ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පලමු ටෙස්ට් තරඟය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි.

හෙට (21) ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පලමු ටෙස්ට් තරඟය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නායක දිමුත් කරුණාරත්න විසින් නම් කරනු ලැබූවා.

 

ඔහු විසින් නම් කරන ලද කණ්ඩායමට, ඡේෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් , දිනේශ් චන්දිමාල් හා සුරංග ලක්මාල් ඇතුළත් වී තිබෙන අතර, නිරෝශන් දික්වැල්ල ක්‍රීඩා කළ අංක 7 ස්ථානයට රමේශ් මෙන්ඩිස් ඇතුලත් වී තිබෙනවා.

 

ඔහු විසින් නම් කළ කණ්ඩායමේ පිතිකරුවන්ගෙන් දිමුත් කරුණාරත්න පමණක් වමතින් පන්දුවට පහර දෙන අතර අන් සියලුම පිතිකරුවන් දකුණතින් පන්දුවට පහර දෙන ක්‍රීඩකයින් වේ.

ආබාධ තත්වයක් හේතුවෙන් ටෙස්ට් කණ්ඩායමෙන් ඉවත්වී සිටි ලසිත් ඇඹුල්දෙණිය පූර්ණ සුවය ලබා නැවතත් කණ්ඩායමට එක්වී ඇති අතර, පලමු ටෙස්ට් තරඟයේදීම දස්කම් අතරට පැමිණීමට සමත් වූ ප්‍රවීන් ජයවික්‍රම ද මෙම කණ්ඩායමට ඇතුළත්.

 

කෙසේ නමුත්, නායක දිමුත් කරුණාරත්න විසින් නම් කළ 11 දෙනා අතරට, යොවුන් ක්‍රීඩක චරිත් අසලංක ඇතුළත් නොවන අතර, තුන්ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ද ඇතුළත් වී නොමැත.

 

ඒ අනුව, දිමුත් කරුණාරත්න පැවසු ආකාරයට පලමු ටෙස්ට් තරඟය ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම වන්නේ,

01) දිමුත් කරුණාරත්න ( නායක )

02) පැතුම් නිශ්ශංක

03) ඕෂධ ප්‍රනාන්දු

 

 

04) ධනංජය ද සිල්වා

05) ඇන්ජලෝ මැතිව්ස්

06) දිනේෂ් චන්දිමාල්

 

 

07) රමේෂ් මෙන්ඩිස්

08) සුරංග ලක්මාල්

09) දුෂ්මන්ත චමීර

10) ලසිත් ඇඹුල්දෙණිය

11) ප්‍රවීන් ජයවික්‍රම

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *