ශ්‍රී ලංකාව හා නැමීබියාව අතර තරඟයෙන් විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙයි.

7වන විස්සයි විස්ස තරඟාවලියේ අද (18) පලමු තරඟය ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම නැමීබියාව එරෙහිව කඩුලු 7ක විශිෂ්ට ජයක් ලබාගැනීමට සමත් වුණා.(වීඩියෝ පහළින් නැරඹිය හැක)

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පලමුව පන්දු යැවීමට තීරණය කර අතර, පලමුව පන්දුවට පහරදුන් නැම්බියා කණ්ඩායමට පන්දුවාර 19.3ක් අවසානයේදී සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 96ක් පමණයි.

 

 

නැමීබියා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Craig Williams පන්දු 36කදී ලකුණු 29ක් ලබාගත් අතර, නායක Gerhard Erasmus පන්දු 19කදී ලකුණු 20ක් ලබාගැනීමට සමත් විය.

 

 

පන්දු යැවීමේදී මහීශ් තීක්ශණ සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් පන්දුවාර 4 අවසානයේදී ලකුණු 25කට කඩුලු 3ක් ලබාගැනීමට සමත් වූ අතර වනිඳු හසරංග ලකුණු 24කට කඩුලු 2ක් හා ලහිරු කුමාර ද ලකුණු 9කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය. ඊට අමතරව චාමික කරුණාරත්න හා දුශ්මන්ත චමීර අතරේද එක් කඩුල්ල බැඟින් බෙදී ගියා. (දුශ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ දසුන් ශානක රැක ගත් සුපිරි උඩපන්දුවේ වීඩියෝව පහළින් නැරඹිය හැක)

 

 

ලකුණු 97ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 13.3ක් අවසානයේදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 100ක් ලබාගනිමින් තරඟය ජයග්‍රහණය කිරීමට සමත් විය.

 

එහිදී විශිෂ්ට ජයක් ක්‍රීඩා කළ අවිශ්ක ප්‍රනාන්දු පන්දු 28කදී  හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 30ක් ලබාගැනීමට සමත් වූ අතර බානුක රාජපක්ෂ පන්දු 27කදී හතරේ පහර 4ක් හා  හයේ පහර 2ක් සමඟින් ලකුණු නොදැවී 42ක් ලබාගැනීමට සමත් විය.

 

 

ඒ අනුව තරඟය කඩුලු 7කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත් වූයේ කඩුලු 3ක් දවාගත් මහීශ් තීක්ශණ වේ.

 

 

දසුන් ශානක ලබාගත් සුපිරි උඩපන්දුව

 

 

වනිඳු හසරංග ලබාගත් කඩුලු දෙක

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *