළිකාවක් විසින් ලබාගෙන ඇති අතර එම අයිතිය ලබාගෙන ඇත්තේ නිමා වූ ඉන්දීය තරඟාවලිය විකාශනය වූ Voice Of Asia (VOA) මාධ්‍ය ජාලයේ “සියත TV” නාලිකාව විසිනි.
ඒ අනුව ඔබට සියත TV නාලිකාව ඔස්සේ සැප්තැම්බර් 2 වැනිදා සිට දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සජීවීව නැරඹීමේ අවස්ථාව උදාවේ.
ඊට අමතරව Dialog Tv හා Peo TV පාරිභෝගිකයින් හට නාළිකා දෙක බැඟින් ලබා දී ඇති අතර එම නාළිකා දෙක වන්නේ TEN CRICKET හා Sony TEN 2 යන නාළිකා දෙකයි.
ඩයලොග් Tv
TEN CRICKET – Channel No – 69
Sony TEN 2 – Channel No – 70
PEO TV
TEN CRICKET – Channel No – 44
Sony TEN 2 – Channel No – 45
මෙවර තරඟාවලිය ද Dialog VIU හා SONY LIV ඔස්සේ ද නැරඹීමට අවස්ථාව ඔබය ලැබෙනු ඇත.
සියලුම තරග කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර තරගාවලියේ කාලසටහන ශ්‍රී ලංකා වේලාවෙන් මෙසේය.
පලමු එක්දින තරඟය – සැත්තැම්බර් 02 – 3.00PM
දෙවන එක්දින තරඟය – සැත්තැම්බර් 04 – 3.00PM
තුන්වන එක්දින තරඟය – සැත්තැම්බර් 07 – 3.00PM

පලමු විස්සයි විස්ස තරඟය – සැත්තැම්බර් 10 – 8.00PM
දෙවන විස්සයි විස්ස තරඟය – සැත්තැම්බර් 12 – 8.00PM
තුන්වන විස්සයි විස්ස තරඟය – සැත්තැම්බර් 14 – 8.00PM

තරඟාවලිය සඳහා ක්රීඩකයින් 22 දෙනෙකුගෙන් යුත් ශ්රී ලංකා සංචිතය මෙතනින් බලන්න (click)