ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර පුහුණු තරඟයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්.

විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකාවට, බංගලාදේශය හා පැපුවානිව්ගිනියාව සමඟ පෙර පුහුණු තරඟ දෙකක් ලැබී ඇති අතර අද (12) බංගලාදේශයට එරෙහිව පැවතී පලමු පුහුණු තරඟයෙන් කඩුලු 4ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

 

 

තරඟයේ පලමුව පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 147 ක් ලබාගැනීමට සමත් විය. බංගලාදේශ ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Soumya Sarkar පන්දු 26කදී ලකුණු 34 ක් රැස් කිරීමට සමත් වූ අතර Naim Sheikh පන්දු 14කදී ලකුණු 16ක් රැස් කිරීමට සමත් විය.

 

 

•  Linton Das – 11 (19)
•  Naim Sheikh – 16 (14)
•  Mushfiqur Rahim – 13 (13)
•  Affif Hossain – 11 (11)
•  Soumya Sarkar – 34 (26)

 

•  Shamim Hossain – 5 (8)
•  Nurul Hasan – 15 (14)
• Mehedi Hasan – 16* (12)
•  Taskin Ahmed – 4* (4)

 

 

පන්දු යැවීමේදී දුශ්මන්ත චමීර විශිෂ්ට පන්දු යැවීමේදී නිරත වූ අතර ඔහු විසින් පන්දුවාර 4 අවසානයේදී ලකුණු 27කට කඩුලු 3ක් දවාගැනීමට සමත් විය.

 

 

• Dushmantha Chameera – 27/3
•  Maheesh Theekshana – 31/1
•  Dasun Shanaka – 17/1
•  Lahiru Kumara – 24/1
•  Wanindu Hasaranga – 24/1

 

ලකුණු 148ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය.

 

 

ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු ඉතා අඩු ලකුණු සංඛ්‍යාකට දැවීයාම හේතුවෙන් තරඟය බංගලාදේශ කණ්ඩායම දෙස හැරී තිබුනත්, අවසානයේදී අවිශ්ක ප්‍රනාන්දු හා චාමික කරුණාරත්න දෙදෙනා එක්ව නොබිඳුනු සබඳතාවක් එක්කරමින් ජයග්‍රාහී ලකුණු සීමාව පසුකර යෑමට සමත්විය. එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අවිශ්ක ප්‍රනාන්දු අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් විය.

 

 

කුසල් ජනිත් පෙරේරා – 4 (8)
පැතුම් නිස්සංක – 15 (12) 6*2
දිනේශ් චන්දිමාල් – 13 (15)
අවිශ්ක ප්‍රනාන්දු – 62* (42) 4*2 | 6*3

 

බානුක රාජපක්ෂ – 0 (2)
වනිඳු හසරංග – 7 (5) Run Out
දසුන් ශානක – 7 (6)
චාමික කරුණාරත්න – 29* (16) 6*1

 

 

දසුන් ශානක විසින්, මුශ්ෆිකර් රහීම්ව දවාගත් ආකාරය. (Click)

1)

 

 

2)

 

 

3)

 

 

4)

 

 

5)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *