ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ටෙස්ට් තරඟාවලියේ සජීවීව නැරඹීමට හැකි ආකාර
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරඟ 2කින් යුත් ටෙස්ට් තරඟාවලිය නොවැම්බර් මස 21ක් වන දින ආරම්භ වීමට නියමිත අතර තරඟ දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතයි.
මෙම් තරඟාවලියේ විකාශන අයිතිය දේශීය රූපවාහිනී නාලිකාවක් විසින් ලබාගෙන ඇති අතර එම නාළිකාව වනුයේ Voice Of Asia මාධ්‍ය ජාලයේ “සියත TV” නාළිකාව යි. කෙසේ නමුත් මීට පෙර තරඟාවලි විකාශනය වූ Channel Eye නාලිකාව ඔස්සේ මෙවර ටෙස්ට් තරඟාවලිය විකාශනය නොවේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ඔබට, සියත TV ඔස්සේ සම්පූර්ණ ටෙස්ට් තරඟාවලියම සජීවීව නැරඹීමට හැකියාව ඇති අතර තරඟ ශ්‍රී ලංකාවේ වේලාවෙන් 10.30am ට ආරම්භ වේ.
ඩයලොග් ටීවී හා පියෝ ටීවී පාරිභෝගිකයින් හට ද මෙම තරඟාවලිය නැරඹීම සඳහා නාළිකා දෙකක් ලැබී ඇති අතර එම නාළිකා දෙක වන්නේ Sony six හා TEN Cricket යන නාළිකා වේ.
Dialog Tv පාරිභෝගිකයින් සඳහා,
• Sony Six – Channel Number 76
• TEN Cricket – Channel Number 69
පියෝටීවී පාරිභෝගිකයින් සඳහා,
• Sony Six – Channel Number – 37
• TEN Cricket – Channel Number – 44
ඊට අමතරව SRI LANKA CRICKET Youtube නාළිකාව ඔස්සේද තරඟාවලිය සජීවීව විකාශනය වන බව Sri Lanka Cricket Facebook පිටුවේ සඳහන් කර ඇත.
දෙරට අතර මේ වන විට ටෙස්ට් තරඟ 22ක් පවත්වා ඇති අතර ඉන් තරඟ 9ක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව ද, තරඟ 4ක් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ද ජයග්‍රහණය කිරීමට සමත් වී ඇත. තරඟ 9ක් නිමාවී ඇත්තේ ජය-පරාජයෙන් තොරවයි.
තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේ කාල සටහන
• පලමු ටෙස්ට් තරඟය – නොවැම්බර් 21 – නොවැම්බර් 25 – Galle International Cricket Stadium
• දෙවන ටෙස්ට් තරඟය – නොවැම්බර් 29 – දෙසැම්බර් 03 – Galle International Cricket Stadium